දේශිකා ගෙන් දොස් අසා ගත් දා රාත්‍රියේ අරවින්ද සිය නිවසේ කුඩා ස්කාගාර කොටසේ ස්ටූල් එකක හිඳ තනිව මී විත තොල ගෑවේ ය. එය කුඩා වූවද දුර්ලභ හා වටිනා වර්ග වල මධු විත එකතුවකි. ලෝකයේ විවිධ රට වල ව්‍යාපාරික සංචාර සඳහා ගොස් එත්දී ඔහු මේ වගේ හොඳ වර්ග වලින් බෝතල...
සසංක ගේ ඇඟේ දැවටී ගෙන සමින්දි ඔහු ගේ හිස අතගෑවා ය. දෑත් පිරිමැද්දා ය. ඒ ඇඟෑළුම් වලට රිසි නොවන බව ඇඟෙව්වාට ඇයට ඒ ගැන කිසිදු වගක් නො තිබිණ. පිළිගැනීමක් නැති තැනක, ප්‍රතික්ෂේප වන බව දැන දැන හිතක නවතින්නට තැත් කිරීම කෙතරම් අසාර්ථක දැයි සසංක අසීරුවෙන් දෑස් විවර කරගෙන සිටින...
"හොර මගුල් වලට බත් අදිනව වගේ නේ..."
අරවින්ද කතාව පටන් ගත්තේ ම කට කැඩුණු කතාවකිනි. ඒ ඔහු ගේ ස්වභාවය බව දේශිකා දනී. අපරාජිතා ඒ විවාහය තුළ රැඳී උන් කාලයේ ද ඔහු ඇය ට අභූත චෝදනා කරමින් ද ඇය ඇසුරු කළා වූ පිරිමින් පාවා දෙමින් ද ක්‍රියා කළ හැටි ඇය ට...
රැය පහන් වන තුරු ම වැසි වැටුණේ ය. අපරාජිතා සිටියේ නින්දත් නො නින්දත් අතරේ ය. කඩින් කඩ ඇය ට නින්ද ගියේ ය. නමුත් අවදි වූ විට දැනුණේ මුළුමනින් අවදියෙන් සිටියා සේ ය. නින්දේදීත් නො නින්දේදීත් ඇගේ කොපුල ඒ හාදුවෙන් තෙරපිණ.
එවැන්නක් සිදු වූයේ සසංක ගේ බීමත නිසායි සිතන්නට ඇය ට...
අපරාජිතා ට අසුනෙන් නැගිටවිණ. ඇය පිය ගැට පෙළ දිග දිව යමින් සිටියේ සිතන්නට කාලයක් ගෙන නොවේ. නුවර එළියේ වාගේ සිහින් පොද වැස්සක් ඉහිර යමින් තිබුණේ ය. ඇය ඔහු වෙතට යන විට සසංක ගෙදොර යතුර දමන්නට උත්සාහ කරමින් සිටියේ ය. නමුත් ඔහු ගේ මනසෙහි වූ මතින් ව්‍යාකූල ස්වභාවය නිසා එය...
අනන්‍යා ඉගිල ගොස් අරවින්ද වෙනුවෙන් ගේට්ටුව ඇරියා ය. ඊළඟට අරවින්ද ව දෑතින් ම බසා ගෙන ඔහු ගේ පපුවේ මූණ තියා ගත්තා ය. ඒ එක මොහොත තුළ, ඔවුන් වෙන් වී නැති බවට හැඟීමක් ඇය හදවත පුරා වින්දා ය.
අපරාජිතා සසංක ගේ මුහුණ දෙස බැලුවා ය. ඇය හිඳින්නේ කුණාටු කලාපයක බව ඒ...
හැන්දෑව රාත්‍රියට අත වනන වෙලාවට හැම දේ ම තීරණය වන්නේ තත්පර වලිනි. එක තත්පරයක් වුව අඳුර ට ගලා එන්නට අවසර දෙන්නා වූ බැවිනි. වස්සානය තවමත් පහව නොගිය ලක්ෂණ අහසේත් පොළොවේත් වායු ගෝලයේත් වේ. අහස අළු වලාකුළු වලින් ගහන ය. දැන් නැතත් රාත්‍රියේ දී වැසි ඇද හැලෙනු ඇත. සුළඟ තෙතමනය...
සසංක ගේ අතේ එල්ලී තිබූ සුදු පාට සිලි බෑග් එක අපරාජිතා අතට මාරු විය. ඇගේ ඇස් වල 'මොනාද' යන බැල්ම තිබුණේ ය.
"පූරි. දැක්කහම මට මතක් වුණා.. අනන්‍යා ආසයි කියල ඔයා කිව්වනෙ. කෝ කෙල්ල..."
එතකොට ම අනන්‍යා අපරාජිතා පිටුපස ය. ඇය අම්මා ගේ උරහිසෙන් නිකට තබා ගත්තා ය.
"කෙල්ල ඉන්නෝ"
ඔහු සිනහවකින් ආපසු...
තත්පර, විටෙක මීටර සියය දුවමින් ද තවත් විටෙක නැවතිල්ලේ හා ඉබි ගමනේ යෙදෙමින් ද ගෙවෙන්නට විය. මේ වසරේ වස්සානය හුඟක් දිග සේ දැනිණ. වැස්ස ද වරෙක මොරසූරන වැස්සක් ව වැටුණේ ය. තවත් වරෙක පිනි පොද ඉහිරවමින් උකටලී ව සිටියේ ය.
වැස්සා ය කියා නතර වෙන්නට විදිහක් ජීවිත වලට නැත්තේ ය....
සසංක ක්ලච් එක හා බ්රේක් පැඩලය මත දෙපා තැබුවේ මෘදු ලෙස ය. මේ මොහොත අභියෝගයක් වන බව ඔහු දැන සිටියේ ය. නමුත් ඒ අභියෝගය මගැර පලා යා නො හැකි ය.
හිරු මඬල ගිනි ගනිමින් තිබිණ. අනන්‍යා දිගු අඩි තැබුවේ හිරුගේ පෙළීමෙන් ඉක්මනට මිදී බස් නැවතුම තෙක් යන්නට ය. සසංක ගේ...