“මේ ඔෆිස් එකේ ඉන්නවද මිස් නදී කියල නංගි කෙනෙක්” කියාගෙන කොන්ඩෙ ගූ පාට ටැටූ මිලින්දයා ඕර්ගනික් ෆුඩ්ස් එකට ආවෙ වැඩ ඇරෙන වෙලාවකය. ඒ වෙලාවේ ලොබි එකේ ෆ්‍රන්ට් ඩෙක්ස් එකේ උන්නේ ලිඩියාය.
සොරි කවුද?” කියා ලිඩියා ඇහුවේ මහ අමුතුම තාලෙට මිලින්දගේ උඩ ඉඳන් පල්ලෙහට බලන ගමන් ය. මජර කහ පාටකින් ටින්ට්...
මියුරු උන්නේ සතුටෙනි. නදී ආදරෙයි කියා වචනයෙන් නොකිව්වාට, ඇය හිනාවෙන විදියත්, තමන් දිහා බලන විදියත්, තමන් ඇය දිහා බලද්දී ලැජ්ජාවෙන් බිමට නැඹුරු වෙන ඇස් බැල්මත් කියන්නේ වෙනම කතාවකි. ඉතින් ඒ සතුටු වෙන්නට මියුරුට ඕනවටත් වඩා ඇතිය.
ඒ නිසාම මියුරු බොහෝ දිනවල හවසට වැඩ ඇරී ගෙදර යන්නට කලියෙන් නදී එක්ක තේකක්...
“මොකද්ද විල්සන් අයියා මේ නදී කියන කතාවේ තේරුම?” මිලින්ද විල්සන් ගෙන් ඇහුවේ මිනිහට ශොට් එකක් අරන් දෙන්නම් කියා පොරොන්දු වෙලා විසප්පු කපිලගෙ පොට් එකට ඇවිදන් යන අතරවාරයේය.
“දන්නේ නෑ බං, මං නෙවෙයිනෙ කිව්වෙ ඉතින්. ඒකි කිව්ව එකක තේරුම ඉතින් ඒකිගෙන් නේද අහන්න වෙන්නෙ”
“කෝ ඉතින් විල්සන් අයියා මං කතාව කියන්න කලින්...
“නදී නංගා ආවෙ නැත්තෙ ඇයි විල්සන් අයියා” කියාගෙන මිලින්ද ආවේ හෙනම ලොකු සීන් එකෙන් ය. “දැන් ඉතින් මූ මේ බිස්නස් එකක් පටන් ගත්ත කියල උඩින් යන්න ගනී” කියල චන්ද්‍රකාන්තිට හිතුනත් වචන කරන්න නම් ගියේ නැත. වත්ත අස්සේ මොනව කියා ගත්තත් මෙහෙම තැනක කට්ටිය ලඟ එහෙම එක එක ඒව කියන...
මිලින්දගේ ටැටූ ශොප් එකේ ඕපනින් එක සුබ නැකතින් පැවැත්වුනේ සිකුරාදා දවසක උදේ වරුවේය. මිලින්ද ගෙදෙට්ටම ඇවිත් ඉන්විටේශන් එක දුන්න හන්දා විල්සනුත් චන්ද්‍රකාන්තිත් ඒ ඕපනින් එකට යන්න ගියාට නදීට නම් නිවාඩු ගන්න පුලුවන් විදියක් තිබ්බේ නැත.
එක පැත්තකින් රස්සාවට ගිය අලුත ය. පලවෙනි මාස හය ගෙවෙන තුරු එහෙම නිවාඩු ගන්න පුලුවන්කමක්...
“වෙනදට නම් නිකන්ම කැබින් එකෙන් එලියට බැහැල ගෙදර යන අය අද මොකද දන්නෙ නෑ නේද ගෙදර යන්න කලින් සැරසෙන්නෙ”
එච් ආර් එකෙන් අච්චර දෙයක් කිව්වයින් පස්සෙත් ඉතින් සනුකිට නම් කටවහගෙන ඉන්න බැරිය. ඔය තරහ ආවේ තමන් සුපුරුදු විදියට ගෙදර යන්න කලින් යන අතරමග ඉන්න කොල්ලන්ට පවා බැල්මට් එක දාගෙන යන්න...
නදී උන්නේ ඇත්තටම කරන්න ඕන මොකද්ද කියා හිතාගන්න බැරුවය. මියුරු ටිකෙන් ටික ජීවිතය පුරාත් හදවත පුරාත් ඇවිදින්න පටන් ගෙන ඇති බවත් තමන් එයට මනාප බවත් නදී හිත ඇතුලාන්තයෙන් පිළිගත් නමුත් එය එළිපිට පෙන්වන්නට උන්නේ බයෙන් ය. ඒ “මියුරුටත් මටත් කවදාවත් පෑහෙන්නවත් එකතුවෙන්නවත් බෑ” කියන කතාව හිත මුලු හිතෙන්ම පිළිඅරගෙන...
මියුරුව කවදාවත් මෙහෙම දකින්න ලැබේවිය කියා නදී බලාපොරොත්තු උනේ නැත. ඔෆිස් යද්දි නම් තියෙන ඇඳුම් දෙක තුන හරි පාවිච්චි කරලා ලස්සනට පොඩි මේකප් එකක් දාගෙන යනවා උනත් මේ නිකන් වස්තුත් කාවින්දිත් එක්ක එලියට ආව ගමනක් හන්දා නදී ඇඳගෙන උන්නේ එහෙම ලස්සනක් නැති කලු පාට ගවුමකි.
මියුරු ඇඳගෙන උන්නේද කාර්‍යාලයට අඳින...
මිලින්ද උන්නේ ආයෙ සුම්මා සන්තෝසෙකය. අවුරුදු ගාණකට පස්සේ හෝ මෙහෙම තමන්ගේ දෙයක් කරන්න පුලුවන් කමක් ලැබීම හන්දා මිලින්ද වෙනදාටත් වඩා අඩියක් දෙකක් උඩින් වත්ත මැද්දෙන් ඇවිද්දේ “අඩෝ මං තමයි අඩෝ දැන් පොර” කියන ගමන් වගේය.
“කොහොමහරි සල්ලි ටිකක් හොල්ලල කොල්ලට ඔහොම දෙයක් දාලා දුන්න එක හොඳයි” කියා මාග්‍රට් කිව්වෙ රෑ...
“මෙතනට එන්න වුණ හේතුව ඉතින් මම හිතන්නෙ ඔයාලා තුන්දෙනාම හොඳටම දන්නවා ඇතිනෙ නේද?” කියා බාසුර ඇහුවේ මානව සම්පත් කළමනාකරණ අංශයේ තමන්ගේ කාර්‍යාල කාමරයට සනුකිටත්, ලිඩියාටත්, තේමියටත් එන්න වුණයින් පස්සෙය.
මෙහෙම මීටින් එකකට එන්න වෙච්ච එක ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ තමන්ගේ සම්පූර්න කරියර් එකටම ප්‍රශ්නයක් වෙන බව දන්න හින්දාම හිත තිබුනේ බයේ...