සෝමා පැමිණෙන්නට පෙර යා යුතු වග පවසා නුරාන් පිටව යන්නට සූදානම් වූයේ, ඇයට ඇමතුමක් දෙන්නට පොරොන්දු වීමෙන් පසුවය.
" නම්බර් එක ඒකමද ?..."
ඕ හිස සැලුවාය. නුරාන් එය පිළිගෙන සිනාසුනේය. ඉසිනි නිවෙස තුළ වූ කලු පැහැ සෙරෙප්පු ජෝඩුවක් රැගෙන විත් නුරාන් ඉදිරියෙන් තැබුවේය. නුරාන් එය පයෙහි ලාගෙන ඉසිනි වෙත හැරුනේය.
" අද...
“ඉතින් පුතා මොකද මේ පැත්තෙ?” කියලාසප්තමීගේ තාත්තා ආයෙම වතාවක් තමන්ගෙන් අහද්දී සමුද්‍ර මෙච්චර වෙලා සප්තමීගේ ඇස් එක්ක පැටලිලා තිබිච්ච තමන්ගෙ ඇස් කලබලෙන් වගේ සප්තමීගෙන් ගලවගෙන ආයෙමා වතාවක් අංකල් දිහා බැලුවා.
“මං මේ ආවෙ අංකල් මගෙ අපාට්මන්ට් එකේ තියන්න පැල ටිකක් ගන්න. ඒ උනාට සෙට් උනේ නෑ හරියන ඒවා”
“මං ඒත් බැලුව...
ගමන යන්නට පැමිණෙන මොහොතේ හිතේ තිබූ සතුට හොරු අරන් ගියාක් බඳුය.ස්ටීව් කල්පනාවේ ගැලෙමින්ම රිය පැදවූවේය.ගමන අවලංගු කළ හැකිව තිබුණේ නම් එයද තමා කරන්නට නොපැකිලෙන තරමට ස්ටීව් නොසන්සුන්ව උන්නේය.
"ස්ටීව්, ඔයා හොඳින්ද? ඔයාට අපහසු නම් අපි වෙන දවසක මේ ගමන යමු..."නිලංගා අසුනේ අඩක් ඔහුවෙත හැරෙමින් විමසුවේ ඒ මොහොතේය.ස්ටීව් ඇය දෙස නොබලාම...
නුරාන් ඕ අතැර එක්වරම ආපසු හැරෙද්දීම ඉසිනිට යමක් දැනුනේය. ඔහුගේ හිතුවක්කාරකම්ද නිමක් නැත. ඕ වහා පිටුපසින් දිව ගොස් ඔහු ඉදිරියට ආවාය. ඔහුගේ දෑස් වල වූයේ ගින්දරමය.
" නුරාන් .."
" පැත්තකට වෙනවා..."
" නුරාන් වහිනවා තාම.. අනෙක පාරේ අලි ඇති .."
" ඉතින් .. අදාල නෑනේ ඒක ඔයාට ඉසිනි .. මටනේ වෙන්නේ .....
“ඔන්න පුතේ ලියාගන්න අද අරගෙන එන්න ඕන එලවලු ටික”කියල අම්මා කියද්දි උනත් සප්තමී උන්නෙ වෙනදා වගේ උනන්දුවෙන් ඒක අහගෙන නෙවෙයි. හිත අස්සෙ මුලු හිත පුරාම එහෙ මෙහෙ ඇවිද ඇවිද උන්නෙ සමුද්‍ර.
“ඔයාලා දියතට කිට්ටු වෙද්දි මට මැසේජ් එකක් දාන්න” කියලා සමුද්‍ර එව්ව මැසේජ් එකට රිප්ලයි කරද්දිත් ඉන්පස්සෙ සමුද්‍ර එන බව...
"එයා කොච්චර අනුන් ගැන හිතුවත් එයා මාව රිජෙක්ට් කරනවා...අනෙක් ඔක්කොටම එයා සලකන්නේ හරිම සොෆ්ට් ඇටිටියුඩ් එකකින්.හැබැයි මා එක්ක විතරක් එයා ලොකු ගැප් එකක් මේන්ටේන් කරනවා..."
"ඒකට හේතුව අර එයා එහෙ ආව ෆස්ට් ඩේ එකේම මං එයාගෙ ඔලුවේ මගෙ ගැන ඇති කළ ඉම්ප්‍රෙශන් එක වෙන්න ඇති. ඒක නිසා වෙන්න ඇති මෙහෙම...
ඊළඟ තත්පරයේ ඉසිනි උන්නේ නුරාන්ගේ දෑත් අතරට ගුලිවීගෙනය. නුරාන් අන් සියල්ල අමතක කලේය. ඔහුගේ සිත තුල වූයේ එක් තහවුරු කර ගැනීමක් වෙනුවෙන් වූ අවශ්‍යතාවයම පමණි.
" මට බබාලා නෑ කියලා අරුණෝද මාව ඩිවෝස් කලා නුරාන්"
ඔහු ඉසිනිව වඩාත් තදින් අල්ලාගත්තේය.
" ඒ කියන්නේ ඔයා දැන් මගේද ඉසිනි ?... ආයෙම ඔයා මගේද ?..."
තමා...
සංසාර පාරමිතා ටෙලිඩ්‍රාමා එකේ කොළඹ ශූටින් වෙන දවස්වල මාලවී තමන්ට ශූටින් තියෙන ඒවට සප්තමීව එක්කරගෙන යන්න උත්සහ කරේ නැති හන්දා සප්තමී මුලු සති දෙකම වගේ ගෙවලා දැම්මෙ ගෙදරටම වෙලා. හැබැයි වෙනදා වගේ උයන පිහන වැඩවලට අම්මට උදව් වෙනව වෙනුවට සප්තමිට කාමරේ ඇතුලට වෙලාමයි හිටියෙ.
“රඟපාන එකත් ලේසි වැඩක් නෙවෙයිනෙ, මහන්සි...
තරූ උන්නෙ එයාගේ කාමරේ ඇඳ උඩ වැටිලා කම්මැලිකමේ.ඉස්කෝලෙ නිවාඩු හන්දයි, නිවාඩු කාලෙ කරන්න දෙයක් නැති හන්දයි, කොහොමත් තරූ කියන්නෙ ගෙදර වැඩට උදව් වෙන්නෙ නැති, දවසම ෆෝන් එක අතර අරගෙන ටික්ටොක් බලබල, එහෙම නැත්තම් ටික්ටොක් ට්‍රෙන්ඩ්ස් වලට නට නට ඉන්න කෙනෙකුයි හන්ද නිවාඩු දවසක් තරූට කම්මැලි වෙන එක හරිම සාමාන්‍ය...
සිය දුරකතනය සිහින් කම්පනයක් දනවනු දැනෙන විට ස්ටීව් ක්ලිෆර්ඩ් සිටියේ සිය මහල් නිවාසයේ බැල්කනියට වී අහස දෙස බලාගෙනමය.ජීවිතයේ මේ දැනෙන හුදෙකලාව සහ නොසන්සුන් කම වෙනදා මෙන් අතිශය කාර්‍යබහුල වුවද පාලනය කරගන්නට නොහැක.දිනගණනාවක් තිස්සේ කල්පනා කළද කියාගන්නට සිතාගන්නට නොහැකි හිස් බවක් ජීවිතය පුරා ඉතිර ගොසිනි.අඳුරු නිල් අහස පිරෙන්නට සඳ පායා...