අහිමි සිහින

ahimi sihina
මම එදා උදෑසනම සුධාරකගේ මහ ගෙදරට ගියේ ඔහුව ඉක්මනින් දකින්නට යන්නට සිතමින්.ජීවිතේ දිගුම රෑ ගෙවා දැමූ මම උදෑසනම එහි ගියේ වහාම සුදාරක දකින්නට යන්නට සිතමින්.නමුත් ඔවුන්ට එසේ ඉක්මනින් ඔහු වෙත යන්නට උවමනාවක් තිබුණේ නෑ.සුදාරකගේ සමීපතමයන් මට කතා කරමින් ඔහුගේ තත්ත්වය මට දන්වමින් සිටියා. නමුත් රෝහල් කාර්ය මණ්ඩලය සහ එතැන රැඳී...
ahimi sihina
ඒ මොහොතේ සුධාරක ජීවිතයෙන් සමු ගනීවි යන අදහසක් මගේ තුන් හිතකවත් වූයේ නැහැ.ඔහුට සුළු ආබාධයක් මිස ජීවිතයත් මරණයත් අතර සටනක සිටින බව මට කිසිවෙකු පැවසුවේ ද නැහැ. ඔහුට පපු තෙරපුම ආදිය දුන් බව මට නිතර  නිතර පැමිණි දුරකථන ඇමතුම් වලින් කියවුණා.නමුත් ඒ තත්ත්වය බරපතළ බව කියන්නට නොවේ.සුධාරකගේ කාර්ය මණ්ඩලය මට...
ahimi sihina
"කොහෙද සර් ගියේ?" මම එහෙම ඇහුවේ තිගැස්මෙන් ම නෙමෙයි.රැකියාවේ ස්වභාවය වගේම සුධාරකගේ ස්වභාවය අනුව වුණත් හිටිහැටියේ අතුරුදහන් වීම ගැන මට ලොකු බයක් දැනුණේ නැහැ.ඒත් සොබාදහම මට කියන්න උත්සාහ කරමින් හිටපු  මොකක්දෝ දෙයක් නිසා මගේ හිසට අමුතු බරක් දැනෙන බව මට දැනෙමින් තිබුණා. "මැඩම්,සර්ට හදිසියේ අසනීප වුණා.අපි සර්ව මන්නාරම හොස්පිටල් එකට ගෙනාවා." ඔහු...
ahimi sihina
ඇමතුමක රැඳී සිටියදී පවා යම් රාජකාරියක් යෙදුණු විට සුදාරක  ක්ෂණයකින් ඒවාගේ නිරතවෙන කෙනෙක්.එනිසා ඇමතුම අතරමඟක එවැන්නකට ගියාදැයි මම විමසිලිමත් වුණා.නමුත් දුරකථනය විසන්ධි වීමක් වත් නැහැ.ඒ නිසා මට අනියත බියක් ඇති වූ බව නොකියාම බෑ. "මහත්තයා..මහත්තයා පොඩ්ඩක් ඉන්නවද" ඔහුට දුරකථන ජාලයේ යම් බිඳ වැටීමක් ඇති වෙන්නට ඇති.එසේත් නොමැති නම් ඔහු දුරකථනය අත...
ahimi sihina
ඒ අප්‍රේල් දහනවවැනිදා. සුධාරක නිවසට එන්නට හරියටම ඉතිරිව තිබුණේ පැය කිහිපයක් පමණයි.සිංහල අලුත් අවුරුද්ද ද අපේ පුංචි දියණියගේ උපන් දිනය ද මඟහැර ගත් අප්පච්චි නිවසට එනතුරු දූටත් මටත් තිබුණේ දැඩි නොඉවසිලිමත්කමක්.අපි වඩාත් ම ආදරය කරන ඔහු හෙට නිවසට එන්නේ අපිට ආදරයෙන් අමතමින් බව අපි දන්නවා. "මගේ පැණි කොමඩු නෝනයි පැණි කොමඩු...
ahimi sihina
නිවාඩු අවලංගු කර නිවසට පැමිණීම කල් දැමූ නමුත් සුදාරක දවසේ වැඩි වේලාවක් ගත කළේ අපට දුරකථන ඇමතුම් ලබා දෙන්නටයි.ඇත්තටම අපි කතා නොකළ දෙයක් නැති තරම්.එදිනෙදා විස්තර වලින් අනතුරුව ඔහු අතීත සිදුවීම් සිහිකරමින් මා සමඟ දීර්ඝ කතා බහේ යෙදෙන්නට හැම නිදහස් වෙලාවකම කටයුතු කළා. "මැණිකෙට මතකද මම ඇවිල්ලා මැණිකෙගෙ ඇඳ යට...
ahimi sihina
පෙබරවාරි විසි වැනිදා! ඒ සුදාරකගේ උපන්දිනය.මගේ ආදරණීය සැමියාට ඔහුගේ ජීවිතය තුළ ලැබුණු වටිනාම උපන්දින තෑග්ග ලැබුණු වසර තමයි මේ උදා වුණේ.ඔහුගේ උසස් වීමට අදාළ ආචාර පෙලපාලිය ඔහුට ලැබුණේ ඒ දවසේ.එය ඉතාම දෛවෝපගත සිදුවීමක්.ඒ ඇයිදැයි ඔබට දැන්ම පැවසීමට මට අදහසක් නැහැ.නමුත් මේ කතාව අවසන් වන දිනයකදී සමහර කාරණා දෛවෝපගත ලෙස ගැළපුණු...
ahimi sihina
සුධාරකගේ හැමදෙයක්ම ගැන මම සොයා බැලුවෙ ඔහුට සමහර දේවල් තිබිය යුතු නිවැරදි ම ආකාරය මම මිස දන්නා කෙනෙකු නැති නිසා.ඔහුට නිදාගැනීමට ඉරියව්වක් තිබුණා.ඒ ඔහුගේ රෝගී තත්ත්වයක් නිසා.ඔහුට හොඳ සුවපහසු ඇඳක් අලුත් නිල නිවාසයේ තිබුණත් රෝගී තත්ත්වය ගැන දන්වා එයට වඩාත් ගැළපෙන ඇඳ නිල නිවාසයේ තබන්නට මම ක්‍රියා කළා. "මැණිකේ,මේ කොල්ලො...
ahimi sihina
එවැනි උසස්වීමක් ලැබුණාම කිසිම කෙනෙක් රාජකාරියට යෑම ප්‍රමාද කරන්නෙ නෑ.නමුත් සුදාරක සතියක් තිස්සේ නව පත්වීමට ගියේ නැහැ.ඒ වෙත යාම ප්‍රමාද කිරීම ගැන මම දිගින් දිගටම ඔහුගෙන් ප්‍රශ්න කරා. "ඔයා මෙහෙ ඉන්නවට කැමති අයත් ඉන්නවා අකැමති අයත් ඉන්නවා.මේ මනුස්සයා මාරුවීමක් ලැබිලත් යන්නේ නෑ නේ කියලා ඒ මිනිස්සු බණිනව ඇති." මම එහෙම කියලා...
ahimi sihina
නමුත් ඒ විදේශ සංචාරය අතරතුර ඔහුට කිසිම ගැටළුවක් ඇති නොවුණේ මගේ යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වීමෙන් වෙන්නට ඇති.සුදාරක ඒ ගමන ගොස් සතුටින් නැවත පැමිණියා.ඒ අතර තමයි ඔහු උසස් වීමකට නිර්දේශ වුණේ.ඒ ආරංචිය සුදාරක මහත් ප්‍රීතියට ලක්කරන්නට සමත් වුණා. "මැණිකේ මගේ ඇඳුම් ටික සේරම හදන්න ඕනේ" ඒ වගකීමත් පැවරුණේ මට.නිලයක් උසස් වෙනකොට...