(අ)හිමි සිහින -136

මම එදා උදෑසනම සුධාරකගේ මහ ගෙදරට ගියේ ඔහුව ඉක්මනින් දකින්නට යන්නට සිතමින්.ජීවිතේ දිගුම රෑ ගෙවා දැමූ මම උදෑසනම එහි ගියේ වහාම සුදාරක දකින්නට යන්නට සිතමින්.නමුත් ඔවුන්ට එසේ ඉක්මනින් ඔහු වෙත යන්නට උවමනාවක් තිබුණේ නෑ.සුදාරකගේ සමීපතමයන් මට කතා කරමින් ඔහුගේ තත්ත්වය මට දන්වමින් සිටියා.

නමුත් රෝහල් කාර්ය මණ්ඩලය සහ එතැන රැඳී සිටි අය සුදාරකගේ රෝග ඉතිහාසය විමසුවේ ඔහුගේ පවුලේ අයට ඇමතුම් ලබාදෙමින්.මුලින් පැවසූ විනය කාරණාව නිසා මා ගැන දන්නා අයට වත් මා ගැන හෙළි කරන්නට හැකියාවක් තිබුනේ නැහැ.එවැනි ඇමතුම් පැමිණෙන වාරයක් පාසා සුදාරකගේ ඥාතීන් මට නැවත ඇමතුවා.

“අයියට මීට කලින් මෙහෙම වුණාද? ඒ මොකක්ද වුණේ?”

එසේ අසමින් ඔවුන් මට ඇමතුම් ලබාදී  මගෙන් විස්තර විමසා පහලට ඒවා ලබා දී තිබුණේ රට පටවමින්.එතැන රැඳී සිටි අයකුගෙන් මා ගැන දැනගත් දැන ගත් වෛද්‍යවරුන් අනතුරුව මට ඇමතුම් ලබාදී සුදාරකගේ රෝග ඉතිහාස විමසන්නට පටන් ගත්තා.එය මට එක්තරා අන්දමක සැනසිල්ලක්.මීට ටික දිනකට කලින් විදේශ සංචාරයක නිරත වීමට පෙර සුදාරක ට හදිසියේ හටගත් හෘදයාබාධය ගැන ඔවුන්ට පැවසුවේ මා විසින්.මා ඒ ECG වාර්තාව රැගෙන මන්නාරමට යනතුරු වෛද්‍යවරුන්ට ප්‍රතිකාර සඳහා බලා හිඳින්නට සිදුව තිබුණා.නමුත් මම එහි ඡායාරූප ලබා ගනිමින් වෛද්‍යවරුන්ට ඒවා යවන්නටත් කටයුතු කරා.මම හිතුවේ අතිශය කාර්ය බහුල වීමකින්.

අප රෝහලට යද්දි හවස දෙකත් පසුවී තිබුණා.රාත්‍රියේ ම පිටත් වූවා නම් අපට උදෑසන හත අට වෙද්දී රෝහලට යන්නට තිබුණා.මේ කොරෝනා නිසා දැඩිව ඇඳිරි නීතිය ද පැවැති කාලයක්.ඒ නිසා ගමන් බිමන්  පහසුවෙන් යා හැකි වූයේද නෑ.නමුත් සුධාරකගේ මස්සිනාද ආරක්ෂක අංශයේ සේවය කිරීම නිසා අපට පහසුවෙන් මේ ගමන යන්නට තිබුණා.ඒත් ඔහුගේ නොසැලකිලිමත් නෑයන් නිසා අපි එතැනට යද්දී සුධාරකගේ තත්ත්වය එතරම් යහපතට හැරී තිබුණේ නෑ.එදා රාත්‍රියේ සුධාරක බලන්නට යමු යැයි මා අයදිද්දී වාට්ටුවට දැමූ විට යන්නටත්,පසුවදා එළි වූ විට යන්නටත් සරලව පැවසූ ඒ ඥාතීන්ට මට කිසිම දවසක සමාව දීමේ හැකියාවක් නෑ.

නමුත් ඔහුගේ වෘත්තීය සගයන් ඔහුව එසේ අතැර දමා තිබුණේ නෑ.මන්නාරම් රෝහලින් ඔහුව කොළඹ මහ රෝහලට හෝ ගෙන එන්නට ඔවුන් උත්සාහ කර තිබුණා.ඒ සඳහා හෙලිකොප්ටරයක සහය ගන්නට සියල්ල ගන්නට සියල්ල සූදානම් කළත් වෛද්‍යවරු එයට එකඟ වී තිබුණේ නැහැ.ඒ අන් කිසිවක් නිසා නොවේ.ඒ මොහොතේ සුදාරක සිටි තත්ත්වය අනුව ඔහු සෙලවීම පවා භයානක නිසා.

මා හොඳින් දන්නා එක් කාරණාවක් තිබෙනවා.සුදාරකගෙන් සියලුම ලාභ ප්‍රයෝජන ගැනීමට  එක සිතින් කැපවුණු නමුත් ඔහුගේ ඥාතීන් කිසිවෙකුටත් ඔහුගේ ජීවිතය ගැන බරක් තිබුණේ නැහැ.එවැනි මොහොතක පවා ඔවුන්ගේ සිත තුළ ක්‍රියාත්මක වූයේ දැඩි ආත්මාර්ථකාමී සිතුවිලි පමණයි.ඒ ගැන ඔබ සමග දින ගණනාවක් බෙදාගන්නට ඛේදනීය කථාන්දරයක් මට තිබෙනවා.

ඔබ ඒ කතාව අසා හිඳින බව මට විශ්වාසයි.මේ ගැහැනියකට ජීවිතේ අහිමි වී ගිය සිහින සහ බලාපොරොත්තු ගැන කතාන්දරයක්.සමහරවිට ඔබත් මා මෙන්ම සිහින අහිමි වූ ගැහැනියක් වන්නට ඇති.නැතිනම් ජීවිතේ හැම සිහිනයක්ම දිනාගත් ගැහැනියක වන්නට ඇති.නමුත් ඔබ දෙපිරිසම සංවේගයෙන් මේ මොහොතේ මගේ කතාව අසා සිටීම ම මට සැනසීමක්.

සිංහයකු බඳු වීරයෙකු රෝහල් සයනය මත විඳින අන්දම මට බලා හිඳින්නට සිදු වූ සිදුවූ ඒ කතාව හෙට මම ඔබට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles