අරුමැති ආදරයක්

“මට සමාවෙන්න චින්තන අයියේ…අනේ ඔයාලට හැංගුවා නෙමෙයි. මගේ ජීවිතයට මොකක්ද වෙන්නේ කියලා මටත්  හරියට හිතා ගන්න බැරුව කොහොමද මං මේ දේ  ඔයාලට තේරුම් කරන්නේ කියලා දෙගිඩියාවෙන් හිටියේ. අයියේ මං ආදරය කරන කෙනෙක් ඉන්නවා.” අවසන අපූර්වා එසේ පැවසූයේ බිඳීගිය හඬකින්ය. ඇගේ සිතට වරදකාරී හැඟීමක් දැනෙමින් තිබිණ. තාත්තා ජීවත්ව සිටියානම් අම්මා නිරෝගීව...
යුගාෂ්ගේ කාර්යාලයේ සිට පුෂ්පානන්ද කෙලින්ම ගියේ තමාරා හමුවීමටය.මේ ඈ බලාපොරොත්තුවෙන් උන් ආගමනයකි. එනිසාම ඕ පුදුම වූයේ නැත. පුෂ්පානන්ද නොසන්සුන් කමින් ආලින්දයේ එහෙටත් මෙහෙටත් ඇවිද යද්දී තමාරා උන්නේ බුදු කුටියේය. ඈ ඉන් පිටතට පැමිණියේ වන්දනා කටයුතු නිමා වූවාට පසුවය.  “මං ඇවිත් දැන් විනාඩි විස්සකට වැඩියි..” ඒ වදන් ඔහුගේ මුවින් පිට වූයේ නෝකාඩුවක...
“ඔය කෙල්ල විඳපු දුක්වල හැටියට හරි යන්නම ඕනේ. හිත හයිය කරගෙන ඔය ත්‍රීවිලර් එක එලවපු එකම මැදෑ. අර පිස්සු ගෑණිත් බලාගෙන පියසීලි අක්කවත් බලාගෙන මොන සුමයක්ද කළේ…කවුරු හරි ඉදිරිපත් වෙලා ගෙයක් දොරක් හදල දෙන එක කොච්චර වටිනවද..දැන් ඉතින් ගෙදර නවත්ත ගන්න හරි පිරිමියෙක් හොයා ගන්න බැරියෑ…” හන්දියේ තොග කඩය තුළ...
“ඇයි අම්මා පුදුමෙන්  වගේ මගේ දිහා බලන්නේ.” යුගාෂ්  එසේ ඇසුවේ තම කාර්යාල පුටුවෙන් නැගිටවිත්  තමාරාට යාබදව වූ සුවපහසු පුටුවෙන් අසුන් ගන්නා ගමන්ය.  “එදා ආච්චි  මාව කාමරේට දාලා දොර වහලා මට මැරෙන්නවත් නිදහසක් නෑ දෙයියනේ කියාගෙන අම්මල ඉඳපු පැත්තට ආවා. දොර වහල තිබුණට ලොක් කරලා තිබුණෙ නෑ. මමත් ආච්චි පස්සෙන්ම දුවගෙන ආවා....
“සතුටින් නේද..” යුගාෂ් ඇසුවේ රාත්‍රියේ අපූර්වාද දුරකථන ඇමතුමක් ගෙනය. අවිවේකී දවසක් වූ නිසා වෙනදා තරම් ඇය ගැන සොයා බලන්නට ඔහුට අවස්ථාවක් වූයේ නැත. එහෙත් හෝරාවකට වඩා වැඩි කාලයක් නන්දනී අපූර්වාගේ සිවසේ සිදු වු සියල්ලම යුගාෂ් හා පැවසුවාය. වෙනදාට වඩා අවිවේකී දවසක් ගෙවූ නිසා දැනුණු සියුම් හිසරදය හේතුවෙන් තමාරා සැඳෑ වරුවම...
අඩිතාලමේ වැඩකටයුතු නිමා කළ බාසුන්නැහේලා  නික්ම ගියේ සවස හයට පමණය. ජීවිතයට කුමක් සිදුවන්නේදැයි සිතා ගත නොහී වූ අපූර්වා අඩිතාලම දැමූ බිම් කොටස දිගේ ඇවිද ගියේ මඳක් ඉහලට එසවුනු සිමෙන්ති බැම්ම  නොපෑගෙන්නට තරම් පරිස්සමටය. කුඩා ආලින්දයකින්, විසිත්ත කාමරයකින්, කාමර තුනකින් හා මුළුතැන් ගෙයකින්, නාන කාමරයකින් යුතු නිවස සිතුවාට වඩා මදක්...
“කොහෙද බං මේ…” තීක්ෂණ විමතියෙන් විමසූයේ මේ ඔහුට හුරු පුරුදු තැනක් නොවූ නිසාය. ඊයේ පෙරේදා සිට යුගාෂ්ගේ සමහර මැඩ හරි අමුතු ඒවාය. විටෙක ඔහුගේ විලාශය රහස් පරීක්ෂකවරයෙකු සේය. “වරෙන්කෝ…කට පියන්” “උඹ ඒ කාලෙ පාඩම් කලාට වඩා ෂර්ලොක්හෝම්ස්  පොත් කියවපු  එකේ වැරැද්ද තමයි මේ.” යුගාෂ් සිනහසෙමින් සිය මිතුරා දෙසට හැරුණේ මඳක් පැරැණි තාලයට නිමවූ...
උසාවිය ඉන් මසකට පසුව තවත් නඩු වාරයක් සඳහා කල් තැබුවේය. සේනකත්, දයාලුත්, පුෂ්පානන්දත් නැගී  සිටියේ කිසිවෙකු දෙස නොබලමින්ය. ඒ වේගයෙන්ම ඔවුන් උසාවි සංකීර්ණයෙන් පිටව යන අයුරු යුගාෂ් බලා සිටියේ අවඥයා සහගත සිනහවක් මුවගෙහි තබාගෙනය. අමායලාගේ නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී තිබුණේ  යුගාෂ්ගේ ඉල්ලීමක් මතය. ඒ අනුව සිවිල් ඇඳුමෙන්  සැරසුණු පොලිස්...
අපූර්වාගේ නව නිවස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමත් අමායාගේ නඩු වාරයත් යෙදී තිබුණේ එකම දිනයකය. තමාරා නිවසින් පිටව ගියේ පාන්දරමය. නැකත තිබුණේ පෙරවරු හයයි හතළිහටය.  “තවමත් ඒ දරුවා අම්මා හොස්පිට්ල් නවත්තපු එක ගැන ලොකු පසුතැවීමකින් ඉන්නේ….” තමාරා පැවසූයේ යුගාෂ්ගේ කාමරයට එබෙමින්ය. ඔහු පෙර දින සූදානම්කර තබාගෙන උන් රුපියල් පනස් දහසක මුදලක් තමාරා...
අපූර්ව වාගේ හඳහනට අනුව නව නිවසේ අඩිතාලම දමන්නට නැකැත් තිබුණේ දා හතර වනදාය. කාන්ති රෝහල්ගත කෙරුණේ එකොළොස්වනදාය.  ඔවුන් යළි නිවසට පැමිණෙද්දී හේෂානිගේ මවත් පියාත් ආච්චිගේ තනියට පැමිණ සිටියහ. වෛද්‍යවරයා පැවසූ කරුණු පැහැදිලි කල අපූර්වාට සියල්ලන්ගෙන්ම ලැබුණු පිළිතුර වූයේ මෙවේලෙහි වෛද්‍යවරයාගේ තීරණයට හිස නැමීම සුදුසුම ක්‍රියාව බවය.  තමාරා හා කතා කරද්දී ඇය...