කෙස් කළඹ එක්ක සෙල්ලම් බලාගෙන

තමන්ගේ ස්වභාවික කෙස් කළඹ විවිධ ආකාරයෙන් හැඩ ගැන්වීම අද සාමාන්‍ය දෙයක්. ඒ වගේම හැඩට වැඩට ඉන්න කවුරුත් කැමති දෙයක්. ඉතින් හිස කෙස් වර්ණ ගැන්වීම ආදියට ඔබත් නිතරම මුහුණ දෙන කෙනෙක් නම් මේ ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් විය යුතුමයි.

  1. හිසකෙස් සම්බන්ධ කටයුතු වලදී රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම් වැඩියි. වර්ණ ගැන්වීමේදී මෙන්ම වෙනස් කිරීමේදී වර්ණක ද්‍රව්‍ය සහ පෙරොක්සයිඩ් යන රසායනික ද්‍රව්‍ය දෙවර්ගයම භාවිතා වනවා. වර්ණක වල ඇමෝනියා අන්තර්ගත වන අතර පොරොක්සයිඩ් භාවිතා කළ යුත්තේ ද නිවැරදි මාත්‍රාවට අනුවයි.
  2. වර්ණ ගැන්වීමේදී එම වර්ණක ශරීරයට අසාත්මික වේදැයි කලින් පරික්ෂා කළ යුතුයි. වර්ණක සහ පෙරොක්සයිඩ් නිසි අනුපාතයට මිශ්‍ර කොට කන පිටුපස ප්‍රදේශයේ පුළුන් කැබැල්ලක ආධාරයෙන් ආලේප කරන්න. පැය කිහිපයක් තබා සෝදන්න. ඒ අතරතුරදී සමෙහි කැසීමක්, රත්වීමක්, සම ගැලවී යාමක් ඇති නොවුනි නම් එය සමට ගැළපෙන එකක් වේ.
  3. වර්ණක මිළදී ගැනීමේදී කල් ඉකුත්වන දිනය හොඳින් පරික්ෂා කර බලන්න.
  4. මුහුණ ඉදිමීම, හිසෙහි කැක්කුම, සමෙහි තුවාල ඇතිවීම, හිස් කබල වියලි ස්වභාවයට පත්වීම පෙර සඳහන් මුලික පරීක්ෂණය සිදු නොකිරිමේදී ඇති විය හැකි අතුරු ආබාධ වේ.

එබැවින් හිස කෙස් සමග ගනු දෙනු කිරීමේදී නිතරම ප්‍රමිතිය පිළිබඳව සැළකිලිමත් වන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles