පොඩිත්තන්ට ආහාරයට සුදුසු “දියබත්.”

දියබත් කියන්නේ බොහෝ කාලයක් පුරා ඉතා ගුණදායක ආහාරයක් බවට අපි පිළිගන්න ආහාරයක්. ඉතින් මේ දියබත පොඩිත්තන්ට හොඳ විදිය තමයි මේ.
අවශ්‍ය දේවල්:
  • රැයක් වතුරේ දමා ගත් බත් කෝප්ප 2ක්
  • උකු පොල් කිරි කෝප්පයක්
  • හකුරු කෝප්ප කාලක්
  • ඉදුණු කෝලිකුට්ටු කෙසෙල් ගෙඩි 4 ක්
  • ලුණු
  • දෙහි යුශ බිංදු 2-3 ක්

සකස් කරන ආකාරය-

  • පෙරදා උයාගත් රතු කැකුළු හෝ සුදු කැකුළු කෝප්ප 2ක් ගෙන ඒ බත් ඇට හොඳට වෙන් වෙන්වෙන්න හැඳි ගා, බත් ටික වැහෙන්න වතුර දාලා තියාගන්න
  • පසුදා බත් එකේ වතුර පෙරා බත් ටික භාජනයකට දාගන්න.
  • හකුරු සිහින්ව ලියා ගන්න.
  • ඉදුණු කෝලිකුට්ටු කෙසෙල් රවුමට හීනි පෙති කපා ගන්න.
  • බත් වලට උකු පොල් කිරි, කෙසෙල්, හකුරු දමා කලවම් කරගන්න.
  • අවසානයට ලුණු සහ දෙහි යුෂ එකතු කරන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles