පළතුරු කන්න අකමැති පොඩ්ඩෙක් නම් ඔබේ ගෙදරත් ඉන්නේ, පහසුවෙන් පළතුරු කවා ගන්න ක්‍රමයක් තමයි මේ.පොඩ්ඩොත් එක්කම එකතු වෙලා විවේක දවසේ හදලා බලන්න හොඳ කෑමක් මේ.
මෙන්න මේ දේවල් හොයාගන්න.
- හොඳට ඉදුණු අඹ තීරු කිහිපයක්
- ලෙලි ඇර ගත් ඇඹුල් කෙසෙල් ගෙඩියක්
- කොමඩු මදය
- යෝගට් කෝප්පයක්
- ලෙමන් යුෂ මේස හැන්දක්
- ලුණු ටිකක්
- liquid glucose syrup මේස හැඳි එකක්
- අවශ්‍ය නම් සීනි ටිකක්
මෙන්න මෙහෙමයි හදන්නේ
- පලතුරු සියල්ලම හොඳින් පොඩි වෙන ලෙස බ්ලෙන්ඩ් කර ගන්න .
- එයටම සීනි ලෙමන් යුෂ යෝගට් ග්ලූකෝස් දමා නැවතත් බ්ලෙන්ඩ් කර ගන්න .
- මෙම මිශ්‍රණය popsicle molds එකකට දමා පැයක් පමණ ශීතකරණයේ තබන්න
- ඉවතට ගෙන අයිස් ක්‍රීම් කෝටුවක් එයට සවි කරන්න .
- නැවත පැය හතරක් පමණ අධි ශීතකරණයේ තබන්න .
- මද උණුසුම් වතුර බඳුනක තත්පර කීපයක් ගිල්වා තැබීමෙන් ඉක්මනින් ගලවා ගන්නට පුළුවන් .