ඇස්වල හැඩය අනුව Eyeliner අඳින්නේ මෙහෙමයි

Eyeliner ගෑවාම ඇස් දෙක තවත් මලානිකව පේනවද?

එහෙනම් ප්‍රශ්නෙ eyeliner එකේ නෙවෙ‍යි ඔයා අඳින liner style එකේ!

මොකද හැමෝගෙම eye shape එක එක වගේ නෑනේ. ඒ නිසා එක්කෙනෙකුට ලස්සනට පේන eyeliner style එක තවත් කෙනෙකුට ඒ තරම් ගැළපෙන්නෙ නැති වෙන්න පුළුවන්.

ඒක නිසා අද අපි බලමු Round, Almond, Downturned සහ Upturned eyes වලට ගැළපෙනම eyeliner styles මොනවද, ඒවායින් ඔයාගේ eyes වල look එක කොහොමද වෙනස් වෙන්නෙ කියලා!

හැබැයි ඒකට කලින්, ඔයාගේ Eye Shape එක මොකක්ද කියලා හරියටම දැනගෙන ඉන්න එක වැදගත්. මොකද තමන්ගේ eye shape එක දැනගත්තම, තමන්ට ගැළපෙන makeup style එක තෝරගන්න ගොඩක් ලේසියි.

Eye Makeup එකෙන් ඇස්වල හැඩය වෙනස් කරන්න පුළුවන්ද?

ඔයා දන්නවද Eye Makeup එකකින් ඔයාගේ ඇස්වල හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා පෙන්නන්න පුළුවන් කියලා?

උදාහරණයක් විදිහට,

  1. සුදු පාට eyeliner pencil එකකින් ඇස් විශාල කරලා පෙන්නන්න පුළුවන්.
  2. කළු පාට eye pencil එකකින් ඇස් ටිකක් කුඩා කරලා පෙන්නන්න පුළුවන්.
  3. Winged eyeliner එකකින් ඇස් දෙකට ඉහළට එසවුණු පෙනුමක් ලබාදෙන්න පුළුවන්.
  4. Winged නැති eyeliner එකකින් ඇස්වලට හුරුබුහුටි, රවුම් පෙනුමක් ලබාදෙන්න පුළුවන්.

ඉතින් මේ වෙනස් looks හරියට ලබාගන්න නම්, මුලින්ම ඔයාගේ Eye Shape එක මොකක්ද කියලා හඳුනාගන්න ඕනේ.

ඔයාගේ Eye Shape එක හඳුනාගමු!

ඔයා තාමත් Eye Makeup කරන්නේ ඔයාගේ Eye Shape එක හරියටම දන්නෙ නැතුවද? 


එහෙනම් තත්පර ගාණකින් ඒක හොයාගන්න පුළුවන්.

කණ්ණාඩියෙන් කෙලින් බලද්දි, කළු ඉංගිරියාවට උඩින් හෝ යටින් සුදු පාට කොටසක් පේනවා නම්, ඔයාට තියෙන්නේ Round Eyes.

හැබැයි කෙලින් බලද්දි කළු ඉංගිරියාවේ උඩ සහ යට කොටස් ඇසිපියෙන් වැහිලා, සුදු කොටස පේන්නෙ නැත්නම්, ඒ වගේම ඇස් ආමන්ඩ් ඇටයක හැඩයට සමාන නම්, ඔයාට තියෙන්නේ ගොඩක් අය කැමති Almond Eyes.

දැන් ඇස් දෙකේ මැදින් කෙලින් ඉරක් ඇන්දොත්, Outer Corner එක ඒ ඉරට වඩා උඩට හැරිලා තියෙනවා නම් ඒ Upturned Eyes. Outer Corner එක පහළට හැරිලා තියෙනවා නම් ඒ Downturned Eyes.

ඔයාගේ ඇසිපිය උඩ කිසිම නැමීමක් නැතුව, ඇසිපිය Flat ස්වභාවයක් ගන්නවා නම්, ඒ Monolids.

ඇසිපිය උඩින් සමේ නැමීමක් ඇවිත්, ඇස ඇරියම ඒ crease එක වැහෙන ගතියක් තියෙනවා නම්, ඔයාට තියෙන්නේ Hooded Eyes.

ඇසිපිය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් ඉදිරියට නෙරා ඇවිත් තියෙනවා නම්, ඒ Prominent Eyes.

ඇස් දෙක ටිකක් ඇතුළට ගිහින් වගේ පේනවා, ඒ වගේම Brow Bone එක ඉස්සරහට කැපී පේනවා නම්, ඔයාට තියෙන්නේ Deep-set Eyes.

ඇස් දෙක අතර පරතරය එක ඇසක දිගට වඩා වැඩි නම් ඒ Wide-set Eyes. ඒ පරතරය එක ඇසක දිගට වඩා අඩු නම් ඒ Close-set Eyes.

දැන් ඔයාගේ Eye Shape එක හඳුනාගත්තානේ. 


ඒකෙන් පස්සේ ඊළඟට බලන්න ඕනේ, ඔයාගේ eye shape එක තවත් ලස්සනට highlight කරන්න ගැළපෙන eyeliner style එක මොකක්ද කියලා.

1. Round Eyes

Round eyes තියෙන අයගේ goal එක වෙන්න ඕනේ ඇස් ටිකක් දිගටිව සහ balanced විදිහට පෙන්නන එක. ඒකට මේ eyeliner styles try කරන්න පුළුවන්.

Winged Liner – ඇසේ outer corner එකෙන් liner එක ටිකක් දිගට අරගෙන wing එකක් දාගත්තම, ඇස් දිගටිව පේනවා. ඒ වගේම attractive, defined look එකක් ලැබෙනවා.

Cat Eye – ඇසේ කොන උඩට lift කරලා අඳින මේ style එකෙන් round eyes වලට තියුණු, confident සහ සරාගී look එකක් එකතු වෙනවා.

Smudged Outer V – outer corner එකට liner හෝ shadow එකක් soft විදිහට smudge කිරීමෙන් ඇස්වල තියෙන වැඩිපුර round ගතිය අඩු කරලා, sultry smokey look එකක් ලබාගන්න පුළුවන්.

2. Almond Eyes

Round eyes වලට වඩා වෙනස්ව, Almond eyes කියන්නේ ස්වභාවිකවම balanced eye shape එකක්. ඒ නිසා මේ eye shape එක තියෙන අයට natural look එකේ ඉඳන් bold look එකක් දක්වා විවිධ eyeliner styles try කරන්න පුළුවන්.

Classic Thin Liner – ඇසේ natural shape එක follow කරමින් thin line එකක් දැමීමෙන්, ඇස්වල ස්වභාවික සුන්දරත්වය තවත් highlight වෙනවා.

Bold Wing – liner එක ටිකක් තද කරලා දිගු wing එකක් එකතු කළාම, ඇස් දෙකට bold, defined සහ කැපී පෙනෙන look එකක් ලැබෙනවා.

Kohl Rimmed Look – kohl එකෙන් upper සහ lower lash line එක define කළාම, ඇස්වලට වැඩි depth එකක් එක් වෙලා, dramatic සහ ආකර්ශනීය පෙනුමක් ලැබෙනවා.

3. Downturned Eyes

දැන් Downturned eyes ගැන බලමු. මේ eye shape එකේ outer corners ටිකක් පහළට හැරුණු නිසා, eyeliner එකෙන් ඒ ගතිය balance කරලා ඇස්වලට lift එකක් සහ අවදි පෙනුමක් ලබාදෙන්න පුළුවන්.

High Wing / Cat Eye – wing එක ඇසේ natural corner එකට පහළින් නොගෙන, ටිකක් ඉහළට යොමු කරලා අඳින්න. එතකොට ඇස් ක්ෂණිකව lifted වගේ පේනවා.

Open-ended Wing – wing එක සහ lower lash line එක අතර පොඩි space එකක් තැබීමෙන්, ඇස් වඩාත් open, bright සහ awake වගේ පේනවා.

Top Lash Only – liner එක upper lash line එකට විතරක් සීමා කළාම, lower eye area එකේ බර ගතිය අඩු වෙලා, මුහුණට fresh සහ youthful look එකක් ලැබෙනවා.

4. Upturned Eyes

අවසානයට Upturned eyes. මේ ඇස්වල outer corners ස්වභාවිකවම ටිකක් උඩට එසවුණු ගතියක් තියෙනවා. ඒ නිසා ඒ natural lift එක නැති නොකර, ඇස්වල හැඩය තවත් balanced සහ defined කරන්න මේ styles හොඳයි.

Smudged Lower Lashline – lower lash line එකට soft විදිහට liner හෝ eyeshadow එකක් smudge කිරීමෙන්, උඩට එසවුණු ගතිය balance වෙලා ඇස්වලට fuller look එකක් ලැබෙනවා.

Straight Wing – wing එක natural upward angle එකට ගෙනියන්නේ නැතුව, ටිකක් straight direction එකකට extend කිරීමෙන් ඇස්වල shape එක balance කරලා, දිගටි සහ attractive look එකක් ලබාගන්න පුළුවන්.

Thin & Subtle Liner – ඉතාමත් thick liner එකක් වෙනුවට lash line එකට close වෙලා thin line එකක් දැමීමෙන්, ඇස්වල තියෙන natural lift එක hide නොකර තවත් beautifully define කරන්න පුළුවන්.

ඉතින් දැන් ඔයාගේ Eye Shape එකත් දන්නවා, ඒකට ගැළපෙන eyeliner style එකත් දන්නවා. 

ඊළඟ පාර eyeliner එක අඳිනකොට trend එකක් follow කරනවට වඩා, ඔයාගේ Eye Shape එකට ගැළපෙන style එකක් තෝරගන්න!

Related Articles

Don't Miss


Latest Articles