අරුමැති ආදරයක්

සමනුත්,  උපාලිත් උන්නේ සමන්ගේ ත්‍රී රෝද රථයේ බඳට හේත්තු වී ගෙනය. අපූර්වා ඇගේ ත්‍රී රෝද රථයේ රියදුරු අසුනෙහි පැත්තට හැරී  වාඩිවී කකුල් පිටතට දමාගෙන සිටියාය. මේ පිරිමින් දෙදෙනා ඇයට ආරක්‍ෂාව සැපයූයේත්, ඇගේ ප්‍රශ්න වලට හැකි පමණින් පිළිතුරු සොයා දුන්නේත් එය තම යුතුකමක් සේ සලකා ගෙනය.  “ කාන්තිට ඒ දවස්වලම හරි හමන්...
නිවසට ගියත් නිදහසේ හුස්මක් ගන්නට අවස්ථාවක් අපූර්වාට වූයේ නැත. ආච්චී උයා  තිබූ කරවල බැදුමත්, පරිප්පු හොද්දත් මුකුණු වැන්න මැල්ලුමත් සමග කට පිච්චෙන තරමට උණු උණුවේම බත් කෑ අපූර්වා නිවසින් පිටත වූ ලී බංකුවට පැමිණුනේ දුරකථනයත් රැගෙනය. අම්මා දහවලේ නිවසින් පිටව ගිය බව ඇසූ වේලේ පටන් ඈ උන්නේ හිත හොඳකින්...
අලුත්ගම සිට අපූර්වා එහෙමම පැමිණියේ නිවසටය. ඒ එන අතරමගදී ඕ එළවළු වර්ග දෙක තුනකුත් මාළුත් මිලට ගත්තාය. ඇය කලින් සේවය කළ ළදරු පාසල පසු වන්නේ ඒ එන ගමනේදීය. බොහෝ දිනවල සේ එදාත් අපූර්වා විනාඩියක් දෙකක් ත්‍රී රෝද රථය නවතාගෙන එදෙස බලා සිටියාය. ජීවිතයේ හැටි මේ යැයි සිතන්නට තවමත් ඇගේ...
පියසීලිගේ ගතින් දහඩිය වැගිරෙමින් තිබිණ. ඕ ඉනට දෙඅත් තබාගෙන හති ඇරියේ කාන්තිව නිවසෙහි වූ එකම කාමරයට තල්ලු කර දැමුවාට පසුවය. ඉවක් බවක් නැතුව පාර දිගේ දිව යන ගැහැණිය මෙල්ල කර ගැනීම ලෙහෙසි පහසු එකක් නොවේ. හොඳ වෙලාවට චින්තන කාන්තිව දැක ඇත්තේ අහම්බෙන්ය.  “ මං අර පන්සලේ ටෙන්ට් එක ගේන්න කියලා ගියේ...
අපූර්වා යුවනි අබේසිහංගේ සැම්සුන්ග් වර්ගයේ ජංගම දුරකථනය නාද වූයේ ඇය ත්‍රී රෝද රථ නැවතුම්පොළෙහි සිටියදීය. කියවමින් උන් දිනපතා පත්තරය පසෙක තැබූ ඈ ජංගම දුරකථනය අතට ගත්තාය. ඇමතුමෙහි නම සඳහන් වූයේ ‘ගරාජ් අයියා…’ යනුවෙන්ය. ඕ  දෙවරක් නොසිතාම දුරකථනය කන තබා ගත්තාය. “ නංගී අලුත් ගමට හයර් එකක් තියෙනවා. මේ මං දන්න මහත්තයෙක්....