බෙඩ් ටයිම් ස්ටෝරි -19

0
711

බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි ..

කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.

අන්දරේගෙ කතා.

ඔයාල දන්නවා අන්දරේ ඕනම ප්‍රශ්නයකින් ගැලවිලා යන්න හරිම දක්ෂයා කියල.ඔන්න ඉතින් රජ්ජුරු හිතුවා අන්දරේව පොඩ්ඩක් අමාරුවේ වැටෙන වැඩක් කරන්න .රජ්ජුරුවෝ දිවා භෝජනය වළඳන වෙලාවෙදි අන්දරේටත් රජ්ජුරුවොත් එක්ක කෑම කන්න ආරාධනා කළා .ලෝකෙ තියෙන රසම කෑම තමයි රජ්ජුරුවන්ගෙ රජ්ජුරුවන්ගෙ මෙසේ තිබුණේ .ඉතින් අන්දරේ කෑවා කෑවා කෑවා .බඩ පිම්බිලා පිම්බිලා ලොකු වෙනකම්ම කෑවා. රජ්ජුරුවෝ ඇහුවා කොහොමද අන්දරේ  තව කන්න පුලුවන්ද?අන්දරේ කිව්වා අනේ රජ තුමනි  තව නම් කිසිම ඉඩක් නෑ කිසිම දෙයක් කන්න බෑ කියලා.රජ්ජුරුවන්ට හිත යටින් හිනා. රජ්ජුරුවෝ  එයාගෙ සේවකයන්ට කිව්වා කිරි යි පැණි යි මේසෙට ගේන්න කියලා.රසම රස කිරි පැණි දැක්කම අන්දරේ ඉක්මනින්ම කිරි පැණි බෙදාගෙන කෑවා .ඔන්න දැන් රජ්ජුරුවන්ගේ අවස්ථාව .මොකද අන්දරේ රජ්ජුරුවන්ට කිව්වනේ බඩේ ඉඩ නැහැ කියලා .බොරු කිව්ව හේතුවට නිදහසට කරුණු විමසුවා .අන්දරේ කිව්වා එයාට එයාගෙ  නිර්දෝෂී බව ඔප්පු කරන්න අවස්ථාව දෙන්න කියලා.රජ්ජුරුවෝ එකඟ වුණා.අන්දරේ කුඩා කාමරයකට ඒක පිරෙන්නම මිනිසුන්ව දැම්මා.ඇතුලට කිසිම කෙනෙකුට තව යන්න බැහැ .ඊට පස්සේ අන්දරේ රජ්ජුරුවන්ට කිව්වා කාමරේට ඇතුල් වෙන්න .රජ්ජුරුවෝ කාමරේට ඇතුල් වුණු ගමන්ම මිනිසුන් පුළුවන් පුළුවන් තරම් ඈත් වෙලා ඉඩ දුන්නා .තව කීප දෙනෙකුටම ඉඩ හැදුනා.ඔන්න අන්දරේ පැහැදිලි කරන්න පටන් ගත්තා.බත් කාල ඉවර වෙලා ඉවර වෙලා කිසිම දෙයක් කන්න බැරුව ඉන්නකොට කිරිපැණි දැක්කම වෙන්නේ මේකම තමයි රජතුමනි.ඔන්න මේ පාරත් අන්දරේ දිනුවා.

චම්මි.