Stories

“දැන් ඉතින් මොන තරං රංගන දාන්න හැදුවත් වැඩක් නෑ. ඇඳේ උන්නත් පුතා උනත් දැනගන්නෝන තමන්ට මෙයාකාරව ඇඳක් උඩට වෙලා ඉන්න සිද්ද උනේ කා හන්දද...

අංගාර – 33

0
 රැය පහන් කරමින් ඇමතුමේ සිටින්නට අවැසි වුවද චායා වගකීම් සහගත වූවාය. සස්මිත දරන්නේ ඔහුගේ සේම අයියාගේ සහ විහඟිගේද  ජීවිත වල වගකීමය. සුව නින්දකින් ඇහැරිය...

BE SILENT – 34

0
" මනුහස් දන්නවද රෙඩ් චිලී එක . ? මවුන්ට් ලැවීනියා වල තියෙන්නේ . ටැමී මේ දවස්වල ඉන්නේ ඒ නයිට් ක්ලබ් එකේ කියලා මට පොඩි...
මනුසත්ට තවමත් ඇඳෙන් නැගිටලා සාලයටවත් යන්න පණක් තිබුණේ නැහැ.  කාමරේ හතර මායිමට කොටු වෙලා ඉන්න එක මනුස්සයෙක්ට මොන තරම් වධයක්ද කියලා මම දැනගෙන හිටියා. ඒ...

අංගාර – 32

0
 රාත්‍රී ආහාරය කාමරයට ගෙන ගොස් ගන්නා බව චරකගේ ඇමතුමට දන්වා, සස්මිත රාත්‍රී ආහාරය තම කාමරයට ඇණවුම් කර කාමරයට ගියේය. ගත දොවා ගත්තේය. සැහැල්ලු කලිසමකින්...

BE SILENT – 33

0
මනුහස් නැවත වතාවක් ජායාරූපය දෙස හොඳින් බැලුවේය . එහි පිරිමි ළමුන් හය දෙනෙකු සහ ගැහැනු ළමුන් තුන්දෙනෙකු සිටියහ. ඉතා කෙළිලොල් මුහුණු වලින් ජායාරූපයට පෙනී...
"ලිහිණි... අයි... අයි...ඇම්… සොරි..." එයාගේ ඇස් දෙකෙන් කඳුළු කැට දෙකක් කඩාගෙන වැටුණා. "මං... ඔයාට... ගොඩක්... රිද්දුවා...භා…භානු…ක්…කී" මනුසත් හෙමින් සැරේ සිහිය ලබන්න පටන් ගත්තත්, එයාගේ කටහඬ...
තමා සන්තකයේ සස්මිතගේ  දුරකතන අංකය නැතැයි සිතමින් , යම් යම් කාර්‍යයන් වෙත සිත යොමු කරමින් චාය දෙවන සම්පූර්ණ දවසද ගෙවා දැමුවාය. එහෙත් පසුදා උදෑසන...
අදාල කාරණාවට අමතරව තවත් දෑ උමායාගෙන් පිටවීම තමන්ගේ සැලැස්ම සාර්ථක බව මනුහස්ගේ සිත දිගින් දිගටම ඔහුට ඒත්තු ගන්වමින් සිටියේය . " මගේ ආන්ටි කෙනෙක් ඉන්නවා...
එකෝමත් එක කාලෙක, මුහුදු හුළඟට නැවිච්ච පොල් ගස් පේළියකුයි, රත්තරන් පාටට දිලිසෙන වැල්ලකුයි තිබුණ හරිම නිස්කලංක වෙරළක් අයිනේ නීල් කියලා කොල්ලෙක් හිටියා.  නීල්ගේ හිත හරියට ඉර හොඳට පායපු දවසක දකින නිල්ම නිල් අහස වගේම පිරිසිදුයි. එයාගේ ලෝකේ තිබුණේ හරිම සරල, ලස්සන හීන. නීල් මුලින්ම ආදරේ කළේ ඒ ගමේ හිටපු හරිම හැඩකාර කෙල්ලෙක්ට. එයාගෙ නම මාලි. මාලි කොච්චර ලස්සනද කියනවා නම්, එයා පාරේ යද්දී ඕනෑම කොල්ලෙක් නතර වෙලා දෙපාරක් හැරිලා බලන තරම් මාලි ලස්සනයි. නීලුත් ඉතින් ඒ රූපෙට රැවටිලා, තමන්ගේ මුළු ජීවිතේම මාලිගෙ පාමුල තියන්න හිතාගත්තා. මුල් දවස්වල හැමදේම හරිම ලස්සනට වුණා. මූදු හුළඟේ පෙඟි පෙඟී දෙන්නා වෙරළ දිගේ ඇවිදිනකොට නීල් හිතුවේ ලෝකේ තියෙන ලොකුම වස්තුව තමන්ට හම්බුණා කියලා. හැබැයි ටික කාලයක් යද්දී ඒ ලස්සන හීනෙ හරිම බය හිතෙන එකක් වෙන්න පටන් ගත්තා. ඒ කෙල්ල නීල්ට ආදරේ කළේ නැහැ, එයා කළේ නීල්ව තමන්ගේ අත් අස්සේ හිරකරලා තියාගෙන වද දීපු එක.  “තමුසෙ මක්කටද ඒකි එක්ක කතා කළේ?" "තමුසෙ ඉන්නෝන මට ඕන විදියට" “මට අරක අරන් දීපන්, මේක අරන් දීපන්. තමුසෙට තමයි මට මුකුත් අරන් දෙන්න බැරි. ඉඳලා ඉඳලා මාත් යාලුවෙච්ච හිඟන්නා" කියලා මේ කෙල්ල ආදරේ නාමයෙන් නීල්ගෙ හුස්ම චුට්ට චුට්ට හිරකරා. නීල්ට තමන්ගේම කියලා හිතක්, තමන්ට ඕන විදිහට වැඩක් කරන්න ඉඩක් මාලි ඉතුරු කළේ නැහැ. ඒක හරියට හරිම සුවඳයි කියලා හිතලා අතට ගත්තට පස්සේ හත් පොළකින් ලේ එන්න කටු ඇනෙන රෝස මලක් වගේ දෙයක් කියන එක නීල්ට උනත් තේරෙන්න ගත්තෙ ටිකක් කල් යද්දිල්. නීල් මේ හලාහල විසක් වගේ බැඳීම ඇතුළේ හිරවෙලා හොඳටම විඳෙව්වා. ඒ කෙල්ල නීල්ට හැමදාම කළේ නින්දා අපහාස කරපු එකයි, නීල්ගේ හිත පෑරෙන විදිහට කතා කරපු එකයි විතරයි. අන්තිමේදී, ඒ කෙල්ලගේ තිත්ත වචන තවත් දරාගන්න බැරි වුණු දවසක, නීල් රෑ යාමේ තනියම මූද අද්දරට ආවා. එදා අහස හරිම අමුතුයි, එක තරුවක්වත් පේන්න තිබුණේ නැහැ. මහ මූදේ රළ පෙළ වෙරළේ වැදිලා බිඳෙන සද්දේ විතරක් මුළු පළාතෙම දෝංකාර දුන්නා. ඒ රළ පහරවල් වැල්ලේ වැදිලා ආපහු ඇදිලා යද්දී, නීල්ට දැනුණේ තමන්ගේ සතුටත් ඒ රළ එක්කම ඈත දියඹට ඇදිලා යනවා වගේ. නීල් වැල්ලේ දණ ගහලා ඉඳගෙන, දෑතින් වැලි අහුරු මිරික මිරික මහ හයියෙන් ඉකිගහන්න ගත්තා. " මං හිතුවේ ආදරේ කියන්නේ මාව සුවපත් කරන, මට සතුට දෙන දෙයක් කියලා. ඒත් ඇයි බං මේ ආදරේ මගේ හදවත මෙච්චර පහුරුගාන්නේ? මට නිස්කලංකෙ හුස්ම ගන්නත් බය හැඟීමකට අපිට ආදරේ කියලා කියන්න පුළුවන්ද? මට දැනෙන්නෙ මට මාවම නැති වෙලා වගේ. මාලි මට රිද්දද්දි ඕවා ඉවසපං, කෙල්ලො එහෙම තමයි කිව්වා මිසක්, මගේ ඇස්වල තියෙන කඳුළක්, මගෙ හිතේ තියෙන වේදනාව දකින්න එක හිතක්වත්, එක මනුස්සයෙක්වත් මේ ලෝකේ නැද්ද?" නීල් මේ වේදනාව මූදට කියද්දී,...