හැම්,බේකන්, සොසේජස් ගැන හරියටම දැනගමු.

හප්පේ, ඔය ඉතින් හැම්, බේකන් , සොසේජස් කාලා හැදුණු අයනේ. ” 

අහලා ඇති නේද ඔය කතාව. හැම්, බේකන් කන එක එච්චරට අරුම දෙයක්ද කියලා දැනගන්න මේ ආර්ටිකල් එක කියවලා ඉමුද ? 

හැම් 

හැම් හදන්නේ ඌරන්ගේ පිටිපස්සේ ගාත්‍රා වල කලවා ප්‍රදේශයේ මස් වලින්.  ඌරු ගාත්‍රාව කල් තබා ගැනීමේ ක්‍රමවේද මඟින් සංරක්ෂණය කරගෙන තමයි හැම් බවට පත් කෙරෙන්නේ. ලුණු ද්‍රාවණ, වියලීම සහ දුම් ගැසීම මේ ක්‍රියාවලියට පාවිච්චි කෙරෙනවා. කල් තබා ගන්න එකට අමතරව මේ විදියට සංරක්ෂණය කිරීම නිසා මස් වලට අතිරේක රසයකුත් ලබා දෙනවා. හැම් වල රස වැඩි කරන්න සීනි මී පැණි, කුළුබඩු වගේ දේවලුත් එකතු කරනවා.  

අතීත ලෝකේ හැම් වලට වැඩිම ජනප්‍රියතාවය ලැබුණේ උතුරු ඇමරිකානු ගොවිපළවල් වලලු.  ඊට පස්සේ හැම් ලොකේ පුරාම අතිශය ජනප්‍රිය පලමු පන්තියේ කෑමක් විදියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. 

හැම් හදන්න ගන්න ඌරන් පාලනය පවා දැන් වෙනම සුවිශේෂි ක්‍රමවේද වලට අනුව තමයි කරන්නේ.  මස් සකස් කිරීමත් තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව කරනවා. 

ඒ වගේම  හැම් කියන්නේ  ඉහළ ශ්‍රේණියේ සත්ව ප්‍රෝටීන්, තයමින් සහ යකඩ ප්‍රභවයක් කියලත් අමතක කරන්නෙපා. 

සොසේජස් 

සොසේජස් කිව්වම නම් දැන් නොදන්න කෙනෙක් නැති තරම් නේ. ලංකාව වගේම ලෝකය පුරාම   විවිධ වෙළඳ නාම යටතේ සොසේජස්  නිශ්පාදන වෙනවා. සොසේජස් නිශ්පාදනය  ගැන විවිධ දුර්මත තියෙනවා වුණත්, සොසේජස් කියන්නේ නම් බොහෝ දෙනා ප්‍රිය කරන සකසා ගන්න පහසු ආහාරයක්.

ප්‍රධාන වශයෙන්ම සොසේජස් හදන්න පාවිච්චි කරන්නේත් ඌරන්ගේ මස්. ඊට අමතරව නිර්මාංශ සොසේජස් වර්ගත් මේ වෙනකොට වෙළඳපොල ට ඇවිල්ලා තියෙනවා. බිම්මල් සොසේජස්, පොළොස් සොසේජස් කියන්නේ නේ වෙනකොට ලංකාවේ යම් ජනප්‍රියතාවයක් තියෙන නිර්මාංශ සොසේජස් වර්ග දෙකක්.

සොසේජස් කර්මාන්තශාලා වලට අරගෙන එන දෙපළු කරපු ඌරන්ව තත්ව පරික්ශා කටයුතු වලට ලක් කරලා තමයි සොසේජස් හදන්න පාවිච්චි කරන්නේ.ඊට පස්සේ ශීතාගාර වල තැන්පත් කරලා තියලා තමයි කුඩා කොටස් වලට කැපීමේ ක්‍රියාවලියට  ලක් කෙරෙන්නේ. මේ කැපීමේ ක්‍රියාවලිය ගොඩක් වෙලාවට අතින් තමා කෙරෙන්නේ. මැෂින් වලින් කරන අයත් ඉන්නවා. හැබැයි වඩා ගුණාත්මක භාවය තියෙන්නේ අතින් කරන කැපීමේ ක්‍රියාවලියට කියලා තමයි නිශ්පාදන ක්‍රියාවලියේදි සැලකෙන්නේ.

ඊට පස්සේ ඒ මස් කැබලි ඉතා අඩු උෂ්ණත්වයක් යටතේ ශීත කෙරෙනවා. ඉන් පස්සේ තමයි නියමිත කුළු බඩු මිශ්‍රණය එක්ක කලවම් කෙරෙන්නේ. ඊට පස්සේ ඇඹරුම් යන්ත්‍රයට යොමු කෙරෙනවා.

ඊටත් පස්සේ පිරවීමේ යන්ත්‍රයට මේ මිශ්‍රණය යොමු කෙරෙනවා.එතනදී පොලිතින් බෑග් වලට මිශ්‍රණය පිරවෙනවා. ඊට පස්සේ ඒ සොසේජස් පිසගැනීමේ උඳුන වෙතට යවලා, ශීත කිරීමට භාජනය කෙරෙනවා. ඊට පස්සේ පොලිතින් ආවරණ ඉවත් කරලා, තත්ව පරීක්ශකවරුන් යටතේ තත්ව පරික්ශාවට ලක් කෙරෙනවා. පිළිවෙලට අසුරලා, අධි ශීතකරණයට සොසේජස් යොමු කරන්නේ නිශ්පාදන ක්‍රියාවලියෙ අවසානම අදියර  විදියට.

බේකන් 

බේකන් කියන්නේත්  ඌරාගේ පිටුපස ගාතයේ මේදය අඩු ප්‍රදේශ වලින් සහ බඩ ප්‍රදේශයේ කොටස් වලින් හදන  ආහාර වර්ගයක්.  උදෑසන ආහාරයක් විදියට තක්කාලි සහ ලෙටියුස් එක්ක බේකන් හරිම ප්‍රසිද්ධයි. 

ඌරාට අමතරව කළුකුම්, එලු, කුකුළු මස් වල කපා ගත්තු  කොටස් වලිනුත් බේකන් හදනවා. එතකොට ඒවා හැඳින්වෙන්නේ “ගෝට් බේකන්” වගේ සුවිශේෂි වුණ නම් වලින්.

බේකන් වලට යෙදෙන්නේත් ආහාර කල් තබා ගැනීමේ සරළ මූලධර්ම වලම වැඩි දියුණු කරපු ක්‍රමවේදයන්. විශේෂයෙන්ම ලුණු යොදාගෙන තමයි බේකන් නිශ්පාදන ක්‍රියාවලියේ කල් තබා ගැනීම සිදුවෙන්නේ.  සාන්ද්‍ර ලුණු ද්‍රාවණ වල මස් කැබලි ගිල්වීමේ ක්‍රියාවලියක් වගේම, මස් කැබලි තුලට සාන්ද්‍ර ලුණු ද්‍රාවණ එන්නත් කිරීමේ ක්‍රියාවලියකුත් බේකන් නිශ්පාදනය කරන විදි අතර හමුවෙනවා. ඊට අමතරව වියළීම සහ ධූමායනය කියන ක්‍රියාවලීනුත් භාවිතා වෙනවා.

කොහොම වුණත්, ලෝක සෞඛ්‍ය සංවිධානය එළිදක්වපු වාර්තාවලට අනුව හැම් , බේකන් වගේ මස් පාදක කරගෙන නිපදවන ආහාර දිගින් දිගටම නොකඩවා ආහාරයට ගන්න එක නම් ඔබේ සෞඛ්‍යට ඒ තරම්ම හොඳ නැති බවත් මතක තියාගන්න ඕනි.

| අපේක්ෂා ගුණරත්න |

Related Articles

Don't Miss


Latest Articles