දෙව්නි සම්බන්ධයෙන් සචින් අයියා දැඩි තීරණයක් ගෙන තිබිණ. ඔහු මුලින් ම සිදු කොට ඇත්තේ දුරකතන ඇමතුමක් දී ඇය ගේ දෙමව්පියන්ව ද වැඩිමහල් සහෝදරයාව ද දෙව්නි ගේ තත්වය පිළිබඳව දැනුවත් කිරීමයි. ඉන්පසු ඔවුන්ව සිය නිවසට ගෙන්වාගෙන දෙව්නි ද ඉදිරියේ සියල්ල පාපොච්චාරණය කර තිබේ. මේ තත්වය යටතේ මේ ආකාරයෙන් දිගට ම...
කල්පනී මැදගෙදර
"මං කැමති කෙනෙක් ඉන්නව" කියල ආදිල් මගෙ මූණට ම කියපු වෙලාවෙ දෙයියනේ මං ඇතුළතින් ගැස්සුණ තරමක්. ඒක ක්ෂණික ආත්ම අනුකම්පාවක්. නමුත් ඒ ආත්මානුකම්පාව යට කරගෙන ඊළඟට නැගී හිටියෙ පුදුම කේන්තියක්. මේසෙ උඩ තිබුණ හැම දේම අරං ආදිල් ගෙ මූණට දමල ගහන්න තරං කේන්තියක්.
ආදිල් ව මුණගැහුනට පස්සෙ මට දැනුණ...
ඒ වෙලාවට පන්සලේ ඒ හැටි සෙනඟක් නැත. බෝ මළුවෙහි හිඳ සිටිනුයේ ද අහම්බෙන් තැනෙක කෙනෙකි, දෙ දෙනෙකි. එබැවින් අප දෙස බලන්නට හෝ අප ගැන හිතන්නට කවුරුන්වත් නැත. එය මගේ හිතට සහනයක් විය. අනිත් අතට "කවුරු බැලුවත් මොකද" කියා හිතන්නට තරමින් මම මුරණ්ඩු වී ද සිටියෙමි.
ආදිල් බෝධියේ ඉහළ අතුපතර දෙස...
ආදිල් මන්රූ රත්නායක
මොනාද මේ සිද්ධ වෙන්න යන්නෙ කියන ගැස්මෙන් ම මං ගල් වෙලා ගියා වගෙයි. ඇත්තට ම ඒක මාරු අමාරු රැයක්. අඩු ගානෙ නින්ද ගියානං ඒකත් ලොකු දෙයක්. නින්දක් නැතිව එක එක දේවල් මගෙ හිතට ආව. කලිපනී කොළඹ ආපු එකත් එක්ක මගෙ ජීවිතේටත් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්.
අපිට එකට ගමනක්...
හීන් නිළි වැස්සක් ඉහිරෙමින් තිබේ. උදේ සිට ම එහෙම ය. හයියෙන් වැස්සේ නැතිවාට ආකාසය මන්දාරම් වී වැහි ගැබක් දරාගෙන හිඳී. කවර මොහොතක හෝ ඔය සිරිපොදය නවතා අහස කඩාහැලෙනු ඇත.ඝණ වලා වියනකින් ආකාශය වැසී ඇති නිසා සූර්යයා සැඟවී ගොසිනි. හිරු කිරණයක් දවසේ ම පොළොවට ළඟා වන්නට අපොහොසත් වූයෙන් වායු ගෝලය...
පිරිත් ගෙදරක මහ පිරිත ඇරඹෙන්නට පෙර වන කලබලකාරී බව අප අවට මොනවට පැවතිණ. පිරිස කෑම බීම ගැන උනන්දු වෙමින් සිටියහ. රස කැවිලි වර්ග කමින් ද ඒවායින් සංග්‍රහ කරමින් ද තේ බොමින් ද තේ හදමින් ද කාර්ය බහුල වී සිටියහ. ඒ මහා කුලකය තුළ අප දෙදෙනා - මා හා ආදිල්,...
කණාමැදිරි තිත් වන් විදුලි බුබුළු වැල් තාප්පයට ඉහළ සිට පහළට එල්ලා වැටුණේ ය. ගේට්ටුව ඉස්මත්තේ දී එය තිර රෙද්දක් සේ දෙපසට කොට තිබිණි. ගේට්ටුව ළඟ සිට ගෙදර බරාඳය දක්වා කණාමැදිරි තිත් වියන් බැන්දේ ය. රාත්‍රී අඳුර තුළ එය මවාලූයේ සදෙව් ලොවකි. දෙපියන් මහ දොරෙන් ඇතුළු වූ විට සුවිසල් ආලින්දය...
අපි බරාඳයේ පුටු ලං කොටගෙන, කනප්පුව මැදි කරගෙන, වට වී කතා කරමින් සිටියෙමු. අපි කියන්නේ මාත් මගේ මිතුරියන් දෙදෙනාත් ආච්චාත් එහි සිටියහ. ටික වෙලාවකට පෙර ආදිල් සචින් අයියා ට දුරකතන ඇමතුමක් දී "මේ පැත්තට එනවද" කියා ඇසුවේ ය. ඔහු "බලන්නං මචං" කියා කියනු දුරකතනයේ ඉලෙක්ට්‍රෝනික හඬින් මට ඇසිණ. ඒ...
අම්මා හා තාත්තා වෙනුවෙන් සෑම වසරක ම එක ම මසක එක ම දිනයක ධර්ම දේශනයක් පවත්වා පසු දා මහා සංඝ රත්නය විෂයෙහි සාංඝික දානයක් පිරිනැමීමට ඔවුන් නික්ම ගියාට පසු හැම වසරක ම අපි කටයුතු කළෙමු. ජීවත් ව නො සිටිනා අය වෙනුවෙන් ජීවත් ව සිටිනා අයට එසේ පිං පැමිණවිය හැකි...
ආදිල් මන්රූ රත්නායක
හැම දේම බලාපොරොත්තු නොවුණ තරං ලස්සනට සිද්ද වෙන අතරෙත් මගෙ හිතේ සුළි සුළඟක් වගේ කැරකෙන ප්‍රශ්නයක් තිබුණා. ඒ සකී මට කවුද කියන එක. හැබැයි මගෙ හිත ඒ ප්‍රශ්නෙ අහන හැම වෙලාවක ම මට නෑහුණ ගානට මගඇරල යන්න සිද්ද වුණා. ඒ මං මට ම ආත්ම වංචාවක් කළා නෙවෙයි....