තුරුලි දෑස් හැරියා ය.අවට පරිසරයේ කිසිම ගැටලුවක් නැති බව දැනෙන තුරුම දෑස් තද කර පියා හිඳින්නට වෙර ගත් ඈ දෑස් හැර හාත්පස බැලුවා ය.බිත්තියේ ඇති ඔරලෝසුව හවස හතරට ආසන්න බව පවසයි.තව හෝරාවකින් රෝගීන් බලන්නට දෙන වෙලාව පැමිණෙනු ඇත.සියල්ල විසඳා ගන්නට හෝරාවක් ප්‍රමාණවත් බව ඈ සිතුවා ය.
"මිස්..මිස්.."
ඇය එහා ඇඳේ සිටින...
අලුත් නවාතැනෙහි කිසිදු ගැටළුවක් වූයේ නැත. වෙනත් බොහෝ නාගරික නිවාස සේ නොව එහි තරමක් විශාල ගෙවත්තක් ද තිබුණේ ය. එය තණකොළ වවා මැනවින් නඩත්තු කරන නාගරික ගෙඋයනක් නොව ලොකු කොස් පොල් ගස් කිහිපයක් ම උස් ව වැඩුණු, සෙවනැති මිදුලකි. පාසි බැඳී කළු වී ගිය පරණ සිමෙන්ති බංකුවක් කොනක තිබිණි....
සඳලි රැකියාවට යන්නට පිටත් වූයේ තනිව හිනැහෙමිනි.ඇය තදින් නිදා සිටින සඳලි අවදි කරන්නට කිහිප වරක්ම කල්පනා කළා ය.නැගණිය රාත්‍රිය ගෙවී පාන්දර උදා වන තුරුම පරිගණකයේ ඇස අලවාගෙන පැවැරුමක සිරව සිට දැන් තද නින්දක ය.සඳලි පාඩම් කාමරයට වී පාඩම් අහවර කරනතුරු ම තුරුලි ද සිටියේ අවදියෙනි.නින්ද අහලකවත් නොවූ රැයක් ගෙවා...
අඳුර කුර ගගා ආවේ ය. තැන තැන යන්තමින් නියොන් එළි දැල්වෙමින් තිබිණි. තව ටික වෙලාවකින් ලෝකය කළුවර පොරෝනාව වසා ගුලි වනු ඇත. නමුත් නගරය නො නිදන බව සිතිජ කීවේ ය.
"මට යාළුවෙක්ට කතා කරන්න බැරි කමක් නෑ මෙව්නා. ඒත් කොල්ලෙක්ගෙ ගෙදරක ගෑනු ළමයෙක් නවත්තන්න ඕන නෑ කියල මගෙ හිත දැන්...
රෑ අහස තාරකා එළි දසදහසක දීප්තියකින් බබළමින් තිබිණ.මිදුලේ ඇති සිමෙන්ති බංකුවකට වී නොපෙනෙන ඈත අහසට නෙත් යොමා හුන් තුරුලි සිටියේ ගීයකට සවන් යොමාගෙන ය.සඳලි පැමිණ ඈ අසල අසුන් ගත්තේ හඬ නොනගා ය.අක්කාත් සමඟ කුඩා කාලයේ තරු රටා සෙවූ අතීතය සඳලිට සිහි විණි.කෑගසා දඟලන කුඩා දැරියක කර තබා ගත් තාත්තා...
දැන් ඉතින් මහ මඟ සිඟමන් යැද්දත් මා රෝස්මරී ගේ රූපලාවන්‍යාගාරයේ සේවය ට නො යන බව මම දනිමි. මට ඒ රැකියාව කළ නො හැකි ය කියා කීවොත්, සිතිජ වුව ඒ ගැන වැඩි දුර කාරණා නො විමසනු ඇත. දැන් මට රූපලාවන්‍යාගාරයක ටික කලක් හෝ සේවය කොට අත්දැකීම් තිබෙන නිසා වෙනත් එවැනි...
ඉනික්බිති ඇරඹියේ සුවදායක කාලයකි.තුරුලිට සෑම මොහොතකම කරන්නට දෙයක් තිබිණ.ඈ අම්මා සමඟම උදෑසන අවදි වූවා ය.මහමෙර හිසින් දරා ජීවත් වූ කාලය නොතිබූ සැහැල්ලුවක් ඇති නිසා මුළුතැන්ගෙයි කටයුතු වලට පවා අම්මාගේ ලොක්කී ඉත සිතින් දායක වූවා ය.මොකක් හෝ සාරියක් පටලගෙන කොණ්ඩය ගුලියකට බැඳගෙන බසයටවත් දෙන්නට කාසි ඇතිදැයි විපරම් කළ දවස් නපුරු...
මම මහ පාරේ හති ලමින් ද, නැවතෙමින් ද, යළි දිව යමින් ද සිටියෙමි. වරින් වර පිටුපස හැරී බැලුවාට මා කවරෙකු හෝ දුටුවේ නැත. එහි එත්දී දුටු එකදු මැයි, මාර, රොබරෝසි මලකුදු පෙනෙන්නට තිබුණේ නැත.
මගේ හිත විදාරණය වෙන්නට ආසන්න ගිනි කන්දක ස්වභාවය දැරුවේ ය. හදවත පත්ලේ ඉපදෙන හැඟුමන් කෝටි ගණනින්...
"අපි එයාට ළං වෙලා අවුරුදු පහහයක් ඇති.ළඟදි මුණ ගැහිච්ච අපිට එයාව හදා ගන්න පුලුවං කියල හිතන ආන්ටිට ඇයි බැරි වුණේ ආදිත්‍ය අවුරුදු විසි පහක් තිස්සේ හදා ගන්න.."
අක්කාගේ තර්කයට ඔල්වරසන් නගන්නට තරම් සතුටක් සඳලිට හට ගත්තා ය.නැන්දම්මාගෙන් ලැබෙන අතොරක් නැති හිරිහැර සහ දුක් පීඩා ගැන ෆේස්බුක් කාන්තා සමූහයන්ට ලියා එවන...
නගරයේ වීදි හෙවන කළ මැයි, මාර, රෝබරෝසියා හා එම කුලයට අයත් වෙනත් තුරු හිස් මලින් වියන් බඳාන්නට වූයේ ය. නාගරික වීදි වල මල් පලස් එලා තිබිණි. යළිත් ගමට ගොස් පැමිණීමෙන් පසු මගේ සිත ද නගරය මෙන් වසන්ත සැනකෙළියක සිරි ගති. ආදරය මෝරා වැඩුණා කියා මට සිතුණේ ය. මා වෙනුවෙන්...