මංගල දිනයට ගැලපෙන තේමාවක් (wedding theme) තෝරා ගන්න පෙර ඔබ සිතිය යුතු කරුණු…

0
7186

අද කාලයේ බොහෝදෙනා විවාහ උත්සවයක් පවත්න්නේ තේමාවක් අනුව. තේමාව යම් කිසි වර්ණයක් මතහෝ සංකල්පයක් මත තීරණය කරන්න පුළුවන්. නමුත් ඊට කලින් මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත්වෙලා ඉන්න.

  1. ඉස්සරවෙලාම තැනක් තෝරගන්න. හෝටලයක්ද එළිමහනක්ද වෙරළක් හෝ ඔබ දෙපළ කැමති ඕනෑම තැනක් පළමුව තෝරාගන්න. ඔබ කැමති විදියේ ඉඩක්, වර්ණයන්, ආලෝකය ආදිය ඇත්දැයි සොයාබලන්න.
  2. ඔබ දෙදෙනාගේම කැමැත්තට ඉඩදෙන්න. දෙදෙනාම එකතුවෙලා දෙදෙනාගේම කැමැත්ත සටහන්කර පොදු තේමාවක් ලබාගතහැකිදැයි බලන්න. ප්‍රතිඵලය ඔබව පුදුමයට පත්කරාවි.
  3. තේමාවේ ප්‍රායෝගිකබව මෙන්ම ආරක්ෂාකාරීබව පිළිබඳ සැලකිලිමත්වන්න. උදා : ජලය මත තැනූ පෝරැවක සිටීම ඔබ සිතන තරම් පහසු නොවෙන්න පුළුවන් වගේම එළීමහනේ තැබූ ස්වභාවික මල්වලට මීමැස්සන් එන්නටත් පුළුවන්.
  4. බජට් එකට ගැලපෙන්නේ නැතිනම් මොන තේමාව ගැන වුණත් දෙපාරක් හිතන්න. මුළු විවාහ උත්සවයටම තියෙන මුදල් විචිත්‍ර තේමාවකට යෙදවීම කොහෙත්ම සුදුසුවන්නේ නැහැ.
  5. ඔබේ හිතේ තියන තේමාවට අදාල වූ bridal sarees, bridesmaid dresses, setee backs , table decorations වලට අදාල වූ පින්තූර, Pinterest වැනි වෙබ් අඩවි භාවිතාකිරීමෙන්, එහෙම නැතිනම් wedding magazine  ආදියෙන් ලබා ගෙන පිංතූර පොතක හෝ බෝර්ඩ් එකක ඇලවීමෙන් පසුව ඔබට ඔබේ හිතේ තියන තේමාව ගැන වඩාත් පැහැදිලි චිත්‍රයක් ලබාගතහැකියි වගේම, ඔබේ wedding planer මුණගැසෙන්නට යාමේදී එම පින්තූර රැගෙන යාමෙන් ඔබේ සිතැගි වඩාත් පහසුවෙන් පැහැදිලි කල හැකි වේවි
  6. තේමාවන් ගැන දන්න කියන කෙනෙක්ගෙන් අහල බලන්න. ඔබ හඳුනන නිර්මාණශීලී අය ඉන්නවානම් ඔවුන්ගෙන් උපදෙස් සහ උදව්ලබාගන්න. උදාහරණයක් ලෙස ඔබ දන්නා ගොක්කොළ නිර්මාණශිල්පියෙක් ඉන්නවා නම් අලංකාර පෝරු නිර්මාණයක් වගේම සෙටිබැක් ආදියටත් උචිත ගොක්කොළ තේමාවක් තෝරාගතහැකියි. එය ඔබේ පසුම්බියට වගේම පරිසරයටත් සහනයක්. එය ඔබටම ආවේණික (unique) තේමාවක් වගේම නැතිවෙලා යන කළාවකට අතහිත දෙන්නත් එවැනි තේමාවක් තෝරා ගැනීමෙන් පුළුවනි. ඔබ නිර්මාණශීලී නම්, ඔබට උදව්ලබාගන්න අය සිටියිනම්, තනියම තේමාවක් සකසාගන්නත් පුළුවන්.

මේ දේවල් ගැන ටිකක් වැඩි අවධානයක් යොමු කලොත් ඔබට smart bride කෙනෙක් විදිහට ලස්සන, ගැලපෙන තේමාවක් තෝරගන්න පුළුවන්වේව්.

– කල්හාරී –