ස්වභාවික ද්‍රව්‍යවලින් whitening pack එකක් ගෙදරදීම හදා ගමු .

වෙළඳපොලේ ඉතාමත් විශාල අලෙවියක් තියෙන cream අතරට වයිට්නින් ක්‍රීම් එකතු වෙනවා .නමුත් ඒවා හදන්නේ රසායනික ද්‍රව්‍ය බොහොමයක් එක් කරල අද අපි මේ කියන්නට යන වයිට්නින් පැක් එක ස්වභාවිකවම ඉතාමත් අඩු මුදලකින් ගෙදරදි හදාගන්න පුලුවන් දෙයක් වීම විශේෂ කාරණාවක්.

ඔබට අවශ්‍ය සුදු වෙන්නද ? පැහැපත් වෙන්න ද?

ඇත්තටම සුදු වෙන්න බ්ලීචින් අඩංගු දේවල් තවරන ඔබ දැනගන්නම ඕනෑ දේ තමයි සුදු වීම සහ පැහැපත් වීම කියන්නේ දෙකක් කියන එක. පැහැපත් වීම තමයි අපිට පැක් එකක ලැබිය යුතු වන්නේ.මේ සඳහා විටමින් A අඩංගු ස්වභාවික දේ යොදා ගන්න හේතුව පැහැපත් වෙන්න විශාල කාර්‍යයක් විටමින් ඒ හරහා සිදු වීම නිසා.

මෙලනින් සමෙන් ඉවත් වීම නිසා සම පැහැපත් වෙනවා. මෙහිදී වෙන්න ඕනෑ ප්‍රධානම දේ ඇගේ මුළු සම ම එක පාටක් ගැනීම. නැත්නම් තැන තැන එක එක පාටින් පේනකොට ඔබට හොඳ පෙනුමක් ලැබෙන්නේ නෑ.

කොහොමද ආලේපන පාවිච්චි කරන්නේ?

මේ වෙනුවෙන් ඔබ කළ යුතු දේ තමයි අඳුරු පැහැය ඇති තැන්වල පැක් එක ආලේප කිරීම.මුලින්ම සතියක් සමේ අඳුරු තැන් වල පැක් එක ගාන්න.
දෙවෙනි සතිය මුළු මුහුණටම පැක් එක යොදන්න.
ඊට පස්සේ තුන් වෙනි සතියේ දවසක් ඇර දවසක් පාවිච්චි කරන්න.
හතරවැනි සතිය වෙනකොට දවස් දෙකකට වරක් පමණ ආලේපනය ගැල්වීම ප්‍රමාණවත්.

එහෙම කාලසටහනක් උවමනා වෙන්නේ ඔබ මේ ආලේපන වලට ඇබ්බැහි වීම නිසා හමේ මෙලනින් අයින්ම වී යන්න පුලුවන්. අව්වක් දැක්ක හැටියේ කලු වෙන්නේ එහෙම අය.

දැන් අපි පැක් එක හදා ගමු.

අවශ්‍ය දේවල්

පැසුනු වට්ටක්කා තීරුවක්
නැවුම් කිරි ටිකක්
සැෆ්‍රන් කුඩු හෝ කස්තුරි කහ ටිකක්
කෝමාරිකා ජෙල්
විටමින් E
රෝස වතුර

මුලින්ම හොදින් පැසුණු වට්ටක්කා තීරුව ග්‍රේට් කරගන්න.
ලිපේ තබන්නට පුලුවන් භාජනයක් ගෙන එයට වට්ටක්කා දමන්න.
නැවුම් කිරි වැසෙන සේ දමා හොදින් තම්බා ගන්න.
පසුව කිරි හිඳුණු පසු බ්ලෙන්ඩර් කර පෙරා ගන්න .
එයට කෝමාරිකා ජෙල් මේස හැදී දෙකක් විටමින් E කරලක තෙල් හා රෝස වතුර තේ හැන්ඳක් ,කුඩු කරගත් සැෆ්‍රන් හෝ කස්තුරි කහ ටිකක් දමා හොඳින් මිශ්‍ර කරන්න.
ශරීරය සම්බාහනය කරමින් ආලේප කරන්න .
පැයකින් පමණ පසු මඳ උනුසුම් වතුරෙන් සෝදා හරින්න.

විශේෂම කාරණාව තමයි සැලෝන් එකක් හරහා කරන කෘත්‍රිම ආලේපන සහිත පැක් සති තුන හතරකට වතාවක් කළත් අපිට මේ පැක් එක සතියකට වතාවක් නිවසේදීම පාවිච්චි කරන්න පුලුවන්. ස්වභාවික ද්‍රව්‍ය නිසා සමට කිසිම හානියක් නැහැ.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles