මවුකිරි දීමේ නිවැරදි පිළිවෙත්

දරුවෙකුගේ පළමු ආහාරය වන්නේ මවු කිරි බව අප කවුරුත් දන්නවාඉපදී මාස හයක් පමණ වන තෙක් දරුවෙකුට මව් කිරි පමණක් ආහාරයට ලබා දෙන අතර දරුවාගේ මූලික වර්ධනයලොව සමග සම්බන්දතාආදරය මව් කිරි පදනම්ව ගොඩ නැගෙනවා.

අලුත උපන් දරුවෙකු ඉපදී පැය බාගයක් ඇතුළත මව් කිරි දීම ආරම්භ කලයුතුයිදරු ප්‍රසුතියෙන් පසු මුල් දින කිහිපය තුළ ශ්‍රාවය වන කිරි තුළ කොලස්ට්‍රම් අඩංගු වෙනවාදරුවෙකුට කොලස්ට්‍රම් ලැබෙන්නේ මුල් දින කිහිපයේ පමණයිඑය ප්‍රතිදේහ වලින් සරු නිසා දරුවා අසාත්මිකතා වලින් සහ ආසාදන වලින් ආරක්ෂා කරනවාඒ නිසාම අනිවාර්යයෙන්ම නිවැරදිව මවු කිරි දරුවාට අනිවාර්යයෙන්ම ලබා දියයුතුම වනවා.

මවුකිරි වල වාසි

  • දරුවා ආසාදන ,අසාත්මිකතා වලින් ආරක්ෂා කරයි.
  • ශාරීරය වර්ධනය කරයි.
  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
  • ජීර්ණ අපහසුතා වළක්වයි.
  • විටමින් බහුල බැවින් අක්ෂි රෝග වළක්වයි.
  • දරුවාට අවශ්‍ය ජලය නිසි පමණ ලබාදෙයි.
  • ප්‍රෝටීන්ලැක්ටෝස් සහ විටමින් වර්ග ලබාදෙයි.
  • මව සහ දරුවා අතර සමීප සම්බන්ධතාවය වර්ධනය කරයි.

නිවැරදිව කිරි දෙන්න..

  • නිතරම පුටුවක වාඩිවී දරුවා එක අතකින් සුරක්ෂිතව වඩාගෙන කිරි දීමට පුරුදු වෙන්න.
  • අනෙක් පියයුරට මාරුවීමේදී අනෙක් අතට ගන්න.
  • එක පියයුරකින් මිනිත්තු 20 පමණ කිරි දෙන්න.
  • එක වරකට එක පියයුරකින් දී අනෙක් වර අනෙක් පියයුරෙන් දීමට වගබලා ගන්න.
  • පියයුරෙහි නිපදවන කිරි ගලාවිත් කළු කොටස හෙවත් ඇරියෝලාව යටින් එකතුවෙනවාඑබැවින් එම කොටසද දරුවාගේ මුව තුළට වැවීමෙන් එම කොටසද ඉරීමට දරුවා පෙළඹෙනවාඉන් කිරි වැඩි ප්‍රමාණයක් දරුවාට ඇතුල් වෙනවා.
  • දරුවා ට එක පියයුරකින් විනාඩි 20 පමණ කිරි දීම සෑහෙන අතර තන පුඩුව කටේ දමාගෙන දරුවාව නිදි කරවීමට පුරුදු වන්නට එපාඉන් වන්නේ දරුවාට නින්ද යාම සඳහා නිතරම තන පුඩුව අවශ්‍ය වීමත්ඔහු නිතරම එහි එල්ලීමට පුරුදු වීමත්නිසි පරිදි කිරි උරා නොබිමත්.
  • නිතර කිරි උරා බීම නිසා තුවාල වන තන පුඩුව මත මව් කිරි ආලේප කිරීමෙන් සුව කරගන්නට පුළුවන්.
  • ඒ වගේම කිරි පෙවීමෙන් පසු ගුඩුස් යැවීමටද අමතක කරන්න එපා.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles