රසවත් සති අන්තයකට කෑම වට්ටෝරු

සති අන්තය රස ගන්වන තවත් ආහාර වට්ටෝරු කිහිපයක්ම ඔබට අප තිළිණ කරනවාඉතින් ඔබේ ආදරණියයන්ගේ සහභාගිත්වයෙන් රස මොහොතක් ගත කිරීමට මේ සමඟ ඔබට හැකි වනු බව අපේ විශ්වාසය වනවා.

මික්ස් වෙජිටබල් කරිය

අවශ්‍ය ද්‍රව්‍ය:

  • දම්පාට ගෝවා කොටු කපා ග්‍රෑම් 100
  • සුදු පාට ගෝවා ලොකු කොටු ග්‍රෑම් 100
  • රතු රාබු ලොකු කොටු ග්‍රෑම් 100
  • කහපාට සුකිනි කුඩා කොටු කපා ග්‍රෑම් 100
  • කොළ පාට සුකිනි කොටු කපා ග්‍රෑම් 100
  • අන්නාසි කොටුකපා කෝප්ප 1
  • රතු ළුණු ගෙඩි 10 පමණ
  • කොටු කපා ගත් තක්කාලි ගෙඩි 2
  • කුරුඳු පවුඩර් තේ හැඳි 1
  • කරි කුඩු තේ හැඳි 1
  • දෙහි ඇඹුල් මේස හැඳි 1
  • උකු පොල්කිරි කෝප්ප 2
  • තලා ගත් සුදු ළුණුතේ හැඳි 1/2
  • රම්පෙ කරපිංචා ස්වල්පයක්

සාදන ක්‍රමය:

බඳුනකට බටර් දමා රත්වන්නට හැර සුදු ළුණු,රම්පෙකරපිංචාකුරුඳු පවුඩර් එකතු කර කරි පවුඩර් කහ කුඩු ඇතුළු සියල්ල එකතු කර තරමක් තෙම්පරාදු කරන්නඑයට එළවලුරතු ළුණු සමඟ තක්කාලි සහ ලුණු එකතු කර හොඳින් මිශ්‍ර කර මද ගින්නේ විනාඩි 2 වසා තබන්නවතුර හොඳින් හිදෙන තුරු හැන්දෙන් සෙමෙන් මිශ්‍ර කර පිසින්නකිරි උතුරුවා ලිපෙන් ඉවතට ගන්නඅවසානයට අන්නාසි සහ දෙහි ඇඹුල් එකතු කරන්න.

ගෝවා මල් සමඟ බැදගත් කුකුළු මස්

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ගෝවා මල් ග්‍රෑම් 250
  • කුකුළු මස් ග්‍රෑම් 200
  • ලුණු කොළ ග්‍රෑම් 100
  • පාන්පිටි ග්‍රෑම් 150 ,200
  • බිත්තර 1
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • බැද ගැනීමට තෙල් කෝප්ප 3
  • සූදුරු ඇට තේ හැඳි 1/2
  • ලියා ගත් කරපින්චා තේ හැඳි 1
  • ඉදුණු තක්කාලි ග්‍රෑම් 250
  • කැබලි මිරිස් තේ හැඳි 1,2 ,
  • කඩා ගත් සූදුරු තේ හැඳි 1,2
  • බටර් මේස හැඳි 1

සාදන ක්‍රමය:

පළමුව ගෝවා මල් පිරිසුදු කර වතුර බේරෙන්න තබන්නකටු නැති කුකුළු මස් ගෙන සිහින් තීරු කපන්නළුණු කොළ අඟලක ප්‍රමාණයට කපා සෝදා පසෙක තබන්නතක්කාලි කොටු කපා පසෙක තබන්නපාන් පිටිවලට බේකින් පවුඩර් දමා හලා බිත්තර සහ වතුර එකතු කර බැටරයක් සාදා ගන්නමෙම බැටරයට ලුණු ස්වල්පයක් එකතු කර ගෝවා මල් බැටරයේ දමා බැද පසෙකින් තබන්න.

කුකුළු මස්ද බැටරයේ දමා බැද පසෙක තබන්න.වෙනත් බඳුනකට බටර් දමා රත් වන විට සුදු ළුණු සමඟ සූදුරු දමා කැබලි මිරිස් එකතු කර තෙලේ බැද තක්කාලි එකතුකර මෙය හොඳින් උතුරන විට කුකුළු මස් සහ ගෝවා මල් එකතු කර සෙමින් මිශ්‍ර කරන්නදීසියකට දමා කපා ගත් ළුණු කොළ උඩින් දමා මේසය මත තබන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles