Mini Stories

ඇමතුම

0
"කොහෙද මගෙ පුතේ ඉන්නේ?" අම්මාගේ කටහඬ දුරකථනයෙන් ගලා එනකොට සඳලිට දැනුණේ තරහක්.ගෙදර එන්න පැය බාගයක් පරක්කු නම් කෙළවරක් නැතුව ඇමතුම් දෙන එක අම්මාගේ පුරුද්ද.ඒක මහ පුදුම හිරිහැරයක් කියලා සඳලිට හිතෙන්න පටන් අරන් දැන් ටික දවසක්.ඒ අභීතව මුණ ගැහුණාට පස්සේ. "ඔයා ඇයි අභීත ගැන ගෙදරට කියන්නෙ නැත්තේ සඳලි?" මිතුරිය වුණු ගයනි එහෙම අහනකොට...
"කොහොමද පුතේ ට්‍රිප් එක?" අනුරාධා අම්මගේ ප්‍රශ්නෙට උත්තර නොදී වතුර වීදුරුවක් පුරවා ගත්තා.කොහේ හරි ගිහින් ගෙට ගොඩ වුණු ගමන් අම්මාට මුළු ගමනේම විස්තර වාර්තාවක් සපයන එක අනුරාධාගේ සිරිතක්.ඒ වගේම වතුර වීදුරුවක් බොන එක පුරුද්දක්.මුලින්ම ඉඩ දුන්නේ පුරුද්දට. "හරි ෂෝක් අම්මේ.අපි සෑහෙන්න ජොලියෙන් හිටියේ.ගඟේ නාලා හෙම්බිරිස්සාවද මන්දා." අනුරාධාගේ ඇස් දිලිසෙනවා.නගරයෙන් ඈත ඉන්න මිතුරියකගේ...
ස්කූටිය අරන් ස්වර්ණා ලහි ලහියේ පෙට්‍රල් පෝලිමට යන්න පිටත්වුණා.මේ ටිකේම සරත් වැඩ නිසා පෝලිමට යන්න වුනේ ස්වර්ණාට.පහුගිය ටිකේ නම් සරත් ස්කූටියට තෙල් ගහන වැඩේ දිගටම කල නිසා මේ ගමන ස්වර්ණාට තරමක් ආධුනික බවක් වගේම කිසියම් අපහසු මානසික හැඟීමකුත් ගෙන දුන්නා.ඒත් අනිද්දා ඉඳන් පුතාට ඕලෙවල් විබාගෙ.පෝලිමට කොල්ලව එක්කගෙන යන්නත් බැහැ...
නම වාසනා වුණාට ආවෙ මට අවාසනාව අරන්,තමුසෙ මේ ගෙදරින් යනවා” වාදය මැද්දෙ කියපු සමිතගෙ වචන වාසනාගේ හිත පතුලටම කිඳා බැස්සෙ ඊයම් බරුවක් වගේ.බබාල නැති නිසා චෙකප් එකකට යමු කියන වාසනාගෙ ඉල්ලීමට සමිතගෙ ප්‍රතිචාර වුණේ දරුණුම වචන පෙළක්.සමිත කියපු ඒවගෙ ඇත්තක් නැත්තෙත් නෑ කියලා වාසනාට හිතුණා.ඇත්තටම වාසනාව කසාද බඳිද්දි සමිත සශ්‍රීක...
“නංගි,මම තමුසෙට ආදරේ නිසා කියන්නෙ.ඔය මිනිහ වගේම කෙනෙක් මම බස් එකේ යද්දි මට හේත්තුව දාන්න ඇවිත් මම බැනලා ලොකු ප්‍රශ්නයක් වුණා.මට හොඳටම විශ්වාසයි ඒ ඔය මිනිහා කියලා.වැඩි කාලයක් නැහැ,අවුරුදු දෙකක් ඇති ඔය සිද්ධිය වෙලා” නවෝදගේ ෆොටෝවක් අක්කාට පෙන්වූ දා ඇය කියූ දෙයින් මම මහත් කම්පිතව සිටිමි.නවෝද මගේ පෙම්වතා වන අතර...
නිපුනි ආයෙමත් සල්ලි ගණන් කරලා බැලුවා.මේ කාලේ සල්ලි කීයක් හරි එකතු කරගන්න මහා පුදුම වෙහෙසක් දරන්න වෙනවා. "දැන් හාල් කිලෝ එකක් කීයද?" මොනවාම හරි දෙයක් ගැන කතා කරනකොට හැමෝම මුලින්ම කියන්නේ එහෙමයි.ඇත්තටම දැන් හාල් කිලෝ එකක්ම රුපියල් දෙසියයකටත් වැඩියි.ජීවත් වෙන එක ලෙහෙසි නෑ කියලා හිතෙනකොට දැනෙන්නේ පුදුම වේදනාවක්. "වෙඩින් එකක් ගන්න හිතන්නවත්...
රුවනි මෝටර් රථයට ඇවිදගෙන ආවේ කඩිසර ගමනින්.අද විශේෂ රැස්වීමක් තියෙන දවසක්. මිනිත්තුවක් වත් අතපසු වෙන්න වෙලාවක් නැහැ.හැම දෙයක්ම ඊයේ රෑ කරල තිබ්බ නිසා රුවනිට උදේ සූදානම් වෙන්න එතරම් වෙලාවක් ගියේ නෑ.ගයාන්ගේ උදව් ඕනෑවටත් වඩා ලැබෙන නිසා මේ අතිශය කාර්ය බහුල ජීවිතය රුවනිට වේදනාවක් නෙවෙයි. "ඔයා ලෑස්තිද පැටියෝ." චූටි දෝනි එයාගේ කාර්...
"දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ." ආශා එහෙම ඇහුවේ ටිකක් තද හඬකින්.පවනි බොහොම බරපතල කතාවක් කියලා තාම විනාඩි දෙක තුනක්වත් ගෙවිලා නෑ.ඒ කියන විදියට නම් පවනිලාට ගන්න තියෙන්නේ තීරණ දෙකයි. "ඔයාලා ඔය බබාව නැති කරනවද?" ඔමාලි එහෙම ඇහුවේ පවනිගේ ඇස් නළලට යනකොට.පවනි මිතුරියන් දෙදෙනා දිහා බැලුවේ පුදුමයෙන් වගේ.ඒ දේට හිත හදා ගන්නෙ...
සුමාලි දුරකථනය අංකනය කරලා ආයෙමත් ඇමතුම විසන්ධි කරේ ගැහෙන අතකින්.ඊටත් පස්සේ කාමරේ පුරා එහෙ මෙහෙ ඇවිදින්න පටන් ගත්තේ හිත එකඟ කරගන්නේ කොහොමද හිතන ගමන්. "එක්කෝ ඒ නම්බර් එකට කෝල් එකක් ගන්නව." මේ අංකයට අමතන්න ඕනෑද කියලා හිත ඇතුළෙන් කෙනෙක් කෑගහලා අහනකොට සුමාලි ආයේ නැවතුණා.ඒත් ඉවසීම අවසන් වෙමින් එනවා. "හෙලෝ.." එහා පැත්තෙන් ආපු කටහඬ...
රසිකා හිටියේ තෝන්තුවාවෙන් වගේ.බබා හම්බ වෙලා ගෙදර ආපු වෙලාවෙ ඉඳලම රසිකා හිටියේ ලොකු යුද්ධයකට මැදි වෙලා.පුතා අරගෙන ගෙදරට ගොඩ වුණු වෙලාවෙම රසිකාට සිද්ධ වුණේ මහා දුකකට මැදි වෙන්න.සන්තෝසයක් තිබ්බා නම් ඒ විනාඩි කීපයක් විතරමයි. "ගෙදර ආවද මගේ රන් පැටියා." කමල්ගේ අම්මා එහෙම කියලා පුතාව පිළිගත්තේ පුදුමාකාර උණුසුම් විදියකට.එහෙම වෙන්න එපැයි.මේ වතාවේ...