ඉඩ අඩු නිවස ලස්සන කරගන්න ස්මාර්ට් ටිප්ස්

සුදුසු තේමාවක් තෝරා ගන්න

කුඩා නිවසක් ඉඩ වැඩි වන ආකාරයට සකස් කිරීමේදී තෝරාගන්නා තේමාව ගැන මනාව සැලකිලිමත් විය යුතු වෙනවා.එහිදී කලබලකාරී නොවන තේමාවක් තෝරා ගැනීම කෙරෙහි සැලකිලිමත් විය යුතු වෙනවා.උදාහරණ වශයෙන් පරණ මෝස්‌තර,කැටයම් වලින් යුත් ගෘහ භාණ්ඩ තෝරා නොගැනීම දැක්විය හැකියි.තද වර්ණ නොමැතිව සුදු වර්ණ සහ ලා වර්ණ තෝරා ගත හැකි අතර සුදු පැහැයෙන් වර්ණ ගැන්වූ බිත්ති සේම ගෘහ භාණ්ඩ වඩාත් ගැලපෙනවා.

විවෘත අවකාශ භාවිතා කරන්න

මෙය ඕපන් ප්ලෑන් ක්‍රමය ලෙස හඳුන්වනවා.මේ ක්‍රමයේදී සිදු වන්නේ විසිත්ත කාමරය,කෑම කාමරය,පැන්ට්‍රිය වෙන වෙනම නොව විසිත්ත කාමරයේ එක් පසෙකින් කෑම කාමරය පැන්ට්‍රිය පෙනෙන ආකාරයට සකස් කිරීම වනවා.පැන්ට්‍රි කබඩ් යොදන්නේ නම් සිරස් අතට පැන්ට්‍රි කබඩ් යෙදීම මඟින් නිවස උස් බවක් පෙන්වනවා.විසිත්ත කාමරයේ ඇති ලීබඩු කාර්යයන් කීපයකට ගැලපෙන ලෙසද සකස් කරගත හැකියි.බෙඩ් සෝෆා එකක් මිලදී ගැනීමෙන් එය අමුත්තකු පැමිණි විට ඇඳක් ලෙස භාවිතා කිරීමේ හැකියාව තියෙනවා.කුෂන් වලට ,සෝෆාවට ඉරි මෝස්‌තර යෙදීමෙන් ඉඩ වැඩි කර පෙන්විය හැකි වනවා.කොෆී ටේබල් එක අවශ්‍ය අවස්ථාවලදී පරිගණක මේසයක් ලෙස භාවිතා කළ හැකියි.විසිත්ත කාමරයට කණ්නාඩියක් සවි කිරීම මඟින් එය විශාල කර දැක්විය හැකි වනවා.ඒ වගේම විනිවිධ පෙනෙන වීදුරු භාණ්ඩ භාවිතා කිරීමද වඩාත් සුදුසුයි.උදාහරණ ලෙස කෑම මේසයට වීදුරු මතු පිටක් යොදා ගත හැකියි.ඒ වගේම වීදුරු වලින් නිමවූ ගෘහ අලංකරණ භාවිතා කිරීමද සුදුසුයි.

ඉරි එක්ක තිර දමමු

හරස් අතට ඉරි සහිත මුද්‍රිත රෙදි වලින් තිර රෙදි යෙදීමෙන් නිවසේ වැඩි ඉඩක් පෙන්වනවා.මෙය ලා පැහැති රෙදි වලින් යෙදීමට නිතරම වග බලා ගන්න.

ගෘහ භාණ්ඩ අඩුවෙන් භාවිතා කරන්න

නිදන කාමරය ඇතුළුව මුළු නිවසටම සුදු පැහැති ගෘහ භාණ්ඩ භාවිතා කිරීමෙන් වැඩි ඉඩක් පෙන්විය හැකි වනවා.මෙහි තබන ඇඳන් කකුල් නොපෙනෙන ආකාරයට තැබීම සුදුසුයි.

නාන කාමරයට විශාල කණ්නාඩියක්

නාන කාමරයට විශාල කණ්නාඩියක් සවි කරන්න.එයින් ඉඩ වැඩිවන අතර එවිට නිදන කාමරයට වෙනම කණ්නාඩි මේසයක් තබා ගත යුතු වන්නේ නැහැ.

ඉඩ වැඩි කරවන ආලෝකය

විදුලි ආලෝකය මෙන්ම හිරු එලිය ක්‍රමානුකුලව වැටීමට සැලැස්වීම මඟින් ඉඩ වැඩිකර පෙන්වන්න පුළුවන්.වැඩි උසකින් නිතරම විදුලි පහන් සවි කරන්න .සෙවණැලි වැටීම අවම කරගන්න .එයින් අඳුරු ස්ථාන අඩු කර ගත හැකිවීම මඟින් ඉඩ වැඩි කර පෙන්විය හැකියි.විදුලි පහන් සඳහා කැටයම් මෝස්‌තර යොදා නොගන්න.ලොකු ජනෙල් මඟින් නිවසේ ඉඩ වැඩි කර පෙන්වනවා.ඒ වගේම විශාල පින්තාරු කිරීම් හෝ චායාරුප ද සුදුසු වන්නේ නැහැ.අනවශ්‍ය ලෙස ගෘහ භාණ්ඩ පුරවා ගැනීමෙන්ද එහි සෙවනැලි සහ වර්ණ මඟින් නිවසේ ඉඩකඩ ඇහිරෙන නිසා නිවස පුරා අනවශ්‍ය බඩු පුරවා ගැනීමෙන් වලකින්න.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles