බෙඩ් ටයිම් ස්ටෝරි – 5

අප මීට පෙර ලිපි කිහිපයක්ම බෙඩ් ටයිම් ස්ටෝරි සම්බන්ධව පළකලාඔබට එම කතා කියවන්නට නොහැකිවුණා නම් අපේ වෙබ් අඩවිය වෙතට ගිහින් පහසුවෙන්ම ඒ සියල්ලම සොයා ගන්නට පුළුවනිවිනාඩි පහකින් ඔබේ සිඟිත්තා රස සාගරයක ගිල්වන කතාවකින් සන්නද්ද වෙන්න ඔබට පුළුවන්බෙඩ්ටයිම් එකට පමණක් නෙවෙයිකතාවක් අවශ්‍ය ඕනෑම මොහොතක මේ කතා ඔබට උදව් වේවිඉතින් ඔබේ පුංචි පැටියාට කතන්දර නිසා ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව අප පෙර ලිපි මගින් දැනුවත් කළ නිසා නැවත පවසන්නට වෙහෙසෙන්නේ නැහැ.

අවුරුදු කුමාරි

ඔන්න එකමත් එක රටක හිටියා පුංචි ඉත්තෑවියක් එයාගේ නම පෙගීපෙගී හිටියේ කැලෑ ගමේහෙට තමා කැලෑ ගමේ අවුරුදු උත්සවයපෙගීගේ යාළුවෝ ඔක්කොම හෙට අවුරුදු උත්සවයට යන්නයි ලැහැස්තියඑයාලා ලස්සන ලස්සන ඇඳුම් මස්සවාගෙන දැන් ඉදන්ම හැඩ බලනවාඒත් හරිම වැඩේපෙගීගේ කූරු නිසා එයාට හරි ඇඳුමක් අඳින්නවත් මහන්නවත් බැහැඅවුරුදු කුමාරි තරඟයට නිසා ලස්සනට පිළිවෙලට ඉන්නත් ඕනනේඉතින් යාළුවො හැමෝම අවුරුදු උත්සවයට සුදානම් වෙද්දී පෙගී දුකෙන් පැත්තකට වෙලා හිටියා.

කැලෑ ගමේ ඇඳුම් නිර්මාණයට ප්‍රසිද්ධම කෙනා තමා මකුළු නෝනාඈත ගම්වලිනුත් එයාගෙන් ඇඳුම් හදාගන්න කට්ටිය ආවාමකුළු නෝනටත් හරිම දුකයිමීට කලින් ඉත්තෑ පවුලක කිසිම කෙනෙක් අවුරුදු කුමාරි තරඟය වගේ විශේෂ එකකට ඉදිරිපත් වෙලා නැහැඒ නිසා ගොරෝසු රෙද්දකින් කැත ඇඳුමක් තමා එයාලට උරුම වුණේදින කිහිපයකට කලින් පෙගීට ඇඳුම් මහන්න ගිය මකුළු නෝනා වැටුණේ එසේ මෙසේ කරදරයක නෙවෙයිමුලින්ම එයා ලස්සන සිනිඳු රෙද්දකින් මහපු ඇඳුම කූරු වලට ඉරිලා යන්න ලොකු වෙලාවක් ගියේ නැහැ.

අනේ ඉතින් දැන් මොකද කරන්නේපෙගීටත් හරිම දුකයිමකුළු නෝනා ආයෙමත් ගොඩක් ගොරෝසු රෙද්දකින් ඇඳුමක් මහන්න ගත්තාඒත් අවුරුදු කුමාරි තරඟයකට ඒක හරියන්නේ නැහැ කියලා එයාටම තේරුණාඇඳුම බලන්න ආව පෙගීට දන්නෙම නැතිව මකුළු නෝනගේ ගෙදර නින්ද ගියාපෙගී දිහා බලන් විසඳුමක් කල්පනා කරන මකුළු නෝනට හොඳ අදහසක් ආවා .එයා පාට පාට නූල් ගොඩකුයි ගොතන කටුවකුයි එක්ක පෙගී අසලින් වාඩි වුණාපෙගී උදේ ඇහැරෙද්දි ලස්සනම ලස්සන ඇඳුමක් එයා වටා ගෙතිලා ඉවරයිකූරු වටේට පවා ලස්සන ගෙත්තමක් කරලා තිබුණාඒ වගේ ලස්සන ඇඳුමක් කවුරුවත් දැකලා තිබුනේ නැහැඉතින් තරඟ ප්‍රථිපල ගැන කතා කරන්න දෙයක් නැහැනේපෙගී තමා අවුරුදු කුමාරිවුණේඒත් තව කෙනෙකුටත් ඉහළම සම්මානයක් එක්ක හැමෝගෙන්ම තෑගී බෝග ගොඩක් ලැබුණාඒ තමා මකුළු නෝනාදක්ෂතම නිර්මාන්ශීලී ම පුද්ගාලයාට ලැබෙන සම්මානේ ලැබුණේ මකුළු නෝනටඉතින් හැමෝටම සතුටුයිඑත් පෙගී සහ මකුළු නෝනා වැඩියෙන්ම සතුටින්.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles