Novels

ඉසිනි තිගැස්සී ඇහැරුනේ කිසිවෙකු ගේට්ටුවට ගසමින් තමාගේ නම පවසන හඬිනි. ඕ වහා යහනේ කෙලින් වන්නට උත්සාහ කලාය. එහෙත් ඇය වටා වූ යමක් ඕ ඉන් නැවත්වූවාය. ඉසිනි පියවි සිහියට එලැඹෙන්නට තවත් වෙලා ගත්තාය. " දෙය්යනේ සෝමා නැන්දා ..." ඇයට එලෙස කියැවුණි. නුරාන් ඇගේ  නොසන්සුන් චලනයෙන් නින්දෙන් මිදුණත්, ඕ වැලඳෙන යළි නින්දකටම සූදානම්...
සීනිගමයි කන්දෙ විහාරෙයි අතන මෙතන කොතන ගියත් අන්තිමේ කියවුනේ එකම වගේ දේවල්. “දරුවා පරිස්සමෙන් ඉන්නවා. ඉක්මනට බලලා යන්න ඒවි. එහෙම නැත්තම් පණිවිඩයක් දේවි” කියලා සමහරු කියද්දි තව සමහරු කිව්වේ “හාර මාසයක් යන්න කලින් දරුවා ගෙදර ඒවි” කියලා. “හාර මාසයක් යන්න කලින් එනවා කියන්නෙ ගියේ මොකද කියලා දැනගන්න විදියක් නැද්ද?” කියල...
ජයමිණි රැගත් රථය Clothez ඉදිරිපිට නවත්වන විට වෙලාව උදෑසන එකොළහ පමණ විය. ජයමිණි ඉතා සන්සුන් ලෙස රථයෙන් බැස විත් Clothez වෙත ඇතුළු වූයේ දෑස් සිසාරා අවට බලමිනි. තාදී පෙනෙන්නට සිටියේ නැති අතර සුපුරුදු පරිදි ගයාත්‍රී කරමින් හුන් වැඩය නවත්වා ඉදිරියට පැමිණියාය. " Good morning මිසිස් ගජනායක " " Good morning. තාදී...
දක්ෂිණ විතානගේ අන්තරා ජීවත් වන නිවස ඉදිරියට පැමිණෙන විට මැදියම් රැයට ආසන්න වෙමින් තිබිණ. ඔහු සිටියේ බීමතිනි. අන්තරා යහන මත වැතිරී, ඇය ඉදිරිපිට තිරයෙහි වන සීසීටීවී දර්ශන දෙස ඔහේ නෙතු යොමාන සිටියේ නින්දක් අසලකටවත් නො පැමිණි බැවිනි. මෝටර් රථය නතර වනු දුටු ඕ වහා යහන මත හිඳගත්තා ය. දක්ෂිණ රියෙහි...
නුරාන්  මුළුතැන්ගෙයට  යන විටත් ඉසිනි මුලුතැන් ගේ තුළ එහෙ මෙහි ඇවිදිමින් ආහාර සකස් කරන්නට සූදානම් වෙමින් උන්නාය. නුරාන් යමක් සිහිවී මෙන් යලි නිවසින් පිටතට ගොස් ආවේය. ඔහු එක් අතෙක රැගෙන ආ මල්ල දෙස බැලූ ඉසිනි ඒ ගැන විමසුවේ දෑසිනි.  ශීතකරණය විවෘත කෙරූ නුරාන්  බියර් කෑන් කිහිපය ඇති බව තහවුරු...
“තමුසෙට හැබෑවටම ඔල්මාදෙද?” කියලා ජයබාහු මහත්තයා නන්දාගෙන් ඇහුවෙ නන්දා අංජනමක් බලලා ඇවිල්ලා ඒ මනුස්සයා දේවාරූඪෙන් කිව්ව ළඟම කෙනා සමුද්ර වෙන්න පුලුවන් නේද කියල ඇහුවම. “ඔව් ඔව් මට තමය් දැන් ඔල්මාදේ, ඔයාලා ඔක්කොම හිතාගෙන ඉන්නෙ ඉතින් ඔයාලා හැමෝම හැමදේම දන්නවා කියලනෙ. මෙච්චර කල් අපිට කිසිම ප්‍රශ්නයක් තිබ්බද? නෑනෙ. ඔය ඔක්කොම වින්නැහි...
" උඹ ඕක තාදීගෙන් අහන්න ඉක්මන් උනා වැඩි නැද්ද ? "  ආයුශ් උදෑසනම හෝටලයට පැමිණියේ ධීර ගේ කීමට අනුවය. ධීරට ඕනෑ වූයේ හිත නිදහස් කර ගැනීමටය. " වෙලාවේ හැටියට මට ඒක කියන්න උනාා බං. තාත්තා අම්මගේ ජීවිතේ එයාට ඕන හැටියට පාලනය කරනවා මදිවට දැන් මගේ ජීවිතේටත් ඒකම කරන්නයි හදන්නේ "  ධීර කතා...
"සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසු වේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ... හදවත දලු සෙලැවේ..." අත්‍යන්ත වූ දැවීමක් යුගාත්ම කාශ්මීර අමුණුගම ට දැනෙමින් තිබිණ. ජංගම දුරකතනයෙහි, ඒ ගීය තෝරා ගැයෙන්නට හැරියේ ඔහු ම ය. වික්ටර් රත්නායකයන්ගේ ගැඹුරු භාවමය හඬ අතරෙන් මිහිරක් ද අනියත දුකක් ද දැන් ඔහු පාරයි. අන්තරා හෙමිහිට පිය...
ගෙදර යන්න ලෑස්තිවෙලා නන්දා සප්තමීව හෙව්වට මොකෝ සප්තමීගේ හෙවණැල්ලක්වත් මූණට වැටිච්ච නැති කොට තමයි නන්දා මාලවීගෙන් වසන්තගෙන් එහෙම ගිහිල්ලා සප්තමී එයාලා ඉන්න තැනක ඉන්නවද කියන එකවත් බලන්න ආවෙ.  “නෑනෙ මිසිස් ජයබාහු අපි අර කෑම කකා ඉද්දි සප්තමී කෝල් එකක් ඇවිල්ලා ඒක අරගන්න එලියට ගියාට පස්සෙ මම ඇත්තටම එයාව දැක්කෙ නෑ”...
වත්සලා පැවසූ කිසිවක් නොවැටහුනු බව නුරාන් පවසද්දී ඉසිනි යළි සෝමා ඇමතුවාය. " අනේ ඒකිට පිස්සුද කොහෙද තාරා.. කොහොම හරි නැන්දා ගෙදර ඉන්නවා කිව්වා..." නුරාන් ඇගේ  ජංගම දුරකතනය පසෙකට කරමින් කීවේ ඕ වෙත වඩා විමසිලිමත් බැල්මක් හෙලමිනි. " එතකොට රෑට නොකා නිදාගන්නද මේ ලෑස්තිය ?..." දිනය පුරාම දැනුන  නොසන්සුන් බව ක්‍රමයෙන් දියවී යන බව...