හිමගිරි අරණ

හිමගිරි අරණ
"අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි." මල්මි එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගනිමින් සිටි මොහොතක ය."අපේ බබා" සහ "හිමාෂාගේ බබා" යන යෙදුම් වලින් වේදනාවට පත් සහන් හිස ඔසවා බිරිඳ දෙස බැලී ය.ඔහුට ඒ යෙදුම් වලංගු නොවේ.ඒ ඔහුගේ වැඩිමහල් දියණිය සහ...
හිමගිරි අරණ
"මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ." හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ මුහුණ තිබුණේ අඳුරට හැරී ය.හිමාෂා හසරැල්ලක් තොල් අතරට ගෙන මිතුරිය දෙස බැලුවා ය. "මම ඔයාට කිව්වනෙ පාරෝ.සමහර වෙලාවට අපි අනිත් අයට ආදරේ පෙන්නන්න හැදුවට ඒ ආදරේ එයාලට හිරිහැරයක් වෙන්න පුලුවන්.එහෙම වෙන්න දෙන්න...
හිමගිරි අරණ
"දුව කියනවා ඔයාව බලන්න ඕන කියලා." හිමාෂාගේ ඒ ඇමතුම පැමිණියේ සහන් කාර්යාලයේ හිඳියදී ය.ඔහු කලබලයට පත් විය.පිතෘත්වය හදවතේ උතුරා යමින් පැවතුණු මොහොතක දියණිය ගැන එවැනි ආරංචියක් අසන්නට ලැබීම ඔහුව කැළඹීමට පත් කරන්නට සමත් විණ. "දූට සනීප නැද්ද?" සහන් ඇසුවේ කැළඹීමෙනි.නමුත් හිමාෂා එය එසේ නොවන බව පැවසුවා ය.දියණිය රාත්‍රී සිහිනයෙන් තාත්තා සෙවූ බවත්...
හිමගිරි අරණ
"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා හිඳින්නට රවිඳුට නොහැකි විය.නමුත් ඔහු තමන්ගේ අතීත වේදනා දිග හැරීම පසෙක තබා හිමාෂාට වෙනත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. "කවද ඔෆිස් එන්න පුලුවන් වෙයිද මන්දා හිමා.කාමරේට කොටු වෙලා ඉඳලා ඉඳලා එපා වෙලා තියෙන්නේ." ඔහු...
හිමගිරි අරණ
"අම්මා..මට තාත්තිව ඕන" කුඩා දියණිය මහා රාත්‍රියේ අවදි වූයේ එසේ කියමිනි.ඇයට තාත්තා එතරම් සමීප චරිතයක් නොවන හන්දාම හිමාෂාට දැනුණේ පුදුමයකි.ඇය ඉතා පුදුමයෙන් දියණිය තුරුලට ගත්තා ය. "අම්මි හෙට උදේ තාත්තිට කෝල් කරන්නම් පැටියෝ.දැන් දොයියන්නකො" දියණියගේ දෑස් තුළ කඳුළු පිරී තියේ.නොලැබුණු සෙනෙහසක් සොයන්නට ඇයට හිටිහැටියේ සිතුණේ ඇයිදැයි හිමාෂාට පුදුම ය.නමුත් දියණියක පිය සෙනෙහස...
හිමගිරි අරණ
රවිඳු කාමරයේ දොර වසා ගත්තේ අම්මා කිනම් මොහොතක හෝ කඩා වැදෙන්නට ඉඩ ඇති බැවිනි.සැබෑවටම අම්මා හිඳින්නේ කෝපයෙනි.ඒ අනතුර ස්වභාවික එකක් බව සිතන තුරුම අම්මා හුන්නේ රවිඳු අනතුරට පත් කළ ලොරි රථය ගැන කෝපයෙනි.නමුත් රවිඳු රෝහල්ගත වී හුන් දවස්වල ඔහුගේ කාමරයේ තිබූ සමු ගැනීමේ සටහන සොයා ගත්තේ ඔහුගේ අයියාගේ බිරිඳ...
හිමගිරි අරණ
"අක්කට ප්‍රපෝසල් හොයන්න එපා අම්මේ" දින කිහිපයක් ගෙවෙන්නට හැර අමායා අම්මාට පැවසුවා ය.මල්ලිකා බාල දියණිය දෙස බැලුවේ විමසුම් නෙතකිනි.ඇය අනතුරුව දියණියට වඩාත් සමීප වූවා ය. "අක්කට මොකුත් සම්බන්දයක් තියනවද පුතේ?" අම්මාගේ ජීවිතයේ එකම අරමුණ අක්කාට විවාහයක් කර දීම බවට පත් වීම දරාගන්නට අපහසු දෙයක් බව අමායාට සිතිණ.ඇය මේ යෝජනාව කරන්නට හේතුව වූයේ...
හිමගිරි අරණ
"අපි දෙන්නම ජීවිතේ ලොකු මානසික කඩා වැටීමකට ලක් වුණු මිනිස්සු දෙන්නෙක්.ඒ නිසා අපිට අපිව තේරුම් ගන්න ලේසි." රවිඳු එසේ කියද්දී හිමාෂා කිසිවක්ම නොකියා අඳුර සමඟ හිනැහුණා ය.ඔහු කියන්නේ සත්‍යයක් විය හැකි ය.එහෙත් පිරිමියෙකු සමඟ සමීප මිත්‍රත්වයක් හෝ පවත්වා ගැනීමට ඇයට දැන් රුචියක් නොදැනේ.මේ මොහොතේ රවිඳු පෙළෙන මානසික වේදනාවෙන් එතෙර වන්නට...
හිමගිරි අරණ
"මැරෙන්නම හිතෙන වෙලාවකත් ජීවත් වෙන්න හේතුවක් හොයා ගන්න රවිඳු.අපි සමහර අමාරු කාල පහු කරගත්තම හිතෙනවා දුක් වෙවී හිටියේ අපරාදේ කියලා." හිමාෂාගේ ඒ වචන රවිඳුට ජීවත් වන්නට අලුත් හුස්මක් රැගෙන ආවේ ය.ඇය පීඩාකාරී විවාහයකින් වෙන් වී වේදනාවෙන් හුන් කාලයක් තිබූ බව ඔහු දැන සිටියේ ය.එහෙත් ඒ කාලයේ ඇයව සමීපව ඇසුරු නොකළ...
හිමගිරි අරණ
සිඟිති දියණිය නින්දට වැටුණු පසු හිමාෂා අඳුර පොරවා ගත් මිදුලට ආවා ය.රාත්‍රිය අන්ධකාර ය.තමන්ගේ ජීවිතය ද මේ අන්ධකාර රාත්‍රිය තරමට අඳුරු නොවේදැයි ඇය සිතුවේ වේදනාවෙනි.ඇගේ කඳුළු දකින්නේ රෑ කළුවර පමණි.අන්ධකාර රාත්‍රිය සෑම වේදනාවක්ම සඟවා ගන්නට තමන්ට උදව් කරන වග ඇය දැන හුන්නා ය.හිමාෂා ඒ අන්ධකාරයේ සැඟවී අතීතය දිග ඇවිද...