මා හිස පිරිමැද

ඒ වූ කලී සව්මිය වූ චමත්කාර හීනයකි. විදුර වරදත්ත විසින් නො කියා කියන්නට යෙදුණේ මා ඔහු ගේ ජීවිතයට දුරින් සිටිත යුතු බව වී ද මට ඔහු මොනවා කීවත් කමක් නැත. මම දෙතුන් දිනක් ම වලාකුළුමය හැඟීමක පා වෙවී සිටියෙමි. විදුර ට කතා කිරීමේ උවමනාව උමතුවක් සේ මා තුළ ඔඩු...
මා රිය පැදවූයේ ඉතාමත් හෙමිහිට ය. මගේ මුවග දිගට ම මඳහසක දඟය විය. ඒ වෙලාවට පාර ඒ තරම් තදබදයකින් තොර වී ද මා මඟ ගාටනු නො ඉවසූ ඇතැම් රියදුරෙක් හෝන් ගසා මදිවාට මා පසු කර ගෙන ගියේ හොඳින් මදෙස බලා රවමින් වාගේ ය. එනමුදු ම'මුවග වූ මඳහසට නම් අල්ප...
මගේ අම්මා නොහොත් වජිරපාණී වික්‍රමබාහු දේශපාලන චරිතයක් බවට පත් වන්නේ, ආසියාතික රට වලට පොදු වූ 'අනුකම්පා ඡන්ද' වලිනි. ආසියාතික බොහෝ රට වල දේශපාලකයෙකු ඝාතනයට ලක් කරනු ලැබූ විට හෝ මිය ගිය විට ඔහු ගේ බිරිඳට හෝ ඔහු වෙනුවෙන් පෙරට එන දියණියට විශාල ඡන්ද ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව ජනතාව විසින්...
'විදුර වරදත්ත සපුතන්ත්‍රි' ගේ දේශපාලන ලිපිය ඉතා පරිස්සමෙන් කියවා හමාර කිරීමෙන් පසු, පුවත්පත නවා පුටුව මත තබමින් මම නැගිට ගතිමි. ඒ අකුරු අතරෙන් පිටතට ආව ද තවමත් මා සිටින්නේ ඒ කම්පනය අතරේ ය. ඔහු ගේ පුවත්පත් ලිපියක් කියවන හැම වතාවක ම මට එසේ වේ. හිස හිරි වැටී වාගේ, ඒ...