Novels

නෙවින් ඉන්පස්සේ උන්නේ තටු ලැබිච්ච කුරුල්ලෙක් වගේ පුදුම ආතල් එකකින් ය. ශාර්වරී තමන්ට පෙම්වතෙක් ඉන්නව බවට බොරුවක් කිව්වේ බාගදා තමන්ගෙන් මොකක් හෝ ආතල් එකක් ගන්නට හෝ එහෙමත් නැත්තම් තමාව චෙක්කරන්න හිතාගෙන වෙන්න පුලුවන් ය. “බොරුකාරී” කියා හිතෙන් කියද්දී උනත් නෙවින් උන්නේ දෙතොල් අස්සේ වඩා සුන්දර, ආදරබර, මත්බර හිනාවක් ඇඳගනිමිනි.  නෙවින් බියර්...
'.............. සරත් නැති වුනාම මම ආයේම ඔයාවත් අරගෙන මීගමුවේ ගියා. මම ගියා නෙවෙයි, අයියලා මාව එක්කන් ගියා. ..දැනුන අසරණ කමටයි, තරහටයි නිසාම මම කිසිම දෙයක් ප්‍රශ්නකලේ නෑ... සුදු පුතා විරුද්ධ වෙද්දී මීගමු යන්න මම යන්නම ඕනි කිව්වෙත් ... අනේ මන්දා..." ස්වර්ණා වැඩි වේලාවක විවේකයක් ගත්තාය. තමා වරදක් කල බව ඇගේ...
ආර්ය කාමරයේ වීදුරු පියන්පත හැරගෙන ජනේලයෙන් මල්වත්තගේ ගෙදර දෙස බලා සිටියේ ය. රාත්‍රී සීතල ගලා හැලේ. ඒ සීතල මැද පිනි ඉහිරුණ පුංචි බිම්මලක් සේ මල්වත්තගේ ගෙදර නිස්කාංසුවේ හිඳී. ඔහු හෙමිහිට ඇවිද විත් යහනේ වැතිර ගත්තේ ය. ආයු ඉක්මන් හුස්ම ගනිමින් ද ගැඹුරු නින්දකට අවතීර්ණ වෙමින් ද හිඳී. වැලමිටට බර...
මන්දාරම් අම්මාගේ රාත්‍රී ආහාරයද රැගෙන කාමරය තුලට පිවිසියේය.  මේ අවුරුදු විසි නවයටම නොදැණුන නුහුරක්, වරදකාරී හැඟීමක් ඔහුට දැනෙන්නේය. එහෙත් කිසිවක් ආපස්සට ගෙන සැකසිය හැකි නොවේය. මන්දාරම් අම්මා වෙත ආහාර පිඟාන ලං කර අසලින් වු අසුනක හිඳ ගත්තේය. " සුදු පුතා කාලද ?.." අම්මාගේ හඬ වෙනදා ස්වරයෙන්ම ඇසෙද්දී මන්දාරම් මොහොතකට නතර වූයේය....
ලිෆ්ට් එකේ නැගී පල්ලෙහා තට්ටුවට එන අතරවාරයේ නෙවින් සහ ශාර්වරී අතර කතාබහක් ඇතිඋනේ නැති තරම් ය. ශාර්වරී උන්නේ නෙවින් විසින් කියූ කතාව ඔස්සේ හිත අස්සෙන් බොහෝ දේ හිතන ගමන් ය.  “අද විතරයි එහෙම වුණේ. ආයෙ කවදාවත් මං දාලා යන්නෙ නෑ” කියා කියන්නට තරම් නෙවින්ට හේතුවක් තිබේද කියා සිතුවිලි ගංගාවක ඇලී...
සාන්වී ලවන්‍යා මල්වත්තගේ, සිය ජීවිත ගංගාවෙහි ඇති වෙමින් තිබූ සුළි කුණාටුව හරහා හෙමිහිට පිහිනා යන්නට වූවා ය. විටෙක ඒ ගෑනු හදකට දරාගත නො හැකි ප්‍රචණ්ඩ තරංග පෙළකි. තවත් පිහිනිය නොහැකියි කියා දැනුණ මොහොත වල ඇය ඒ සඳහා උත්සාහ කිරීම අතැර නිසල වූවා ය. නමුත් හැම විට ම, ගිලෙනවාට වැඩිය...
නිම්නාවී සවස පිටත් වුනේ මන්දාරම්ගේ ඇස් වලින් ඇති තරම් හී පහර වින්දාට පසුවය. මුවින් නොකීවාට, මන්දාරම් ඇයට සෑහෙන දේ දැනෙන්නට හැරියේය. පැය කිහිපයක් තුළ මන්දාරම් ඇයට තම හදවත විවර කර දමා තිබුණේ අවැසි ලෙසින් එන්නට යන්නටය. නිම්නාවී උන්නේද ජීවිතයේ කවදාවත් නොවූ තරමින් හුස්මක් අල්ලමිනි. එහෙත් ඒ හුස්මේ තිරත්වය ගැන ඕ...
“කරදර වෙන්න එපා, මට පුලුවන් මේ බර දරාගන්න. අනික ඉතින් මාව වඩාගන්න කෙනෙක් ඉන්නවනෙ. ඔයා කරදර වෙන්න එපා” කියා ශාර්වරී හිනාවෙවී කියද්දී නම් ඉතින් ඒ වචන නෙවින් ට දැනුනේ පිහි තුඩක් ඇවිත් හිතේ ඇමිණිච්ච ගානටය. “මොන ෆ්ලෝ එකටද ඔයා යන්නෙ, අපාට්මන්ට් නම්බර් එක මොකද්ද?” “අටසිය විස්ස” “ඒ අපාට්මන්ට් එකේ කවුද ඉන්නෙ කියල...
දුරේශ් මල්වත්තගේ බරාඳයෙහි හාන්සි පුටුවේ වැතිර හැන්දෑව දෙස බලා සිටියේ ය. දැන් පරිසරයෙහි වන්නේ කුර ගාන අඳුරට පරාජය වීමට කැමැත්තෙන් සිටිනා එළියකි. ඒ එළිය දීප්තිමත් නැත. මළානික ද නැත. නමුත් ආලෝකයට වුණත් වෙහෙසක් දැනෙන වෙලාවක් උදා වේ. ගිමන් නිවීමක අවශ්‍යතාවයක් එළඹේ. රාත්‍රියට ඉඩ දී මඳක් පසුබාන්නේ එබැවිනි. ජීවිතයටත් එහෙව්...
නිම්නාවී බලා උන්නේ මන්දාරම්ගේ පුපුරා හැලුණු සිනහව දෙසය. හතර වටෙන්ම ඇවිලී ඇති ගිණි නොපෙනෙන්නා සේ සිනහවෙන තරුණයා ඇගේ හදවත තුල කරණම් ගසන්නට තරමේ ඉඩ සකසා ගත්තේය. අනෙක් අතට හදවතෙහි මේ ඉඩ, කොහොමටත් ඔහු වෙනුවෙන්ම තිබුනේය. වෙනසකට වූයේ මේ ඉඩෙහි සරන්නට ඔහු එනවාද නැතිද යන්න නිම්නාවී නොදැන සිටීමය. එහෙත් දැන්...