කෑම වේල රසවත් කරන වෙනස් ම සැලඩ් වර්ග 3ක්

කෑම වේලක් ඕනම කෙනෙකුට ප්‍රිය වෙන්නේ විවිධත්වයක් තියනකොටයි.ගෘහණියක් විදිහට පවුලේ අය වෙනුවෙන් ආහාර සකස් කරන කොට රස සහ ගුණ ගැන හිතනවා වගේම ඔබ හදන ව්‍යාංජන වර්ග එකිනෙකට ගැලපෙන , ඇහැට ප්‍රිය වීම ගැනත් හිතන්නට ඕනේ. මේ ව්‍යාංජන අතරට රසවත් සලාදයක් එකතු වුණොත් ඔබේ කෑම වේල මොනතරම් රසවත් වෙයිද ? මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ කෑම වේල තවත් රසවත් කරන්නට පුළුවන්, පහසුවෙන් සකස් කරගත හැකි සලාද වර්ග ගැනයි 

මල් ගෝවා සලාදය 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

මල්ගෝවා ගෙඩියක්

ලොකු ළූණු ගෙඩි 2- 3

තක්කාලි ගෙඩි 02

මාලු මිරිස් කරල් 02

ගම්මිරිස් කුඩු තේ හැන්දක්

රස අනුව ලුණු 

දෙහි ස්වල්පයක් 

හදන්නේ මෙහෙමයි 

මුලින්ම මල්ගෝවා ගෙඩිය අතින් කුඩා කෑලිවලට කඩා ගෙන ලුණු මිශ්‍ර වතුරේ විනාඩි 10ක් බහා තබා සෝදාගන්න

පසුව එයට ලුණු සහ කහ ස්වල්පයක් එකතු කොට තම්බාගන්න

වෙනම භාජනයකට ළූණු, තක්කාලි සහ සිහින්ව කපාගත් මාලු මිරිස් එකතු කර, එයට ලුණු සහ ගම්මිරිස් දමා හොදින් මිශ්‍ර කරන්න 

දැන් එයට තම්බාගත් මල්ගෝවා ටික එකතු කර අවසානයට දෙහි ස්වල්පයක් මිශ්‍රකර ගන්න 

වම්බටු සහ අන්නාසි සලාදය

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

වම්බටු ග්‍රෑම් 500ක්

බී ළූණු ගෙඩි 3

මාළු මිරිස් කරල් 4

තක්කාලි  ගෙඩි 2

අන්නාසි කැබලි ටිකක්

අඹ චට්නි මේස හැඳි 3

තක්කාලි සෝස් මේස හැඳි 2

මිරිස්කුඩු මේස හැන්දක්

ලුණු හා ගම්මිරිස් රස අනුව

හදන්නේ මෙහෙමයි 

මුලින්ම වම්බටු ගෙඩියට හීනි පෙති කපාගෙන ගැඹුරු තෙලේ බැදගන්න

මීළඟට භාජනයකට අඹ චට්නි , තක්කාලි සෝස්, මිරිස්කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න

දැන් ළූණු, අන්නාසි, තක්කාලි හා මාළු මිරිස් කපාගෙන මිශ්‍රණයට එකතු කර අවසානයට  බැදගත් වම්බටු ටික එකතු කරන්න 

ඇපල් සලාදය

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ඇපල් ගෙඩි 2 – 3 

සලාද කොළ කිහිපයක් 

ගෝවා 250g

ලොකු ළූණු ගෙඩි 1

තක්කාලි ගෙඩි 1

අමුමිරිස් කරල් 3

යෝගට් 1

සීනි තේ හැන්දක්

ඔලිව් ඔයිල් තේ හැන්දක්

ගම්මිරිස් තේ හැන්දක්

ලුණු රස අනුව 

දෙහි බිංදු කිහිපයක් 

විනාකිරි ස්වල්පයක් 

හදන්නේ මෙහෙමයි 

මුලින්ම ඇපල් හොඳින් සෝදා පිරිසිදු කර කොටු කපා ගන්න 

කොටුවට කපාගත් ඇපල් දෙහි මිශ්‍ර අයිස් වතුරේ දමා මද වේලාවක් තියෙන්න හරින්න

ඊලගට ගෝවා, සලාද කොළ, ළූණු, තක්කාලි, අමුමිරිස් සිහින්ව කපන්න

යෝගට් එක බඳුනකට දමා එයට සීනි, ගම්මිරිස්, ලුණු, දෙහි, විනාකිරි එකතු කර හොඳින් මිශ්‍රකර තබන්න 

කොටු කපාගත් ඇපල් වල වතුර ඉවත් කර භාජනයකට දමා අනෙක් අමුද්‍රව්‍ය සියල්ලම එයට එකතු කර හොඳින් මිශ්‍ර කර අවසානයට ඔලිව් තෙල් බිංදු කිහිපයක් එකතු කරගන්න

Related Articles

Don't Miss


Latest Articles