Not Without You

සකී ආන්‍යා තඹරවිල"අල්ලා ගන්නා සියල්ල අත්හැරිය යුතු වෙනවා පිංවතුනි. අත්හැරීම වේදනාවක්. ඒකට පුරුදු පුහුණු කරන ලද හිතක් තියෙන්න ඕනෙ. අත්හැරියාම පහසුයි. නමුත් අපි අල්ලාගනිමින්… අල්ලාගත් දේවල් අත්හැරේයයි බියෙන්… වද විඳිමින් දුක් විඳිමින් මේ බියකරු සසරෙහි ගමන් කරනව. සබ්බං පහාය ගමනීයං කියල තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙනව පිංවතුනි. අපි සියල්ල...
විත්තියේ ජ්‍යේෂ්ඨ නීතීඥවරයා සිය ජයග්‍රහණය වෙනුවෙන් චතුර ලෙස කරුණු ඉදිරිපත් කළේ ය. උසාවිය ඉදිරියේ කල්පනී මැදගෙදර ගල් ගසා මරා    දමන්නට නියම වී සිටියා සේ ය. ඇය බලාපොරොත්තු අතහැර දමා සිටියා විය යුතු ය. ජ්‍යේෂ්ඨ නීතීඥවරයා දිගින් දිගට ම පහර එල්ල කරන ලද්දේ කල්පනී විසින් අවතක්සේරු කරගන්නා ලද ඇගේ ගැහැනුකම්...
සකී ආන්‍යා තඹරවිල කල්පනී මගේ කාර්යාලයෙහි, මා අභියස හිඳ සිය කතාව සාරාංශ කොට කියා නිම කළා ය. අවසානයෙහි සුසුමක් හෙළුවේ මා මිස ඇය නොවේ. ආදිල් ගේ දුරකතනයෙන් ඇගේ නග්න වීඩියෝවක් දුටු වෙලාවේ පටන් සමස්ථ ස්ත්‍රීත්වය කෙරේ මා තුළ ඇති වෙමින් තිබූ අනුකම්පා සහගත හැඟීම බිඳකුදු වෙනස් නැතිව මේ වෙලාවේත් ඇතුළාන්තයෙහි...
කල්පනී මැදගෙදර දුලාජ් හම්බවුණාට පස්සෙ මට දැනුණෙ යමක් සම්පූර්ණ වුණා වගේ. කාලයක් තිස්සෙ මං ඇතුළෙ තිබුණ හිස්කමක් එක මොහොතකින් පිරිල ගියා වගේ. මංවත් නොදැන මං හොය හොයා හිටිය දෙයක් ලැබුණ වගේ. අන්න එතනදි ආදිල් සම්පූර්ණයෙන් ම අහෝසි වෙලා ගියා. මට තවදුරටත් එයාට කතා කරන්නවත් එයා පස්සෙ යන්නවත් ඕන වුණෙ නෑ....
මුද්‍රා ටික වෙලාවක් මා ඉවසාගෙන සිටියා ය. ඊළඟට මා සිය උරහිසින් ඈත් කොට,"අපි දැං පහළට යංකො"කියා කීවා ය. මම යළිත් විලාප දෙන්නට පටන් ගතිමි."අනේ බෑ… හ්. මට පහළට යන්න ඕන්නෑ කියල කිව්වනෙ. මට මුකුත් බලන්න ඕන්නෑ. ඕගොල්ලො ඔය පෙන්නන්න යන දේ බලන්න මට බෑ""පිස්සු නටන්නැතුව යමු බං"කියමින් මුද්‍රා හා...
ආදිල් මන්රූ රත්නායක උදා වෙමින් තිබුණෙ හරි සන්සුන් කාලයක්. මං හිතන්නෙ මගෙ ජීවිතේ හොඳ ම කාලය. මායි සකීයි අතරෙ රිලේශන්ශිප් එක දැඩි තදින් බැඳෙමින් තිබුණ බවක් තමයි මට දැනුණෙ. මං වටේට මාර සුවපහසු කලාපයක් එයා විසින් නිර්මාණය කරමින් තිබුණා. ඒ කලාපය ඇතුළෙ මට බරපතල දේකට කියල තිබුණෙ බිස්නස් එක ඩිවෙලොප්...
කල්පනී මැදගෙදර ඒකනං මං කොහොමවත් බලාපොරොත්තු නොවුණ හමුවීමක්. ටිකක් මහත් වෙලා පරිණත පෙනුමකුත් පොහොසත් පෙනුමකුත් ඇවිත් තිබුණට ඒ දුලාජ්මයි කියල අඳුරගන්කොට මට හිතාගන්න බැරි වුණා. ආයෙ කවමදාකවත් එයාව මට මුණගැහෙයි කියල මං හිතාගෙන හිටියෙ නෑ. කොළඹට ආවට පස්සෙ වුණත්, දුලාජ් ඉන්නව ඇත්තෙ කොළඹනෙ කියල හිතිල නෑ. මේ මුළු රටත් කඳුළු...
ආදිල් මන්රූ රත්නායක නින්දෙන් මුලින් ම මට ඇහුණෙ මුමුණන කටහඬවල්  ටිකක්. ඒ අතරෙ සකීගෙ හඬත් තියෙන බව අඳුරගන්න මට බැරි වුණෙ නෑ. මං කන් දෙන්න උත්සාහ කළෙත් නෑ මේ ගෙදර එයාගෙ හඬ ඇහෙන එකේ අරුමයක් නැති නිසා. ආයෙමත් නිදිමතට ඇස් දෙක බර වෙනකොට ඇහුණෙ සකී ගෙ කා එක පිටත් වෙන...
කල්පනී මැදගෙදර ඔෆිස් එකේ ඉඳල බෝඩිමට ආවට පස්සෙ වුණත් මට ඒ කෝල් එක අමතක කරන්න පුළුවන් වුණෙ නෑ.  මගෙ බඩේ බෝම්බයක් බැඳල තියනව වගේ මං පුදුම ගැස්මකින්, කම්පනේකින් හිටියෙ. ඒ ඇයි කියල හරියට ම මට තේරුණෙත් නෑ. බඩ ඇතුළෙ දැවිල්ලක්, ගින්දරක් වගේ දෙයක් ඇවිළුණා. බෝඩිමට ආපු ගමන්  මං කළේ ආදිල් ට...
කල්පනී මැදගෙදර මට දැනුණෙ කුරිරු සතුටක්. ඇත්තට ම මට ඕන වුණේ ආදිල් ට රිද්දන්න නෙවෙයි. සකී කියන අර කෙල්ලට රිද්දන්න. ඒ කෙල්ල එදා මං ගහන්න හදද්දි ආදිල් ට තුරුල් වුණ හැටි වගේ ම ආදිල් ඒකිව මගෙන් රැකගත්ත හැටිත් අමතක කරන්න බැරි චිත්‍රයක් වගේ මගෙ හිතේ ඇඳිල තිබුණ. අනිත් එක මං...