පිග්මන්ටේෂන් ගැන දැන ගනිමු..

මොනවද මේ පිග්මන්ටේෂන්?

පිග්මන්ටේෂන් කියන්නේ සම මත ඇති දුඹුරු හෝ කලු පැහැති ලප වර්ගයකට..

පිග්මන්ටේෂන් ඇති වීමට හේතු

  • මෙලනින් වර්ණකය සමේ තැනින් තැන එක් රැස් වීම මඟින් පිග්මන්ටේෂන් ඇති විය හැකියි.
  • සම අධික හිරු එලියට නිරාවරණය වීමෙන්. – UV කිරණ හෙවත් පාරජම්බුල කිරණ වල බලපෑම මඟින් මේවා ඇති විය හැකියි.
  • ගර්භනී සමයේ ඇති වන සංකූලතා නිසා. – ගර්භනී සමයේ ඇති වන මෙම ලප දරුවා බිහි වීමෙන් පසු නැති වී යයි.
  • ජානවල බලපෑමක් හෝ හෝමෝනවල බලපෑමක් නිසා.
  • බ්ලීචින්ග් සහිත ක්‍රීම් වර්ග ආලේප කිරීම නිසා.
  • උපත්පාලන පෙති භාවිතා කිරීම නිසා.
  • රසායනික ද්‍රව්‍ය සහිත, ප්‍රමිතියෙන් තොර වර්ණක හිස කෙස් වර්ණ ගැන්වීමට යොදා ගැනීම නිසා.
  • යම් රෝගයක් වෙනුවෙන් ලබා ගත් බෙහෙතක අතුරු ඵලයක් නිසා.
  • වයස්ගත වීමත් සමඟ මුහුණේ ඇති මැරුණු සෛල සහ මෙලනින් වර්ණකය එකට එක් වීම නිසා.

මෙම තත්වය සඳහා ඇති විසඳුම්

  • අව්වට යාමට පෙර සන් ක්‍රීම් ආලේප කිරීම.
  • හිස කෙස් වර්ණක සහ ක්‍රීම් වර්ග තෝරා ගැනීමේදී වෛද්‍යවරයෙකුගේ උපකාර ලබා ගැනීම.
  • මාසයකට වතාවක් ෆේස් මසාජ් එකක් සිදු කර ගැනීම. – ෆේස් මසාජ් හරහා රුධීර නාළිකා උත්තේජනය වීමෙන් මෙම තත්වය මඳක් දුරට සමනය කර ගන්න පුළුවන්.
  • රුපලාවන්‍ය ශිල්පියෙකුගේ උපදෙස් මත සුදුසු ෆේස් පැක් එකක් භාවිතා කිරීම. – ෆේස් පැක් ස්වභාවික ද්‍රව්‍ය වලින් සකසා ගැනීම වඩාත් සුදුසු වේ.
  • සතියෙන් හෝ සති දෙකෙන් සුදු වන බව සහතික කරන ක්‍රීම් වර්ග වල රසදිය අඩංගු විය හැකි නිසා ඒවා භාවිතා නොකරන්න.
  • පිග්මන්ටේෂන් සඳහා වෙන් කළ ක්‍රීම් වර්ග මිලදී ගෙන ආලේප කරන්න.
  • සුදුසු නයිට් ක්‍රීම් එකක් මිලදී ගෙන ආලේප කරන්න.
  • මයික්‍රෝ කරන්ට් ට්‍රීට්මන්ට් ප්‍රතිකාර ක්‍රමය සිදු කර ගන්න. මෙම ප්‍රතිකාර ක්‍රමය රූපලවන්‍යාගාර හරහා සිදු කර ගත හැක.
  • මුහුණ පිරිසිඳු කිරීමෙන් පසු ටෝනර් ගැල්වීමට පුරුදු වන්න.
  • එළවලු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගන්න. හැකි තරම් වතුර බොන්න.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles