ආතුරයන් මැද ආදරෙන්

මහා විස්කි වඩියක ගිලිලා උන්නු කේසරගේ කාමරයේ එළිය සීමාව ළඟ ආරක්ෂක බටයන් මහ ගොඩක් ඇහිපිය ගහන්නේ නැතුව එක සීරුවට හිටගෙන හිටියා.ඒ වෙනකං හැම දෙයක්‌ම නූලටම හරි ගිහින් තිබුනා. "යන උන් ගියාවේ ...එකෙකුටවත් බෑ මගේ ගමන නවත්තන්න...මම මගේ ගමන අම්මගේ බෙල්ල කපලා හරි යනවා. ..නර්මදා උඹත් එහෙනම් එහෙමයි. ශාන්තයගෙන් උඹව බේරගත්තේ...
වර්ණාසි කඩදාසි පෙට්ටිය තමන්ගේ කකුල් දෙක ගාවින් තියාගත්තා.නර්මදාගේ ඇද උඩින් වාඩිවෙච්ච වර්ණාසි  මේ පුංචි කොළ කෑලි එකින් එක අරගෙන අකුරු හැඩ රටා දිහා බලාගෙන හිටියේ සිංහල කියවන්න බැරි හින්දයි. සෙනෙහසට හැකිනම්දරන්නට රිදුමන්හිඳිමි ඉවසා මංනුඹට නොකියා රහසින් ඇස පිනයිඔබේ රුවකනපිනයිඔබේ හඬසිත දවයිපෙලා හදවත මව් කෙනෙක් නැති නිසාමව්කිරිත් නැතුව ඇතිතාත්තෙක් නැති නිසාසිහිනවත් මිහිරි නැතිමටරන්...
කේසර තමන් ගැන කොච්චර විශ්වාසයකින් හිටියත් සමහර මානුෂීය හැඟීම් එක්ක තමන්ගේ ජරා, දේශපාලනය දිනවන්න බැහැ කියන එක තමන්ගේ දුවගෙන්ම ඉගෙන ගන්න තත්වෙකට පත්වෙලා හිටියා. "මාව මේ හොස්පිට්ල් එකෙන් ගෙදර අරන් යන්න.. අර එළියේ ඉන්න නර්මදා ආන්ටිට මේ කිසි දෙයක් මම කියන්න කැමති නැහැ. ඒ නිසා එයා ඉන්න තැනක අපි මේ...
වර්ණාසි කෑ ගහගෙනම ඇඳේ ඉඳගත්තා.එතනින් එහාට ප්‍රවෘත්තිවල කියවෙන්නේ මොනවද කියලා වර්ණසිට ඇහුනෙ නෑ.අතින් ගැලවුණ සේලයින් බටය බීසි වෙලා යද්දී වර්ණාසිගේ රතු පාට ලේ බිංදු රෝහල්කාමරය පුරාත් ඇඳ පුරාත් විසිරුනා.වර්ණාසිට කතා කරලා සංසුන් කරගන්න උත්සාහ  කළත් බැරිවෙන තැන.. නර්මදා වර්ණාසි ව බදා ගත්තා.වර්ණාසිගේ කලබල කිරිල්ල නවත්තගන්න හෙද පාලිකාවක් වර්ණාසිට  නින්ද...
"මේ රටේ හැම දරුවෙක්ම.. මගේ දරුවෙක්.. මට මගේ දුව නැති වෙලා.. මේ වෙලාවේ රට වෙනුවෙන් කැපවෙන්න ගිය මට, මගේ දරුව  රැක ගන්න බැරිවෙලා. මගේ මැණික මට නොකියම ගිහින්. පුතේ.. සමහරවිට මං කතා කරන දේ මේ වෙලාවේ ඔයාට ඇහෙනවා ඇති..ඔයාගේ තාත්තා තව දවස් කීපයකින් ජනාධිපති වේවි. හැබැයි  ඒ ..රටට විතරයි....
"අපි අතුරුදහන් වුනේවත්.. පැනලා ගියෙවත් නැහැ ආන්ටි...අනික තාත්තා මොකටද හැමෝත් එක්කම කියලා මම ගැන ඇඬුවේ..තාත්ති දන්නවනේ අපි කොහෙද ගියේ කියලා...තාත්තිමනේ කිව්වේ අපිට යන්න කියලා... ආන්ටි කීයටවත් හිතනවද එදා රෑ මට ආපහු නවසීලන්තයට යන්න ෆ්ලයිට් එක තියෙනකොට .. මම කාත් එක්ක හරි පැනලා යයි කියලා...එච්චර නැරෝමයින්ඩ් කෙනෙක් හැටියටද ආන්ටි  මාව...
වර්ණාසි අඬගහපු හින්දා තවත් කූඹි හතර පස් දෙනෙකුට ඉඩ තියලා ජාදු ඇඳේ ඉඳගත්තා.පන්සල්වලයි පල්ලි වලයි බෝම්බ පුපුරපු සිද්ධියේ අගමුල සේරම ජාදු වර්ණාසිට කිව්වා.ශංකර් කියන පුද්ගලයාගෙන් උපදෙස් ලැබුණු හැටිත් ඒ අනුව හැම වැඩක්ම සූදානම් වුණ හැටිත් නර්මදාගේ කසාද පුරුෂයාව අයින් කරගන්න මේ සිද්ධිය ආයෝජනය කරගන්න පුළුවන් බව තමන්ට හිතුණු හැටිත්...
වර්ණාසිගේ මූණ කඳුළුවලින් හේදිලා තිබුණා.නමුත් ඉකියක ලකුණක්වත් පෙනුනේ නෑ..  ගේ වටේට හුළඟ විතරක් කෑ ගහන සද්දෙ තිබුණා. මෙච්චර කාලයක් තමන් ළඟ අම්මගේ කඳුළු ගල් වෙලා තිබිලා කියලා වර්ණනාසිට තේරුනේ ඒ වෙලාවෙ. තාත්තා මේ තරම් පහත් තත්වයට වැටුනේ ඇයි කියලත්   හිතුනා. "ජාදු"... හමන හුළඟකටත් වඩා හෙමින් වර්ණාසි කතා කළා. ඈත අතීතයේ මුතු...
අප්‍රේල් 28 කේසරගේ වෙනස් වීම පුදුමයි. එයාට මතක නෑ අපි ඉස්සර ආදරෙන් උන්න විදිහ ..දුවගේ උපන්දිනය දවසෙත් එයාට මීටිමක්ලු. මට දුව ඉදිරියේ අඬන්න බැරි හින්දා ඉවසුවා. මට දුව ගැන දුකයි. කේසරගෙන් මම මහා ලොකු දේවල් ඉල්ලන්නේ නෑ.අපි වෙනුවෙනුත් අඩුම තරමේ පැය දෙක තුනක් වෙන් කරන්න කියන එක විතරයි ඉල්ලන්නේ.අපි මහා...
"ජාදු .. කතාව කියන්නකෝ..මගේ බත් එක ඉවර වෙන්නත් ලගයි.." වර්ණාසි කිව්වා . ම්ම්.. හරි   ..ඔය අතරේ ඔය වාට්ටුවල ඉන්න ලොකු ලොකු කට්ටියගේ උපන්දින පාටි එහෙම ජයට සමරනවානේ.. ඉතිං ඔය  ජග්මන් කාරයාට හැමෝම කතා කළේ බොස් කියලා . ඌ ඒ තරං සීනියර්..දවසක් එහෙම  බර්තේ ඩේ පාටියක් වෙලාවක කපපු කේක් කෑල්ලකුත් ඌ නොකා...