අලිගැටපේර වල විටමින් A, B, C, E, K, යකඩ, කැල්සියම්, පොස්පොරස්, සින්ක් නම් පෝෂක වලින් හා ප්‍රතිඔක්සිකාරක ගුණ පවතිනවා. ආහාර රුචිය වඩවන අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරීවන පළතුරක් ලෙසද සැලකෙනවා. අලිගැටපේරවල ඇති ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වමින් දෑස් දිප්තිමත්ව තබාගැනීමටද උපකාරී වෙනවා.
ඒ වගේම සම නිරෝගිමත් කිරීමට සහ දීප්තිමත් කිරීමටද අලිගැටපේර උදව් වෙනවා.සමේ රැලි වැටීම පාලනය කර තරුණ බව රැකගැනීමටත් අලිගැටපේර උදව් වෙනවා. ප්‍රතිශක්තිකරණ ගුණයෙන් සමන්විත අලිගැටපේර බැක්ටීරියා නාශකයක්ද වෙනවා.අධි රුධිර පීඩනය පාලනය කර දියවැඩියාව සජ පිළිකා හා අතීසාරය යන ලෙඩ වලට එරෙහිවද සටන් කිරීමේ හැකියාවෙන් ද අලිගැටපේර සමන්විත වෙනවා.
අලි ගැට පේර වලින් සත්කාර කරමු..
සාමාන්‍ය සමට – අලිගැටපේර මදය කහ සහ ලෙමන් යුෂ සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.
වියලි සමට – අලිගැටපේර මී පැණි සමඟ මිශ්‍ර කර ආලේප කරන්න.
තෙල් සහිත සමට – අලිගැටපේර, ආමන්ඩ් තෙල් හා ලෙමන් යුෂ මිශ්‍ර කර ආලේප කරන්න.
අලි ගැටපේර වලින් මුහුණට සත්කාර.
අලිගැටපේර සහ කෝමාරිකා සත්කාරය

- අලිගැටපේර සහ කෝමාරිකා හොඳින් බ්ලෙන්ඩර් කරන්න.
- එම මිශ්‍රණයට ලෙමන් යුෂ, ජලය මිශ්‍ර කරන්න. සාදාගත් මිශ්‍රණය අයිස් ට්‍රේ එකකට දමා අයිස් කැට සාදාගන්න.
- දිනපතා නින්දට යෑමට පෙර අයිස් භාවිත කර මුහුණ සම්බාහනය කරන්න.
- විනාඩි 20ක් පමණ පමණ තබා සෝදා හරින්න.
අලිගැටපේර සහ කෙසෙල් සත්කාරය


- අලිගැටපේර, කෙසෙල් සහ මී පැණි හොඳින් මිශ්‍ර කරන්න. මුහුණේ ආලේප කරන්න.
- විනාඩි 20ක් තබා සෝදා හරින්න.
අලිගැටපේර සහ යෝගට් සත්කාරය


- අලිගැටපේර, ප්ලේන් යෝගට්, ලෙමන් යුෂ, රෝස වතුර මේ සියල්ල හොඳින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදාගන්න.
- මුහුණ හොඳින් පිරිසුදු කර සාදාගත් මිශ්‍රණය ආලේප කරන්න.
- විනාඩි විස්සක් තබා සෝදා හරින්න.
ඇස් වටා කළු පැහැ වීම වැළැක්වීමට.
- අලිගැට පේර මදයට එළකිරි හෝ යෝගට් එකතු කර ඇස් වටා ආලේප කර විනාඩි 20 කට පසු සෝදා හරින්න.
- සතියකට දින 4ක් වත් මෙම සත්කාරය කරන්න.
අලිගැටපේර වලින් කොණ්ඩයට සත්කාර.
හෙයා මාස්ක් එකක් හදමු.




- අලිගැට පේර ගෙඩි භාගයක්
- බිත්තරයක්
- ඔලිව් තෙල් මේස හැන්දක්
- මී පැණි මේස හැන්දක්
- මේවා තලපයක් ලෙස කලවම් කරගන්න.
- හොඳින් තෙමා ගත් කෙස් වල අග සිට හෙමින් හ ආලේප කරන්න.
- හිස් කබලේ තවරා ඇඟිලි තුඩු වලින් මසාජ් කරන්න.
- කොණ්ඩය ශවර් කැප් එකකින් වසා විනාඩි 30ක් තබා සෝදා ෂැම්පු කන්ඩිෂනර් කර ගන්න.