ආතුරයන් මැද ආදරෙන්

වර්ණාසි තරහ වෙලා බිම බලාගෙන ඉන්නකොට ජාදු ට මතක් උනේ පරන සිද්ධියක් . ආපහු සැරයක් යාළු කරගන්නත් ඕන හින්දා ඔන්න ඔහේ කියල දැම්මා. "බේබි ට  කියන්න ...අපිත් එක්ක හිරේ උන්නා කුලතුංග කියල මිටි මිනිහෙක්....ඌ ඇවිල්ල තිබුනේ කාටදෝ  මන්නා පාරක් දීලා වැඩේ ක්ලෝස්ම කරලයි. එදා බත් පෝලිමේදී මිනිහව තල්ලු කරලා සුදුවා...
දවස් ගානක් එකම තැනක හිරවෙලා එකම වාතය ආශ්වාස ප්‍රශ්වාස කර කර එකම හිනාව එකම කතාව අහගෙන නියමිත දවස එනකන් බලාගෙන හිටපු වර්ණාසිගෙත් ජාදුගේත්..ඇමැති දියණියකගේත් ආරක්ෂකයෙකුගේත් අතර තියෙන සම්බන්ධයට වඩා බොහොම හොඳ යාළු මිත්‍ර ගොඩනැගීමකට පොඩ්ඩක් එහා ගිය ජීවිතය පුදන්නට ආදරය කරන්නට තරම් බැඳීමක මෙහා නැවතුන තවමත් හරියට කිසි කෙනෙක්...
කේසර ලොකු සර්ගේ උපදෙස් වලට අනුව ජාදුට වෙන් වෙලා තිබුනෙ කුස්සිය ළඟ කාමරය උනත් ජාදු ඒ කාමරය ගත්තේ නැහැ. වර්ණාසිගේ කාමරයේ දොර ඉස්සරහින් මෙට්ටයක් බිමට දාගෙන නිදාගන්න ලෑස්ති වෙන ජාදු  දිහා වර්ණාසි පුදුමයෙන් බලන් උන්නා." ලොකු සර් මට කිව්වේ.. මැණිකක් රකින නාග රාජයෙක් වෙයන් කියලනේ.... ඔන්න ඒ හින්දා නයා...
"තාත්තා මේ වැඩේ මෙච්චර හදිසියෙන් ප්ලෑන් කරපු එකක් කියලා මට නං හිතාගන්න අමාරුයි.මට හිතෙනවා මේක පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියලා." වර්ණාසි එහෙම කියනකොට පිහියක් අතට අරගෙන කැපෙනවද කියලා බල බල හිටපු ජාදු  ගැස්සිලා වගේ වර්ණාසි දිහා බැලුවා. "මෙච්චර කෑම ගොඩක් කොහොමද එක දවසින් ප්ලෑන් කරවන්නේ..සති දෙකක් විතර ඉන්න දෙන්නෙකුට...
සක්නද  හරියටම නද දෙන්නේ මහා පෞරුෂත්වයක් ඉස්සරහය කියන පරණ කියමණ ඇත්තක් කරවන්න වගේමයි.ජාදු  ඉදිරියෙන් හරෝ හරා නමෝ ශිවා හඬ අස්සෙන් මහා සක් හඬක් ගිගුම් දුන්නා. ඒ වෙනකොටත් වාහනෙන් එළියට බැහැලා හිටපු ජාදු  ගේ බඳ කොටස වාහනයට වැහිලයි තිබුණේ.වර්ණාසි වාහනය ඇතුළේ ඉඳන් පෙරහර දිහා බලාගෙන හිටියා.ජාදු  තමන්ගේ පිස්තෝලය පෙරහැර දිහාවට...
පාර දිගේ වීදුරු කලුකරපු ජීප් රථය වේගයෙන් ජාදු  අරගෙන ගියේ හිතේ මුල්ලක නැගුණු විශාල බයකුත් එක්කයි..ඕනම දේකට මුහුණ දෙනවා කියලා තනියම හිතුවට වර්ණාසිට ඒ මොකුත්ම කියන්න ගියේ නෑ.වර්ණාසි බේබිට දශමයකින් හරි හානියක්  වෙන්න දෙන්නෙ නෑ මං..වෙතොත් වෙන්නේ මම මැරුණයින් පස්සේ... කියලා තමන් තමන්ටම දිවුර ගත්තා. "මට බඩගිනියි ජාදු... මේ බොක්ස්...
"උඹට තේරෙන්නේ නැද්ද මෝඩියේ.." කියලා කේසර කෑ ගැහුවේ මාළු ටැංකියේ පීන පීන හිටපු මාළුන්වත් බයෙන් තිගස්සවමින්... "උන් උබට වෙඩි තියන්න හදන්නේ එළියට බැහැපු ගමන්...  උඹට ඕනේ ඒක කරවගෙන මාවත් පිස්සෙක් කරන්නද..." කේසරගේ මූණ කාලි දෙවඟනගේ පිරිමි ස්වරූපය අරගෙන තිබුණ. "ලොකු සර් බය වෙන්න එපා..මට කියන්න මම ඕන දෙයක් කරලා දෙන්නම්." ජාදු  කිව්වේ බොහොම ගැඹුරු...
"ඒක මැරුණු මැණිකක්".. කියලා භූ විද්‍යාඥවරු කිව්වේ එතකොටයි. ආයිත් පාරක් ජාදුව මූලික කරගෙන විකල්ප පත්තර කාරයෝ අවුළුවන්න හදපු ගින්න  බට කැලේට වතුර දැම්මා වගේ නිවිලා ගිය හැටි දැකපු කේසරයි බන්දුල ඇමතිතුමයි හිනාවුණා. රෙංගස්වාමි හැටියට පෙනී හිටපු විනෝදස්වරම් තමාට හිමි මුදලත් අරගෙන යාපනයේ තමන් රස්සාව කරන රාජ්‍ය නොවන සංවිධානයේ නිල නිවසට...
"පිස්සු ද බං.. ඌ අවුරුදු ගාණක් ගැටබේ කාරයා ගාව ඉන්න එකා.." "අවුරුදු ගානක් හිටියට ඌ තාම ඉන්නේ  තනි කාමරයේ  පුංචි ගෙදරක. ළමයි දෙන්නා තාම ඉස්කෝලෙ යන්නේ ගමේ ඉස්කෝලෙට. කාල ඇඳලා හිටියට පවුල ඇතුලේ බොහොම ප්‍රශ්න තියෙන මිනිහෙක්.අපිට මිනිහව ලේසියෙන්ම නමා ගන්න පුළුවන්..සර් මං කියන ගාන දෙන්න..මං මිනිහ ලව්වා වැඩේ කරවලා...
කෑම මේසේ  කතාවෙච්ච රසවත් කතාබහ කිසි දෙයක් කේසරගේ ඔලුවට ගියේ නැත්තේ ඒකයි.මේ වෙන්න යන බල පෙරළියත් එක්ක තමන්ව අහුවෙලා තියෙන ගැටය ගැන තමන්ටවත් තේරුම් ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණා.හීනෙකින්වත් හිතපු නැති විදිහට දයාවංශ තමන්ගේ බෙල්ල මුලටම හිරවෙන විදිහට ගැටේ ගහලා තිබුණා.ඒත් කොයිම විදිහකින්වත් දයාවංශ වැරදිකාරයෙක් වෙලා හිටියේ නෑ.තමන්ට පොරොන්දු...