පොඩිත්තන්ට රස කෑම – නිවිති බතක්

නිවිති බතක්.. සමග නිවිති සෝස්

එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වයට කරන්නේ ඉතාමත් ම නරක බලපෑමක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි .

අවශ්‍ය දේවල්

  • තම්බා පිසගත් බාස්මතී සහල්
  • ග්‍රෑම් 500  නිවිති දළු ග්‍රෑම් 200
  • මාගරින් තේ හැඳි එකයි
  • ගසාගත් බිත්තර හතරක්
  • පෙති කපාගත් රතුලූනු ග්‍රෑම් 50
  • රම්පෙ කරපිංචා ටිකක්

සාදන ක්‍රමය

බඳුනකට මාගරින් දමා රත් කර  එයට ළූණු සුදු ළූණු රම්පෙ කරපිංචා දමා රන්වන් පාට වන විට නිවිති දමා විනාඩි දෙකක් බැදෙන විට ගසාගත් බිත්තර දමා කලවම් කර ලුණු ගම්මිරිස් දමා බත් මිශ්‍ර කරන්න .

මාලු මිශ්‍ර නිවිති  සෝස් එක

අවශ්‍ය දේවල්.

  • සුදු මාළු ග්රෑම් 250
  • වතුර ලීටර් භාගයක්
  • කැරට් ග්‍රෑම් 25
  • ළූණු ග්‍රෑම් 20
  • නිවිති දළු ග්‍රෑම් 200
  • මාගරින් ග්‍රෑම් 25
  • පිටි ග්‍රෑම් 25
  • ක්‍රීම් මිලිලීටර් 25
  • ගම්මිරිස් ඇට ටිකක්

සාදන ක්‍රමය

බඳුනකට මාළු ,වතුර ,සැල්දිරි ,ගම්මිරිස් ඇට, කැරට් ,ලීක්ස් දමා තම්බන්න .තැම්බුණු පසු සෙමින් මාළු ඉවත් කර  මාළු වතුර වෙනම තබන්න . බඳුනකට මාගරින් දමා රත්කරන්න. එයට  පිටිවලින් ටික ටික දමා කලවම් කරමින් නිවාගත් මාළු වතුර දමා කලවම් කර  මදගින්නේ රත් කරන්න .එය දැන් ඝනකම් සෝස් එකක් .එයට නිවිති මාළු ලුණු ගම්මිරිස් ක්‍රීම් දමන්න .එය සෝස් එකක් ලෙස බ්ලෙන්ඩරයට  දමා හොඳින් අඹරා ගන්න.

බත  පිගානට දැමීමේ දී  අලංකාර ලෙස සැරසීමට අමතක නොකරන්න.සෝස් බත් එක මතට රටාවක් ලෙසට දමා පිළිගන්වන්න.

-චම්මි-

Related Articles

Don't Miss


Latest Articles