Novels

උදෑසන වන විටත්  ධනුක නුරාන්ව කැටුව තමා හමුවන්නට නොපැමිණීම ගැන වත්සලා යම් තිගැස්මක් තනා ගත්තාය. අම්මාට පෙනෙන්නට ව්‍යාජ වේදනාව සහ ජීවිත කලකිරීමත් අනුකම්පාවත් පෙන්වාගෙන සිටින අතරේ ඕ නුරාන්ගේ පසින් සිදුවන්නේ කුමක්දැයි සොයාගනු වස් වන සැලැස්මක් සිතුවාය. එහෙත් පමණ ඉක්මවා කලබලයට පත් වීම තුළ ධනුකලාගේ සිතෙහි යම් සැකයක් ඇති වුවහොත්...
මොනතරං අමාරුවෙන්ද මං එයැයිව මුලිච්චි වෙන්න ක්‍රමයක් හොයාගත්තෙ එයැයි අපෙ ගෙදර ඇවිල්ල ගියාට පස්සෙ. සුදේ අක්කව බෝම අමාරුවෙන් මනාප කොරගත්තෙ එයැයිට මාව මුලිච්චි වෙන්න එන්න පණිවිඩේ දීගන්න. මං වැඳවැටුනෙ නැති ටික විතරයි කකුල් දෙක ළඟ ඒ ඇත්තිගෙ අරවින්දට එන්න කියන්නය කියල මං පොලට යද්දි. මක්ක උනත් අම්මට වාත අමාරුව තියෙන...
වසන්ත උන්නේ කෝපයෙන් රත්වී ගෙනය. මිෂෙල් පිටව යන තෙක් ඉවසීමෙන් හුන් වසන්ත ගෙතුළට ආවේ කෝපයෙන් වෙවුලමිනි. ජයමිණි උන්නේ සාලයේ කොනකට වන්නට ඇති හාන්සි පුටුවේ සිට සුපුරුදු පරිදි පොතක් කියවමිනි. " ජයමිණි "  වසන්ත ගේ උස් හඬට ගැස්සුණු ජයමිණි පොත වසා දමා නැගිට වසන්ත වෙත ආවේ කුමක් හෝ සිදුවී ඇති බව සිතමිනි....
අන්තරා මහගෙදරින් පිටතට පියතැබුවේ දික්කසාද තීන්දුවෙන් දින හතරකට පස්සේ ය. වස්සාන සමයේ දැඩි වර්ෂාපතනයට හා සුළඟට හසු වූ ඇගේ මිදුලේ ගහ කොළ තෙතබරිතව පහළට නැවී තිබිණ. පා පහසක් නො ලැබ, වැස්සට සරුවට වැඩුණු තණ පත් අහසට ඉස්සී බලුවේ ය. සුළඟ තුරුපත් හා ඇතැම් තුරු හිසක් ද කඩා දමා ගොස්...
ධනුක නුරාන් සොයා පිටව ගියේ මධ්‍යම රැය  පසු වීය. එහෙත් ඔහුට නුරාන් ගැන කිසිඳු ඉගියක් ලැබුනේ නැත. ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියා විරහිතව තිබුණි. පැය දෙකකට පමණ පසු ධනුක නිවෙසට පැමිණියේ හිස් අතිනි. " කලබල නොවී ඉමුකෝ ධනුක .. මල්ලි උදේට ඒවි .." පැහැසරා ඔහු අස්වසන්නට උත්සාහ කලේය. එහෙත් ධනුක ට සන්සුන්...
"ඔය ළමයගෙ නම හෙම මක්කද කිව්වෙ?" බුලත් විඩේ හපන ගමන්, කට දෙපැත්තට ඇඟිලි දෙකක් තියල පුටුව අද්දර තිබිච්ච පඩික්කමට බුලත් කෙල පාරක් විදපු තාත්තා එහෙම ඇහුවෙ එයැයිගෙන්. මෙච්චර කාලෙකට අම්මල හොයල දුන්නු කා හරි සිරිත් විරිත් සලකල මාව බලන්න මනමාලයෙක් ආහම බුලත් හෙප්පු, තේ මේස ලෑස්ති කොරාට මොකෝ මං හොයාගත්ත මනමාලය...
මිෂෙල් කැබ්‍ රියක් ගෙන නිවසට යාමට පිටත් වූයේ කෝපයෙනි. ධීර අවසාන තීරණය දී ගියත් එය පිළිගැනීමට මිෂෙල් සූදානම් වූයේ නැත. " මේ හැමදේම අර ගර්ල් නිසාද ? එදා ඔයත් එක්ක පොලිසියට ගිහින් තිබ්බේ ? "  මිෂෙල් අවසානයේදී එසේ ඇසුවේ ධීර පිට වරද පැටවීමට සිතා ගෙනය. " මං කලිනුත් කිව්වනේ මිෂෙල්. ඒක මෙතනට...
අන්තරා ස්වරාවී ගාන්ධාරා උසාවි සංකීර්ණයෙන් පිටතට පැමිණියේ බරැති හදක් දරාගෙනයි. සියල්ල සිදු වූයේ මේ අවසානය වෙනුවෙන් දැයි සිතෙත්දී දැනෙනුයේ ඉහිළිය නො හැකි වේදනාවකි. නමුත් දැන් ඉතින් සියල්ල ම අවසාන වී තිබේ. දක්ෂිණ විතානගේ හා අන්තරා මුතුමුදලි අතර වූ විවාහ සම්බන්ධය නීත්‍යානුකූලව අවසාන වී තිබේ! "අන්තරා" වෙව්ළුම් සරකින් ඈ අමතාගෙන දක්ෂිණ ඇයට...
කැබින් එක අවට සීසීටීවී දර්ශන උදෑසන වරුවෙන් පසු අක්‍රීයය. නුරාන් ගේ හද ගැස්ම වේගවත් වූවේය. තම පරිශ්‍රය තුල තමා ට එරෙහිව උගුලක් අටවන්නට තරම් සවිමත් වූයේ කවුරුන්ද ?  නන්නාදුනන තරුණියක් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුලුවන ආකාරය අනෙක් සීසීටීවී දර්ශන අතරින්  නුරාන්ට සැකයට තුඩු දෙන යමකට විය.  ඇය පිටව යන්නේ පැයකට ආසන්න කාලයකට...
"මගුල් විසේ ඔලුවට ගහන්න අරන් තියෙන්නෙ මෙයාගෙ මේ හැට පැන්නට පස්සෙනෙ, මට පුදුම ලැජ්ජ හිතුනා සරත් ඇවිල්ල විස්තරේ කියද්දි, මෙයැයි අරලිය ලන්ද අස්සෙ කවි මඩුවෙ කොල්ල එක්කල උන්නය කියල" ගින්න අවුලන්න පටන් ගත්තෙ අපෙ නංගි.එදා අරයැයි මමයි එයැයි එක්කල අරලිය ගහ අද්දර දොඩ දොඩ ඉද්දි නොහිතපු වෙලාවක ඒ අද්දරින් මතුවෙච්ච...