Novels

මට උදෑසන ඇහැරුණේ හතේ කණිසම ද ගෙවී යද්දී ය.ඇස හරවා බලද්දී කේතකී මුළුතැන්ගෙය තුළ බවත් චමත්කා නාන කාමරයේ බවත් වැටහිණ.අද දේශන ඇත්තේ හවස් යාමයේ ය.උවමනා නම් ගම මැදින් යන බසයෙන් ද නැතිනම් අපේ සරසවියේ ප්‍රවාහන සේවය මඟින් ද දේශන වලට යන්නට හැකි ය.ඉතින් මේ උදෑසන ඇත්තේ නින්දේ ගිලෙන්නට ය....
විදත් විට්ටච්චි ලංකාවට පැමිණියේ වසර විස්සකට පසු ය. සිය තුරුණු වියේ දී ලංකාවේ රැකියාවක් කරන ගමන් ඉංග්‍රීසි විභාග ගණනාවක් යළි යළිත් කරමින් ඔස්ට්‍රේලියාවට යාම සඳහා සුදුසුකම් සපුරා ගත් හැටි සිහිපත් කරමින් විදත් සහ මිත්‍ර සිනහ වූහ. ඒ ලැබුණ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජන ගනිමින් හෙතෙම මේ වසර විස්ස ම ගත කළේ...
Pathok Malaka Premaya
"දැං ඒ මිනිහ පලි ගන්න විදිය හිතා ගන්න බැරි වෙයි..ලෙඩක්මයි දාගන්නෙ සාරා ඔයත්." මිතුරියක වූ දා පටන් පැළඳගත් මව්වත් කබාය ඇඟලා ගත් කේතකී පවසන්නේ තදිනි.ඇය ඉතා දුර බලමින් අනාගතය පුරෝකථනය කරන්නට හපනියකි. කොටින්ම එකම එක දේශනයක් මඟ හැර ගත් විට විභාගය අසමත් වීමේ සිට අනාගතයේ අපේ දරුවන් අප රැවටීම දක්වාම...
වැස්ස දිගට ම වැස්සේ ය. මතු මහලේ සඳැල්ලට විවර වන උස් වීදුරු ජනේලය ළඟට වී නිකිනි ඔබේසේකර අඩ හෝරාවක් තිස්සේ වැස්ස දෙස බලා උන්නා ය. එන්නේ කොහෙන් දැයි නො පෙනෙන, නවතින්නේ කොතනක දැයි නො පෙනෙන තැනක හිඳ වැස්ස දෙස බලා හිඳීම වූ කලී වෙනම ම භාවනාවකි. මතු මහලට වැස්ස...
සමීපතම නෑදෑ හිතවතුන් කිහිප දෙනෙකු ගේ සහභාගිත්වයෙන් යුතු ව ඉතා චාම් ලෙස අපේ විවාහය සිදු විය. මධු සමය සඳහා අපේ අලුත් ගෙදර, ලෝකයේ අන් ඕනෑ ම තැනකට වඩා සොඳුරු හා නිදහස් බව කීවේ සිතිජ ය. මම ඔහු ගේ යෝජනාවත් එක්ක කැමැත්තෙන් ම එකඟ වීමි. "මූ හොටෙල් එකකට සල්ලි ගෙවන්න ලෝබයිනෙ...
අම්මා දිවි නසා ගෙන තිබුණේ ඊට හේතුවක් හෝ සඳහන් කොට තබා නොවේ. ඇගේ අවමඟුල් අවස්ථාව ට සහභාගී වූ මා තුළ මහත් නිස්සාර හැඟීමක් ජනිත විය. කාටවත් නො කියා සඟවා ගත් රහස් කොයි තරම් නම් ඇයත් එක්ක ම නිහඬ වන්නට ඇත්ද? ඒ නොකී කතා නිසා ම ඈ විඳි අපමණ තැවුල්,...
එරංගා නිවාඩු දිනයේ අවදි වූයේ උදෑසන ගෙවී යද්දී ය.නොනවතින හිස කරකැවිල්ල තිබුණද ඇය ඇඳෙන් බැස්සේ යහනේ අනිත් කෙළවර ආදිත්‍ය නොදුටු නිසා ය.අසීරුවෙන් නාන කාමරයට ගිය ඈ නොනවත්වා වමනය කළා ය.අනතුරුව මුළුතැන්ගෙයට ගොස් යමක් පිස ගන්නට බැලුවා ය. නැත! කිසිවක් කරන්නට හිතක් නැත.තෙමසක් පිරෙන තුරුම ආදිත්‍ය කුස හොත් දරුවා ගැන කිසිම ආදරයකින්...
නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක සිංහල ගුරුවරියක ලෙස මම පත්වීමක් ලදිමි. ඔසරියකින් සැරසී උදයට පාසල් යන්නට සූදානම් වන මා දෙස කිරි අම්මා බලා ඉන්නේ ඉහ වහා ගිය සතුටකිනි.  "මයෙ මැණිකෙ ඉස්කෝලෙ හාමිනේ කෙනෙක් වෙනව දකින්නත් මයෙ ඇස් පින් කරල තිබුණා එහෙනං" ඇතැම් උදයක ඇය එහෙම කියා , චීත්ත පොටින් ඇසක තෙත...
තුරුලි උත්සව ශාලාව කොණකට වී එදෙස බලා හුන්නේ දෑස තෙත් වීම වළකා ගන්නට තැත් දරමිනි. නංගි පෝරුවේ සිටි මොහොත පවුලට උදාවූ සුන්දරම මොහොත බව ඈ සිතුවා ය.දෙඅත පටලා පෙර පාසල් ද එතැනින් පාසල් ද ගිය දවස් ඈ සිහි කළා ය.අම්මා ප්‍රවේසමෙන් නිරීක්ෂණය කරන්නැයි කී පැල්ලම අක්කාගේ ගවුමේ තැවරී තිබියදී...
ශෙනාලි ගේ යහපත් මානසිකත්වය වෙනුවෙන්, ඇය ගේ පියා ජයශාන්ත මහතා නො වන බව නො පවසා සිටින්නට පිය පුතුවරු තීරණය කළහ. සිතිජ ද සිය පියා සේ ම තවත් කෙනෙකු ගේ හදවත කෙරේ සංවේදී ව හැසිරිය හැකි කෙනෙකු වීම ගැන මට සතුටක් විය. නමුත් ශෙනාලි ගේ මාන්නාධික බව මට්ටු කළ යුතු...