සව් කැඳ
අවශ්‍ය දේ
- සව් ග්‍රෑම් 100
- හකුරු බෑයක්
- මිටි කිරි කෝප්ප 1
- දියකිරි කොප්ප 1/2
- කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටි
- කජු ටිකක්
- රස අනුව ලුණු
හදන්නේ මෙහෙමයි..
- සව් ටික හෝදලා තැම්බෙන්න තියන්න.
- තැම්බෙන අතර ටික ටික හැඳි ගාන්න.
- මේකට එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු කෑල්ලක් දාගන්න.
- තැම්බෙන අතර හකුරු ටික ග්‍රේට් කරගන්න.
- දැන් සව් ටික තැම්බුනාම හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳි ගාන්න.
- හකුරු දිය වූ විට මිටිකිරි ටික එකතු කරන්න.
- කිරි මදි වගේ නම් දිය කිරි ටිකකුත් දාන්න.
- රස බලා ලුණු දාගන්න.
- කිරි ටික උතුරන විට ටික ටික ඝන මිශ්‍රණයක් හැදෙනවා.
- ඒ නිසා කැටි වෙන්න නොදී හැඳි ගාන්න .
- කජු ටිකක් බැද සව් එකට දාගෙන රස බලන්න.
කිරි කැඳ
කවුරුත් බොන්න ප්‍රිය කරන කැඳ එකක් තමයි මේ. දවසේ ඕනම වෙලාවක බොන්න පුළුවන් ඇඟ සිසිල් කරන පානයක්.
අවශ්‍ය දේ
- සුදු හාල් මිටක් පමණ
- සුදුළූණු බික් 8-10
- පොල්කිරි කෝප්ප 3ක්
- රස අනුව ලුණු
- ගම්මිරිස් කුඩු
හදන්නේ මෙහෙමයි..
- හාල් ටික සෝදා වතුර ටිකක් වැඩියෙන් ලිප තියන්න.
- එයට සුදුළූණු ටික් දා බත බෙරි වෙන්න වගේ උයාගන්න.
- වතුර ටික හිඳුන පසු පොල්කිරි ටික එකතු කරන්න.
- රස අනුව ලුණු දාගන්න.
- පොල්කිරි ටික නටනකල් හැන්දකින් කලවම් කරගන්න.
- කැමතිනම් බත් ටික පොඩි කරගෙන කැඳ එක හදාගන්නත් පුළුවනි.
- අවශ්‍ය අය උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා බීමට ගන්න.