පතිදම්වැල්

“කන් ඇහෙන්නෙ නැද්ද ළමයො” කියමින් කාමරයේ දොර රෙද්ද එහාට කර එබුන අම්මාගේ අමනාපය සිත්තම් වුණ මුහුණ දකිද්දීත් උශාලි උන්නේ තාත්තා ගෙනවිත් දුන් හෙඩ් සෙට් එක කනේ ගසාගෙන ගීතයන් අසමිනි. “සඳ සැංගී ගිහින්දෝ හෝ හෝ හෝ තාරුකා නිල් එළි විහිදාවි ඒත් හෙට ඒවි හිරු ඒවි වලාකුල් දීප්තිමත් වේවි හෝ හෝ හෝ පුනරාලෝකයේ ඉපදී යලී අපගේ පෙම් පරාදීසේ” ප්‍රවීනා ටෙලි...
“තමුසෙ මොන මගුලෙද ගියේ මේ පොඩි එකීව අතන තනියම දාලා?” කෙතරම් කෝපයකින් නිවසට ආවා වුව අනුපට ඒ කෝපය සිත තුලම උතුරවාලමින් තබා ගන්නට වූයේ කාරණා දෙකක් නිසාවෙනි. එකක් දුලන්‍යා නින්දට යනකම් හිඳින්නට වීමයි. අනෙක ෂෝබිතා ගෙදර ආවේ අනුප දුලන්‍යාද රැගෙන ගෙදර ඇවිදිනුත් බොහෝ වේලාවකට පසුවයි. හඬමිනුත්, අනතුරුව ඉකිලමිනුත් උන් දුලන්‍යාව පිරිසිඳු කර කවා...
“අඬන්න එපා පුතේ, අම්මා පරක්කු උන හන්දද අඬන්නේ?” කියමින් උශාලි පොඩ්ඩිගේ අතින් අල්ලාගෙන ආවේ දිස්නාත්, ලොකු මැඩමුත් කතා බහ කරමින් වාර්තා ලිපි ගොනු සකසමින් හුන් පංති කාමරය දෙසටයි. මුලු පෙර පාසලම තිබුනේ පුදුමාකාර නිහැඬියාවකි. ඒ නිහැඬියාව මැද්දෙන් ඉඳහිට කතා බහ කරන දිස්නාගේත් ලොකු මැඩම්ගේත් කතා බහද, දුලන්‍යාගේ ඉකි බිඳුම සහ ඇවිද...
“උදේම ගෑණී එක්ක රණ්ඩුවෙලාද?” දුලන්‍යාවත් ෂෝබිතාවත් පෙර පාසල ළඟින් ඇරලවා අනුප වේගයෙන් රිය පැදවූයෙ ප්‍රමාදයකින් තොරව කාර්‍යාලයට ගොස් අද දිනට නියමිත විශේෂ හමුවීම සඳහා සූදානම් වනු පිණිසයි. ඒ දුරකතන ඇමතුවේ එද්දී අනුප උන්නේ ඊලඟ මාසයේ නිකුත් කිරීමට නියමිත අලුත් ටෙලිනාට්‍ය දැන්වීමක පළමුවන අදියර පිළිබඳව තම කණ්ඩායමේ සෙසු පිරිස් සමග කතා කරමිනි. මේ...
“අපිට කවදාවත් ලං වෙන්න බැරි වෙයිද කියල මට හිතෙනවා?” නමක් නොදත් ඒ උස, ගැඹුරු දෑසක් ඇති තරුණයා උන්නේ ඈත බලාගෙනය. කොහේදැයි නොදන්නා සුන්දර, අඳුරු එමෙන්ම ගැඹුරු නිහඬතාවයකින් පිරී හුන් තැනක උශාලි ඔහුට ඉදිරිපසින් වාඩි වී ඔරු බඳට අත තබාගෙන උන්නා ය. ඔහු උන්නේ නිසල දිය මත ඔරුව පදවනු පිණිස හබලෙන් සෙමෙන් දිය...