අලුත් අලුත් කෑම වර්ග වල රස බලන්න අපි හරිම ආසයි. ඉතින් මේ ආහාරය විශේෂ අවස්තාවකට කදිමට ගැලපෙනවා.
අවශ්‍ය දේවල්
- සෝයා මීට් ග්‍රෑම් 150
- ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්
- මිරිස් කුඩු තේ හැඳි දෙකක්
- ලොකු ළූනු ග්‍රෑම් 50
- කෑලි මිරිස් තේ හැඳි දෙකක්
- ඉඟුරු සුදු ළූණු අඹරා මේස හැඳි දෙකක්
පිටි ග්‍රෑම් 25ක් - බෙල්පෙපර් රතු කහ ග්‍රෑම් 50 බැගින්
- තක්කාලි සෝස් මේස හැඳි තුනක්
- සෝයා සෝස් මේස හැඳි තුනක්
- එළවළු තෙල් මේස හැඳි හතරක්
- බිත්තර එකක්
- සීනි තේ හැඳි එකක්
- කොත්තමල්ලි කොළ තේ හැඳි දෙකක්
සාදන ආකාරය
- සෝයා උණුවතුරට දමා ටික වේලාවක් තබා මිරිකන්න.
- එයට මිරිස් කුඩු තේ හැඳි එකක් ඉඟුරු සුදු ළූණු මේස හැදි එකක් ගම්මිරිස් කුඩු ලුණු කුඩු දමා කලවම් කර සීසන් වීමට පැය බාගයක් තබන්න.
- වෙනම බඳුනක් ගෙන එයට පිටි ගම්මිරිස් කුඩු මිරිස් කුඩු බිත්තරයක් ලුණු දමා බැටරය සාදා ගන්න.
- කලින් සීසන් කරගත් සෝයා බැටරය ට දමා ගැඹුරු තෙලේ බැද ගන්න .
- ලොකු ළූනු බෙල්පෙපර් කුඩාවට කපන්න.
- බඳුනක් ලිප තබා තෙල් ටිකක් දමා කුඩාවට කපා ගත් බෙල්පෙපර් සහ ලොකු ලුනු දමන්න.
- එයට තක්කාලි ,සෝයාසෝස් ,ඉඟුරු ,සුදු ළූණු මේස හැඳි එකක් සහ කෑලි මිරිස් දමා කලවම් කරන්න .
- ඉන්පසු විනාඩි පහක් තබා බැදගත් සෝයා ටික එකතු කරන්න.
- විනාඩි පහක් මද ගින්නේ තබා ලිපෙන් බා කොත්තමල්ලි කොළ ඉස රස විඳින්න.
චම්මි