Beauty

උදේට ඇහැරෙන්නෙම හරිම අමාරුවෙන්, උයන පිහන වැඩත් ඉවරවෙලා තව මොනව ලෑස්ති වෙන්නද කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒවුණත් විනාඩියක් අරගෙන තියෙන මූණ තව චුට්ටක් ලස්සන කරගෙන ගියොත් දවසේ එන ප්‍රශ්න මැද්දෙත් බයනැතිව ඔලුවකෙලින් තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේම වැඩමුළුවකට වගේ අවස්ථාවකට සහභාගීවෙනවා නම් හොඳටඇඳල යන එක හොඳයි. හැබැයි තොරණක්වගේ නෙමෙයි. බලන්න...
කිහිප වරක් පමණක් භාවිතාකර අවුරුදු ගණනක් ඇඳයට හෝ මුල්ලක ගොඩගසා ඇති සපත්තු ගොඩක් ඔබටත් තිබෙනවාද? ඒවා විසිකර දමන්නටත් හිතෙන්නේ නැහැනේද? එහෙමනම් ඒ සපත්තුවලට නව පෙනුමක් වගේම තිබුණාටත් වැඩිය වටිනා පෙනුමක් කිසිඳු මුදලක් වැයවන්නේ නැති මේ ක්‍රම මඟින් එකතුකර ගනිමු. ඇඳුමක හෝ මාලයක ගැලවුණු සීක්වීන්ස්, විසිතුරු ගල් ඉතිරිවෙලා තිබෙනවානම් මෙන්න ඒවා...
ලස්සනට නිය අලංකරණයකර ගන්න අපි කවුරුත් කැමතියි. නමුත් සැලෝන් එකකට ගිහින් කරවගන්නඑක තරමක වියදම්කාරී කටයුත්තක්. ටිකක් වෙලාවයන නිසා මොන කරදරයක්ද කියලත් ඔබට හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ තනියෙන්ම ඉක්මනින්ම නිර්මාණය කරගන්න පුළුවන්. පළමුවෙන්ම සුදු පැහැති නිය අලේපනය ගල්වන්න. වතුර ස්වල්පයක් නිය මත ආලේපකරන්න. දැන් ඔබට කැමැති විදිහට ඔබ ළඟ ඇති...
අද රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකරන කිසිවකුත් නැහැ.ඒ වගේම විවිධ වෙළඳ නාමයන් යටතේ විවිධ මිලගණන් යටතේ විවිධ රුපලාවන්‍ය ආලේපන වෙළඳ පොළ ආක්‍රමණය කරමින් සිටිනවා.ඉතින් මේ සියල්ල අතරින් අපට වඩාත් සුදුසු ආලේපන වර්ගය කුමක්ද කියා අප තෝරාගත යුතුවන්නේ නැත්නම් අපගේ සමට ඉන් හානි සිදුවිය හැකිවන නිසා. නිෂ්පාදනය ගැන සොයාබලන්න නම නොදන්නා ආගන්තුක නිෂ්පාදන...
අපේ සමහර නෝනලා කලුවෙයි කියන බයට පාන්දර හයටත් එළියට අඩිය තියන්නේ සන්ස්ක්‍රීම් ගාගෙන, කුඩ ඉහළගෙන, එහෙම නැත්තම් තොප්පි දාගෙන …........ එහෙම නේද ? සමහර විට හිරුටත් හිනායනවා ඇති මේ පොරෝනා වලින් වහගෙන තමන්ට බයවෙලා දුවන මේ ලස්සන නෝනලා දැක්කම. ඇත්තටම සුදු වෙන්න කරන වියදම දැක්කම මෙහෙම බයේ දුවන එක...
දෙනෙතට අලංකාරයක් ලබාදෙන මේකප් අතරින් ප්‍රධානතම තැනක් හිමිවන්නේ eyeshadows වලටයි. නා නා මාදලියේ eyeshadows වෙළඳපලේ දක්නට ඇති නිසා eyeshadows මිලදීගන්නට ගියවිට බොහෝදෙනාට කුමක් මිලදී ගතයුතුද යන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මේ අත්වැල, වෙළදපලේ ඇති අසීමිත eyeshadow වර්ග අතුරින් ඔබට ගැලපෙනම eyeshadow වර්ගය තෝරා ගැනීමටයි. පවුඩර් (Powder) Eyeshadow මූලිකම eye shadow වර්ගයයි....
විලාසිතාවන් කරන්න කාන්තාවන් කොයිකාලෙදිත් කැමතියි. ගැබිණි මවක් වුණා කියල විලාසිතාවන් අමතක කරන්න අවශ්‍ය නැහැ. නමුත් ටිකක් වැඩියෙන්, එම ඇදුම ඇදගෙන ඔබට පහසුවෙන් සිටිය හැකිද, පහසුවෙන් ආරක්ෂිතව ගමන් කිරීමට හැකිද වැණි කරුණු ගැන අවධානය යොමුකරන්න අවශ්‍යයි. මේ තිබෙන්නේ ඒ සඳහා අත්වැළක්. ඇඳුමෙහි ඉඩ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත්වන්න. මුල් ගර්භණී කාලයට වඩා මාස...
lipstick
  නිවැරදිව තොල් ආලේපන ගැල්වූයේ නැතිනම් එය ඔබේ මුහුණට අවලස්සනක් එක් කරන්නටත් පුළුවන්. ඒ නිසාමයි නිවැරදිව තොල් ආලේපනය කරන ආකාරය ගැන නිවැරදි ලෙස ඔබව  දැනුවත් කරන්න අපි හිතුවේ. අදින් පසුව තත්පර කිහිපයක් වැඩියෙන් වැයකර ලස්සන නිමාවක් ඔබේ දෙතොලට ලබාදෙන්න අතපසු කරන්න එපා.. විශේෂයෙන්ම උත්සව අවස්ථාවකදී හෝ රැකියාස්ථානයේ විශේෂ අවස්තාවකට සහභාගී...
ගෙදර සපත්තු කඩයක්වගේ සපත්තු ගොඩ ගහල තිබුණට තැනකට හරියට දාන්න පුළුවන් සපත්තු දෙකක් නැතිනම් වැඩක් නැහැ. එකම වර්ගයෙන් වවිධ වර්ණයන් ගෙන් යුතු සපත්තු මිලදීගෙන තැන්පත් කරගෙන හිටියොත්වෙන්නෙ නිකම්ම මුදල් නාස්තිවෙන එක විතරයි. තවත් සමහරු එකම සපත්තු කුට්ටම හැම දේටම දානවා. මේකත් එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා අපි  බලමු...
මේකප් ගැන හොඳ දැනුමක් තබෙන අයටත් අමතකවෙන පුංචි කරුණක් තිබෙනව. ඒ තමයි රූපාලංකරණ නිෂ්පාදනවලටත් කාලය ඉකුත්වීමේ දිනයක් තිබෙනබව. කාන්තාවන් හරිම කැමතියි දකින දකින අලංකාර අලුත් රූපාලංකරණ නිෂ්පාදන එකතුකරගන්න. ගොඩක්දෙනා ප්‍රියකරන විනෝදාංශයක් බවට මෙය පත්වෙලා. නමුත් ඔබ නිකමට හරි කල්පනාකරල බැලුවද මෙම නිෂ්පාදන කොපමණ කාලයක් භාවිතයට සුදුසුද කියල? ඒ නිසා මෙන්න...