මා හිස පිරිමැද

ඒ ලිස්සා වැටීමත් එක්ක තාත්තා ට ආසන්න මතකයන් බොහොමයක් අහිමි වී ඇති බව අපට දැනෙන්නට වූයේ ටික ටික ය. අක්කාට හෂාන් සමග ගෙදර යන්නයි කී විට අපි එය ඒ තරම් බරපතල ලෙස නො ගත්තෙමු. නමුත් මා විදුර සමග ගිලන් කුටියෙන් පිට වූ පසු තාත්තා අක්කාගෙන් "ඒ ආවේ කවුදැ"යි අසා...
තාත්තා නාන කාමරයේ වැටුණේ ය. ඔහු ගේ හිස සින්ක් එකේ වැදී පැලී ගොස් තිබිණ. ඒ වෙලාවේ මා සිටියේ විශ්ව විද්‍යාලයේ දේශනයක් අතරේ ය. නාන කාමරය දෙසින් ආ හඬ නිසා, තාත්තා ගැන විපරමින් සිටින අක්කා ගොස් බලන විට ඔහු ලේ පෙරා ගෙන සිහිසුන් ව එහි වැටී සිට ඇත. සේවකයන් ගේ...
සෙනසුරාදා උදය පායා ආවේ ම තෙතබරිතව ය. අහස අළු පාට ඝණ රෙද්දක් පොරවා ගෙන සිටියේ ය. විටින් විට පොද වැහි වැස්සේ ය. විටෙක ඒ පොද අනෝරාවන් වලට හැරිණි. මම ලොකු වීදුරු ජනේල ළඟට වී සිතුවමක් වන් පිටත දර්ශනය දෙස බලා ගෙන සිටියෙමි. සීතල නිසා තාත්තා ඇඳට වී සිටියේ ය....
අක්කා දින ගණනාවක් තිස්සේ අපේ ගෙදර ම නතර වී සිටියා ය. ඇය කිසිදු තැවුළකින් තොර ව සතුටෙන් සිටිනා බව ද පෙනිණ. නමුත් අම්මා සිටියේ මේ ගැන සුව පහසුවකින් නොවේ. ඒ ගැන කතා කරන්නට ගොස් අක්කා ගෙන් දරුනු චෝදනාවක් ලැබුවාට පස්සේ තවත් කතා කිරීම ගැන පසුබෑමක් ඇය තුළ ඇති වෙන්නට...
"ඇය ගියාට පස්සේ මා අවට දරුණු පාළුවකින් වෙව්ළුම්කෑවේ ය. හරියට කාලාන්තරයක් තිස්සේ ඇය මා ළඟ ම දැවටී හිඳ යන්නට ගියා මෙනි. මගේ පුංචි යහනට වැටී කොට්ටයක් බදා ගෙන හෝරා ගණනක් මම නිසල ව සිටියෙමි. නමුත් මට නින්ද ගියේ නැත. "මං යුනි එකට ආව. බත් ටිකක් කාල පැරසිටමෝල් බොන්න හොඳේ" කියා ඇය...
විශ්ව විද්‍යාල භූමිය තුළ රිය නතර කළ මම ඉන් පිටතට විත් කැබ් රථයකට ගොඩ වීමි. මගේ මෝටර් රථයෙන් විදුර ගේ බෝඩිමට යන එක කොයි ආකාරයෙන් හෝ නරකක් නපුරක් වෙන්නට බැරි නැත. ඉතා පරිස්සමෙන් ජීවත් වෙන වටිනා මිනිසෙකු මගේ අදූරදර්ශී බව නිසා අනතුරක හෙළිය නො හැකි බව සිත තදින් ධාරණය...
මම චමත්කාර පෙම් හීනයක් දකිමින් සිටියෙමි. තාත්තා ඩිමෙන්ශියාව නම් වන අසාධාරණ රෝගයට ගොදුරු වීමත් එක්ක මා ඒ සිහිනයෙන් තිගැස්සී අවදි විය. හීනයට වඩා හැබෑව කෙතරම් කටුක ද බියකරු ද අවිනිශ්චිත ද කියා හරියට ම දැනෙන්නේ එවන් වූ අවදි වීමක් තුළිනි. ජීවිතය කියා ස්ථිර වූ කිසිවක් නැත්තේ ය. ජීවිතය කියන්නේ...
රාත්‍රිය පුරා මා කළේ අන්තර්ජාලය පීරමින් ඩිමෙන්ශියාව ගැන තොරතුරු සෙවීම ය. එය සුව කළ නො හැකි රෝගයක් බව දැන ගැනීම මගේ හදවත නැවතූ කාරණය විය. වෛද්‍ය ප්‍රතිකාර වලින් කළ හැක්කේ එය උග්‍ර වීමේ ශීඝ්‍රතාවය පාලනය කිරීමක් පමණක් ය. මුලින් ම සිදු වන්නේ ආසන්න සිදුවීම් අමතක වී යාම යි. තාත්තා...
එදා රාත්‍රියේ අක්කා අපේ ගෙදර නතර වූවා ය. විවාහයට පෙර ඇය සිටි කාමරය තිබිණි ද ඇය මාත් එක්ක නිදන්නට ආවා ය. සැබවින් අප නිදා ගත්තේ රාත්‍රියෙන් හෝරා කිහිපයක් පමණකි. ඉතිරි මුළු කාලය කියවමින් සිටියෙමු. ඒ අතරේ අක්කා ට විශේෂයෙන් දැන ගන්නට ඕනෑ වූයේ මට දැන් පෙම්වතෙකු සිටිනවා ද කියා...
"ඉතිං..." මා නිමග්න ව උන් සිතිවිලි හීනය තිගස්වමින් විදුර වරදත්ත මගේ ඇස් විනිවිද බලා කතා කළේ ය. තද කොට ගෙන උන් මගේ දෙතොල් පෙති ලිහී සිනහවක් පිපී ගෙන එනු මට දැනිණ.  "මං මහ වදයක් වුණා නේ..." "හ්ම්" ඔහු තවත් පැත්තට, මගේ දෙසට හැරෙමින් මේසය මත වැලමිට තියා නිකටේ අත තබා ගත්තේ ය. "සොරි ඉතිං....