Smart Mom

අම්මා කෙනෙක් ලෙස නිරෝගී දරුවෙකු බිහිකල පමණින් ඇයගේ රාජකාරිය නිම වන්නේ නැහැ. වඩාත්ම බාරදූර කාර්‍යය එන්නේ දෙවනුවයි. ඒ දරුවා නිසිශාරීරික, මානසික වර්ධනයකින් යුතුව හදා වඩා ගැනීමේ අභියෝගයට මුහුණ දීමයි. ඉතින් ඒ ගැනයි මේ ලිපිය. දරුවන්ට එළිමහන් ක්‍රීඩා වල නිරත වීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ ශාරිරික මෙන්ම මානසික වර්ධනයද ඉතාමත්ම යහපත් වනවා....
මොනරකුඩුම්බිය කියන්නෙ ලංකාවෙ සෑම පලාතකම පහසුවෙන් වැවෙන පැළෑටියක්. මේ පැළෑටිය සම්පූර්ණයෙන්ම ඔසු සඳහා යොදා ගන්නට හැකියි. ඉවත දමන්නට කිසිදු කොටසක් නැහැ. මෙහි නිල් මල් සහ සුදු මල් හටගන්නා ප්‍රභේද දෙකක් තිබෙනවා. ආයුර්වේදයට අනුව ළදරුවන්ගේ මාන්දම් රෝගය සඳහා මොනරකුඩුම්බිය කැඳ දෙනු ලබනවා. හීනටි සහල් සමග සෑදූ විට ඉතාමත්ම ගුණ දායකයි.සෙoගමාලය සෑදුනු...
ඔටිසම් කියන්නේ කුඩා දරුවන් පෙළෙන එහෙත් හරි හැටි හඳුනා නොගන්නා රෝග තත්වයක්. මෙය කුඩා කාලයේදී ඇරඹී ජීවිත කාලය පුරා යම් ආකාරයකින් පවතින මොළයේ සෛලවල සම්බන්ධතා ඇති වීමේ දුර්වලකමක්. මේ රෝගය ඇති වීමට හේතුව නිශ්චිතව හඳුනා නොගත්තත් ජානමය හේතු බලපාන බව කියවෙනවා. ඔටිසම් රෝග ලක්ෂණ මොනවාද? වයස අවුරුද්දට අඩු දරුවෙකුගේ රෝග ලක්ෂණ: නිදා...
මව්කිරිත්, දියර ආහාරත් හුරු ඔබේ පොඩිත්තට ආහාර දෙන්න පටන් ගත්තම බබා එයට හුරු කරගන්න ඔබට බොහෝ අපහසුතා පැන නඟින්න ඇති. අපේ මේ උත්සාහය එයට ඔබට උදව්වක් වෙන්නයි. ඒ සඳහා ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණා මෙන්න මේ දේවල්. මුලින්ම එක් එක් එළවලුවට බබා දක්වන ප්‍රතිචාර ගැන දැනගන්න. බබාගේ ප්‍රියතාවයන් වගේම අසාත්මිකතා...
මවක් වීම ඇත්තටම අභියෝගයක් වෙන්නේ පළමු දරුවා සම්බන්ධයෙන් ද.. දෙවෙනි දරුවා ලැබෙන විට ඔබේ ගර්භනී බව සහ නව සාමාජිකයා නිසා ඔබේ වැඩිමල් දරුවා මානසිකව ඇද වැටීමට ඉඩ තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් මොන වගේ දේවල් ද? ඔබ දෙවෙනි දරු උපත සැලසුම් කරන විට වැඩිමලාට ඒ ගැන පවසන්න. "අම්මා පුතාට...
කුඩා දරුවන් නළවා ගැනීම මව්වරුන් බොහෝ පීඩාවට පත් කරන කාරණයක් වී හමාරයි. නිතර හඬා වැටෙන, නින්ද ප්‍රතික්ෂේප කරන ඔබේ දරුවා දරු නැළවිලි අසමින් පහසුවෙන් නින්දට යන්නට ඉඩ ඇති බව ඔබ සිතුවා ද? සුවබර නින්ද දරුවන්ගේ මොලයේ වර්ධනයට මෙන්ම ශරීරයේ අස්ථි වර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙන බැවින් සුව නින්දකට පූර්ව සැලසුමක්...
ටුටූ ට ෆොටෝ එකක්.. ඔන්න ලස්සනම ලස්සන චූටි කුකුලු පැටියෙක් හිටියා. අපි එයාට ටුටූ කියමුකෝ. ටුටූ ඉන්නෙ කැමරා මාමගෙ ගෙවල් ලඟ. ටුටූට හරිම ආසයි ෆොටෝ එකකට ඉන්න. කැමරා මාමා කැමරාවත් එල්ලගෙන ෆොටෝ ගන්නවා එයා නිතරම දකිනවා. එයාගෙ ලස්සන ෆොටෝ එකකින් එයාගෙ ගෙදර බිත්තිය හැඩ වෙලා තියෙනවා එයා හීනෙනුත් දැක්කා. මරා මාමා...
පුංචි දරුවෝ සාමාන්‍යයෙන් දඟ කරන්න හරිම හපන් අය. දඟකාර දරුවෙක් කියන්නේ නීරෝගි දරුවෙකුට.ඒත් අසාමාන්‍ය දඟයෙක් කියන්නේ වෛද්‍ය විද්‍යාත්මකව රෝගී දරුවෙක්. ADHD (Attention Deficit Hyperactive Disorder) ලෙස හඳුන්වන මෙම ඌණ අවධානය සහ අධි ක්‍රියාකාරී දරුවන් 5% පමණ සාමාන්‍ය දරුවන් අතරේ ඉන්නවා. දරුවාගේ මොළයේ රසායනික වෙනස් වීමක් නිසා තමයි මේ තත්වය හට ගන්නේ. ...
අප මීට පෙර ලිපි කිහිපයක්ම බෙඩ් ටයිම් ස්ටෝරි සම්බන්ධව පළකලා. ඔබට එම කතා කියවන්නට නොහැකිවුණා නම් අපේ වෙබ් අඩවිය වෙතට ගිහින් පහසුවෙන්ම ඒ සියල්ලම සොයා ගන්නට පුළුවනි. විනාඩි පහකින් ඔබේ සිඟිත්තා රස සාගරයක ගිල්වන කතාවකින් සන්නද්ද වෙන්න ඔබට පුළුවන්. බෙඩ්ටයිම් එකට පමණක් නෙවෙයි. කතාවක් අවශ්‍ය ඕනෑම මොහොතක මේ කතා ඔබට උදව් වේවි. ඉතින් ඔබේ පුංචි පැටියාට කතන්දර නිසා...
ආයෙමත් වැහි කාලය.විවිධ වෛරස් සහ රෝග පැතිරෙන්න පටන් අරන්. බොහෝ වෙලාවට මේ තත්ව වලට ලක් වෙන්නේ කුඩා දරුවන්. උණ වෛරසයට ලක් වූ ඔබේ දරුවාව නිවසේදී රැක බලා ගන්නා ආකාරයයි මේ ලිපියෙන් ඔබට පැහැදිලි කරන්නේ. ඔබ ළමා රෝග වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගන්නා විට මේ දේවල් ගැන ඔහුගෙන් විමසා අනුමැතිය ගන්නත් අමතක...