මා හිස පිරිමැද

අද අපේ විවාහයේ දස වන සංවත්සරය යි. රාත්‍රී භෝජනය සඳහා විදුර ගේ සහෝදරියන් තිදෙනා ගේ පවුල් තුන ද මගේ අක්කා ගේ පවුලේ අය ද අපේ නිවෙසට පැමිණීමට නියමිත ය. ඊට පෙර මම, කාලයකට පෙර විදුර විසින් ලියන්නට යෙදුණ සටහන් පොත නැවත ද කියවීමි. මගේ ඇස් වල මේ දැනුත් කඳුළක...
අපේ විවාහය, පවුල් දෙකේ අය පමණක් සහභාගී වූ ඉතා සරල උත්සවයකි. සැබවින් එයට උත්සවයක් යයි කියන්නට ද බැරිය කියා මම සිතමි. විවාහ ලියාපදිංචිය සිදු කොට පවුල් දෙකේ අය හොඳ ම භෝජනාගාරයක දිවා ආහාර ගෙන නික්ම යාමක් පමණක් සිදු විය. ඇමතිවරියක ගේ දියණියක එසේ නිහඬ ව විවාපත් වීම ප්‍රශ්නයක් කර...
සමහර දේවල් සැබෑ ජීවිතය මත සිදු වෙත්දීත් අපට දැනෙන්නේ අප සිහිනයක් දකින්නා සේ ය. ඒ මොහොත මට දැනුණේ ද එසේ ය. ඒ වෙලාවේ පමණකුදු නොව ඊට වසර කිහිපයකට පසු අදත් ආපසු හැරී බලත්දී මට දැනෙන්නේ එසේ ය.  විදුර ව එදා කිරුලපන දී ඔහු ගේ රිය ලුහුබැඳ නවතා ගත් පිරිසක් විසින්...
වජිරපාණී වික්‍රමබාහු වූ කලී, බලය සිය එක ම ජීවිත ආධ්‍යාශය බවට පත් කර ගත් ගැහැනියකි. සිය පියා ගේ වියෝවෙහි දී, ඇය ඔහු අත තිබූ යෂ්ටිය සියතට ගන්නට දෙවරක් නො සිතුවේ ඒ බල ලෝභීත්වය නිසාවෙනි. එසේ අතට ගත් බලයෙන් කුමක් කර ගත්තා දැයි අතීතයට හැරී බලන්නට ඇයට හිතුණේ වී නම්,...
ප්‍රභාතය උදා වී තිබුණේ ය. සුදු වූ ජනේල වීදුරු අතරින් ළපටි හිරු රැස් කැදලි කාමරයට කාන්දු වෙමින් තිබිණ. උදෑසන හයයි තිහත් පහු වෙමින් ඇති බව බිත්ති ඔරලෝසුව සනිටුහන් කරයි. එහෙම දිගු නින්දක් ලැබූයේ විදුර අතුරුදන් වූවාට ම පස්සේ ය. ඉන් අනතුරුව එළඹි පළමු සුබාරංචිය ලැබුණේ පෙර දා ය. ඒ...
විදුර ගැන හාංකවිසියක හෝඩුවාවක් නො මැති ව දවස් ගෙවෙමින් තිබිණ. බලා හිඳීම මිස තව දුරටත් මට කරන්නට යමක් තිබුණේ නැති තරමි. ඔහු ගේ දුරකතනය අවදි නොවන්නට සිතා දෝ දීර්ඝ නිද්‍රාවකට එළඹ තිබුණේ ය. මනසින් අන්තයට ම වැටී, විලාප තබා හඬන්නට ඕනෑ වූ මොහොත වල මම ඔහු ගේ වට්සැප් අංකයට...
විදුර ගේ මව රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගෙන තිබිණ. ඔහු ගේ සොයුරියන් තිදෙනා රෝහලට වී කඳුළු සලමින් සිටියහ. සැබවින් ඔවුන් කොහොම එක මත එක සිදු වන මේ තරම් ව්‍යසන පෙළකට මුහුණ දෙන්න ද? හැම ඇස් දෙකක ම වූයේ භීතියකි. ඔවුන් ගේ එක ම සොයුරා ව හොරු අරගෙන ගිහින්...
විදාරණය වීමට නියමිත ගිනි කන්දක් මුදුනේ ඉඳ ගෙන සිටිනා ප්‍රාණියෙකු සේ මට මා දැනෙන්නට ඇත. එය ඒ තරම් දෙගිඩියාවෙන් ද හද ගැස්මෙන් ද යුත් මොහොතකි. මා කිසි සේත් හොඳ සිහියෙන් සිටින්නට බැරි වී ද වෙනදාටත් වැඩිය මම තියුණු සිහියකින් සිටියෙමි. වැහි ගතිය නිසා පාරේ වාහන තදබදයක්  වූයේ ය. ඉඩ...
පවතින රජය යටතේ අම්මා යළිත් ඇමතිවරියක ලෙස දිව්රුම් දුන්නා ය. දේශපාලන ලෝකය තුළ මොනවා කෙසේ සිදු වී ද අපේ ගේ ඇතුළේ පැවතියේ සන්සුන් සාමකාමී බවකි. නමුත් ඒ සාමකාමී බවට යටින් මොකක්දෝ ගුප්ත ඝෝෂාවක් මට ඇසිණ. කොරහේත් කිඹුලන් දකින්නට උත්සාහ නො කරන්නැයි මගේ ම හිතේ පැත්තක් මට කීවේ ය. "බය වෙන්නැතුව...
ජීවිතයේ සමහර පරිච්ඡේද අපට මතක තිබෙන්නේ සිහිනයක කොටස් සේ ය. ඊට හේතුව ඒ සිදුවීම් අතරේ දී අප කිසියම් නිර්වින්දිත තත්වයක සිටීම විය හැකි ය. පියවි සිහියෙන් මුහුණ දෙන්නට බැරි හා ඔරොත්තු දෙන්නට බැරි සිදුවීම් ජීවිතය ඉදිරියට එත්දී, ඒවාට මූණ දීමේ වඩා පහසු මග ලෙස ජීවිතය විසින් ම තෝරා ගනු...