රශ්මි ඈත මුහුදු තීරය දෙස දෑස් යොමාගෙන හුන්නේ හිනැහෙමිනි.කුඩා දැරියක මෙන් නටා දඟලන තරමට සතුටකින් ඈ පිරී යමින් තිබිණ.බොහෝ කාලයක් තිස්සේ හිතේ පැවති සිහිනයකට අත්තටු හිමි වෙමින් තිබිණ.ඇය සිටියේ කියා ගත නොහැකි තරමට සතුටකිනි.
"ආදි, මං දැනන් හිටියා ඔයා මට සැලෝන් එක දාලා දෙනවමයි කියලා.."
ඇය කියන්නේ උතුරන ප්‍රීතියකිනි.ආදිත්‍ය දෑස් සිහින්...
මම යහනේ උඩු කුරු ව වැතිර ගෙන උන්නෙමි. මකුළු දැලක පැටළුණ මදුරුවෙක් අඬු ගසමින් ඉන් ගැලවී ගන්නා උත්සාහයක් දැරුවේ ය. මකුළුවා ලහි ලහියේ සිය උගුල වෙත එමින් සිටියේ ය. ලොකු එකා පොඩි එකා මත යැපීම සොබා දහම මේ සමාජයට දී ඇති බලපත්‍ර සහිත අවසරයක් ද?මම දෑස් යුග පියා ගතිමි....
"ඔයාට හිතෙන්නේ නැද්ද ඔයාලගෙ නංගි ඔයාවත් නරක් කරනවා කියලා.."
දියත උද්‍යානයට හිරු බැස යමින් පැවති හැන්දෑවක ආදිත්‍ය ඇසූයේ බීම වීදුරුවේ පිපෙන සීත බිඳිති මත ඉරි අඳින තුරුලිගෙනි.ඇයට මේ මොහොතේ උවමනා කර තිබුණේ උණුසුම් පානයකි.එහෙත් ආදිත්‍ය ඇගෙන් නොවිමසාම ගෙන ආවේ සීත බීමකි.
"එයා ඉතිං වෙනස්නෙ."
ඇය කෙටි පිළිතුරකින් සෑහීමට පත් වන්නට සිතුව මුත්...
ගමෙන් නගරයට එන බොහෝ කෙල්ලන් මග වරදා ගන්නා බව මා අසා තිබිණි. පිරිමින් ගේ නේකාකාර මවා පෙන්වීම් ආදරය යයි තේරුම් ගෙන ඔවුන් සිය ජීවිත දරුනු අවාසනාවකට ඇද දමා ගන්නා බව මා අසා තිබුණි. මේ ටික දවසට සුරනි ද පිරිමින් ගේ මායාවන් ගැන මා දැනුවත් කොට තිබුණා ය. ඒ හින්දා...
ආකාශය අන්තාපරිමාණ දුරකට විහිදී ඇති අන්දම දෙස නෙත් අලවාගෙන තුරුලි බොහෝ වෙලාවක් ගෙමිදුලට වී සිටියා ය.අහසට තෙරක් නොමැත.එහි පියඹා යා හැකි දුර අසීමිත ය.නමුත් කූඩු කිරිල්ලකට හැකි වෙන්නේ ආකාශය දෙස දෑස් හෙළමින් බලා සිටින්නට බව ඇයට නොහැඟුණා නොවේ.
"හෙටත් නිවාඩුද ලොකූ?"
අම්මා මිදුලට ආවේ තුරුලිගේ සිතුවිලි දැහැන බිම දමමිනි.අහුලාගන්නට තරමට වටිනා...
මාසයක් ඒ තරම් ඉක්මනට ගෙවී යන බවක් මා දැන ගත්තේ නගරය තුළ දී ගෙවී ගිය ප්‍රථම මාසය අවසන දී ය. දරා ගන්නට බැරි, කකුල් කැඩෙන තුරු හිටගෙන, දෑත් දිය වෙන තුරු පිඟන් සෝදා මාසයක් ගෙවුන තැන වැටුප ය කියා ලැබුණ මුදලයි. එය මගේ කම්මුලකට එල්ල කළ දරුණු පහරක් වූයේ...
ඊළඟ දින කිහිපයක්ම තුරුලි ගෙවූයේ මඟ බලන්නට ය.ආදිත්‍ය ඇගේ ඇමතුම් ද කෙටි පණිවිඩ ද නිර්දය ලෙස මඟ හරින්නට ගත්තේ ය.ඇය ඉකිලමින් ඒවා දරා ගත්තා ය.
"දෙයියන්ගෙ නාමෙට මේ ගමනවත් බ්‍රේකප් වෙනවා අක්කේ.අඬ අඬ ඔය මිනිහා පස්සේ නොයා. "
තුරුලිට නැගණිය පැවසුවේ තදිනි.ඒත් ඇයට ඒවා අසන්නට ඕනෑ නොවී ය.
තුරුලිට ආදිත්‍ය මුණ ගැසෙන්නේ...
හෝටලයේ හිමි කරු වන මිටි මිනිසා, එහි සේවකයෙකු වැඩක් නොකර මොහොතක් හෝ සිටිනු දකින්නට රිසි වූයේ නැත. කා හටත් ඔහු ගෙව්වේ සොච්චම් වැටුපක් බව රංජනී නැන්දා කීවා ය. නමුත් ගෙවන වැටුප මෙන් දහ ගුණයකට වැඩි සේවයක් ලබා ගන්නට ඔහු වෙර දැරුවේ ය.
සේවකයෙකු සිය ආයතනය වෙනුවෙන් වැටුප මෙන් කිහිප ගුණයක...
ඒ රාත්‍රියේ තුරුලිට නින්ද දිගු විණි.දතක අමාරුවක් යැයි කාර්යාලයට ද පවසා නිවාඩුවක් දමන්නට ඇය තීරණය කළේ ඇඳේ එහෙමෙහෙ පෙරළෙමින් සිටිය දීම ය.
"අක්කා..අපි සිංහරාජෙ යනවා මේ වීකෙන්ඩ්.කෑම්පින් කරන්න තමයි හිතන් ඉන්නෙත්.ටිකක් හිත හරියන්න හිතාගෙන යං ද?
මැදියම් රැය ගෙවෙද්දී කාමරයට ආ සඳලි ඇසුවා ය.තුරුලි එකෙලමෙකෙල වන්නට ගත්තා ය.
"රනුක එන්නේ නැද්ද ඉතිං.."
අක්කා...
කනාමැදිරියෙක් එළියක් අරගෙන කළුවර අඳුරේ ගමනක් යමින් හිටියේ ය. ඒ කනාමැදිරියා ගෙන් වුව පාර අසන්නට මම නො පැකිළෙමි. පුංචි හෝ එළියක් ඌ ට තිබෙන්නේ ය. ඒ උගේ ම වන එළියකි. මටත් ඕනෑ එහෙම එළියක් බව මගේ ඇතුළාන්තය හෙමිහිට මුමුණා කියනවා මට ඇසුණේ ය.
තාරකා කෝටි ගණනක් දැල් වී තියෙන්නට පුළුවන....