රසම රස කොස් රෙසිපි 03ක්

බත් ගහ කියල කොස් ගහට කියන්නෙ ඉතින් නිකම් නෙවෙයිනේ. කොස් ගහෙන්, එහෙම නැත්තම් කොස් ගෙඩියෙන් මොන තරම් නම් කෑම වර්ග හදාගන්න පුලුවන්ද? ඒ වගේම කෑම මොන තරම් නම් රසයිද?

ඉතින් අපි අද හිතුවා ඔයාලා එක්ක කොස් වලින් හදාගන්න පුලුවන් රසම රස රෙසිපි තුනක් බෙදාගන්න. ඉතින් වැඩි කතා මොකටද නේද?

අපි බලමු මොනවද මේ රසම රස රෙසිපි තුන කියලා.

1. කොස් ෆ්‍රයිඩ් රයිස්

ෆ්‍රයිඩ් රයිස් කියන්නෙ ඕනම කෙනෙක් වගේ කන්න ආස කරන කෑමක්නේ. හැමදාම අපිට ඉතින් පුරුදු කැරට්, ලීක්ස් දාලා හදන ෆ්‍රයිඩ් රයිස් කාලා නිසා ඔන්න වෙනසකටත් එක්ක අපි අද කොස් ෆ්‍රයිඩ් රයිස් එකක් හදල බලමුද?

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බෙරි නොවෙන්න ලුණු දාල පිසගත්ත බත් කෝප්ප 2
  • පොඩියට කපාගත් කොස් කෝප්ප 1
  • තක්කාලි සෝස්
  • ඔයිස්ටර් සෝස්
  • සෝයා සෝස්
  • තරමක කෑලි කැපූ ළූණු ගෙඩි 1
  • තලාගත් ඉඟුරු, සුදුළූණු
  • මිරිස්කුඩු තේ හැඳි 1
  • කපාගත් ළූණු කොළ ටිකක්
  • තල තෙල් ටිකක්

සාදා ගන්නා ආකාරය:

කපාගත් කොස් වලට සෝයාසෝස්, ඔයිස්ටර් සෝස් හා තල තෙල් ටිකක් දාලා පැය බාගයක් සීසන් වෙන්න ෆ්‍රිජ් එකේ තියන්න.

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු එක්ක කොස් ටික දාලා කොස් තැම්බෙනකල් අඩු ගින්දරේ විටින් විට කලවම් කරමින් වහල තියන්න.

කොස් තෙලෙන් තැම්බුනාම මිරිස්කුඩු, කපාගත් ළූණු, තක්කාලි සෝස් එකතු කරන්න. හොඳට තෙම්පරාදු උනාම බත් ටික එකතු කරන්න. තල තෙල් ටිකකුත් දාගන්න.

සීනි තේ හැන්දක් වගේ දාලා අන්තිමට ළූණු කොළ ටික දාගන්න. රස අනුව ලුණු දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න.

2. කොස් කොත්තු

අවශ්‍ය ද්‍රව්‍ය:

  • පැහුණු ගෙඩියකින් ගලවාගත් කොස් මදුළු කෝප්ප 1
  • තලාගත් ඉඟුරු, සුදුළූණු ටිකක්
  • චොප්කරගත් ලොකු ළූණු ගෙඩි 1
  • ග්‍රේට් කරගත් කැරට් කෝප්ප 1/4
  • හීනියට කපාගත් ලීක්ස් කොළ ටිකක්
  • රම්පේ හා කරපිංචා
  • සෝයාසෝස් මේස හැඳි 2
  • පිසගත් චිකන් කෑලි 4-5ක්
  • චිකන් හොදි ටිකක්
  • ගසාගත් බිත්තර 1
  • ලුණු හා ගම්මිරිස්කුඩු
  • කහ ස්වල්පයක්
  • කෑලිමිරිස් සැර අනුව

සාදා ගන්නා ආකාරය:

මුලින්ම කොස් ටික සෝදලා කහ හා ලුණු ස්වල්පයක් දාලා අතගාලා ස්ටීමර් එකේ තම්බගන්න. බෙරි නොවී කෑලි වෙන් වෙන්ව තියාගන්නයි මෙහෙම තම්බගන්නෙ.

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු, සුදුළූණු, ළූණු, රම්පේ හා කරපිංචා එකතු කරන්න.

බිත්තරය දාලා හොඳට කලවම් කරගන්න. කැරට්, ලීක්ස්, සෝයාසෝස් ටික දාල කලවම් කරන් ඒකටම  චිකන් ටික පොඩි කෑලි කඩල දාගන්න.

දැන් කෑලිමිරිස් හා ගම්මිරිස්කුඩු දාලා කලවම් කරන්න. අන්තිමට කොස් කෑලි ටික දාලා කලවම් කරන ගමන් චිකන් හොදි ටිකකුත් දාගන්න.

ලුණු රස බලලා අවශ්‍ය නම් එකතු කරගන්න.

3.කොස් චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • හීනියට ලියාගත් කොස් කෝප්ප 1
  • මිරිස්කුඩු තේ හැඳි 1/2
  • කහකුඩු තේ හැඳි 1/4
  • ලුණු හා ගම්මිරිස්කුඩු

සාදා ගන්නා ආකාරය:

කොස් ටික තෙත ගතිය නැතිවෙන්න අවන් එකේ හෝ අව්වේ තියල වේලගන්න. අවන් දානවනම් විනාඩි 3-4ක් උපරිම ඇති. දැන් වේලුණු කොස් ටිකට කහ ටිකක් අතගාලා ගැඹුරු තෙලේ බැදගන්න.

මිරිස්, ගම්මිරිස් සහ ලුණු කුඩු රස අනුව කලවම් කරලා කෑමට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles