දවස් ගලා ගියේ ය.කාලය එකතැනක නතරව අප එනතුරු රැඳෙන්නේ නැත. කාලය තමන්ගේ තාලයට ගෙවී යයි.පසන් ගැන හිතමින් බොහෝ දේ අතපසු කරගන්නට වූ මා හිටිහැටියේ මා ගැන සිතන්නට ගැනීම ගැන මට පුදුමයක් නොදැනුණාම නොවේ.
"හිත හදා ගත්තම ඔයාටම ලේසි නේද?"
චමත්කා මගෙන් විමසූයේ අපේ අධ්‍යන වර්ෂයක් අවසන් වී නිවාඩු ලැබෙන්නට පළමු රාත්‍රියේ...
නිකිනි ගේ මුහුණ ට එබී ගෙන සිටියේ පුර සඳක් සේ බබලන උවනකි.
"මිස්..."
ඇය ඉතා ම පවිත්‍ර ලෙස සිනහ වූවා ය. නමුත් මේ යුවතිය කවුදැයි නිකිනි ට නිනව් වූයේ නැත.
"මිස්...නිකිනි මිස් නේද..."
"ඔව්..."
"මං ගුවනි...එදා මිස්ට කෝල් කළේ...කැම්පස් එකේ..."
ගුවනි! නිකිනි ක්ෂණික කම්පනයකට ලක් වූවා ය. සිය සැමියා ගේ පෙම්වතිය ඇවිත් මේ විදිහට කතා...
"මිනිස්සුන්ට එහෙම හප්පන්නෙ පුප්පන්නේ ඇයි සාරා.."
කේතකී නිවසට ගොඩ වූයේ එසේ අසමිනි.මම හප්පමින් පුප්පමින් තව වෙලාවක් ගෙවා දැමූයෙමි.
"මේ මග් එකක් බින්දෙ ඇයි?"
ඇය කුණු බඳුන ද අවුස්සන හැඩකි.තව මොනවා හෝ පොළොවේ ගසන්නට තරම් තරහකින් මා පිරී යන්නට ගත්තේ ය.මගේ රාක්ෂ මුහුණ දුටු චමත්කා වහවහා මාතෘකාව වෙනස් කරන්නට අනුන්ගේ ඕපාදූපයක් කියන්නට පටන්...
කුළී රියෙහි අසුන කොනක ගුලි වී ජංගම දුරකතනය කනේ ඔබා ගෙන නිකිනි සිටියේ ඇස් දෙකත් පියවෙන්නට හැර ගෙන ය. සාමාන්‍යයෙන් හදවතත් එක්ක වැඩි සම්බන්ධයක් ඇති දෙයක් ගැන කතා කරත්දී හෝ සිතත්දී හෝ ඇස් දෙක පියවීම ඈත් නො දැන ඇය ට වෙන දෙයකි. නමුත් මේ සිටින්නේ කුළී රියක ගමන් කරමින්...
මා දවසම ගෙවා දැම්මේ කෝපය සහිතව ය.ඕනෑවටත් වඩා ධීර හා මිතුරු වන්නට ගොස් ලැජ්ජා වන්නට සිදු වූ බව හැඟෙන විට මට මහත් ලැජ්ජාවක් ද හට ගත්තේ ය.මම ඔහුගෙන් ආ එකම පණිවිඩයක්වත් නොබලන්නට ප්‍රවේසම් වීමි.මාලක අයියා නරක කොල්ලෙකු නොවේ.ඔහු සැබෑවටම අපේ වැඩිමහල් සහෝදරයාට සමාන ය.නමුත් ඔහුගේ මිතුරෙකු සමඟ ඕනෑවට වඩා...
තවමත් වැස්ස වසියි!
වැසි හඬත් සුළඟේ හඬත් එක් ව ඇති කරන හෝ හඬ නිකිනි ගේ හදවතේ දුක් ගීයක් ගයයි.
නමුත් ඇය වැස්සට පෙම්වත් වූවා ය. එදා විදත් විසි වසරකට පස්සේ ඔබේසේකර මැදුරට ආවේත් වැස්සක් අතරිනි. පෙර දින ඔහු හා ඈ අතර ඇති වූ පණිවුඩ හුවමාරුවත් වැස්ස පාදක කොට ගත්තකි. ඒ හින්දාමද...
ධීර ඕනෑවට වඩා සමීප වන්නට උත්සාහ කරන්නේ නම් ඔහුට සමීප වන්නට ඉඩ දෙන්නට මම සිතුවෙමි.එහෙත් ඒ ආදරය පිණිස නොවේ.පසන් නික්ම ගියේ ආදරය සදහටම මිය යන්නට ඉඩ හැර ය.ඔහු වෙනුවෙන් ළාබාල පාසල් යුවතියක කාලයේ හටගත් ප්‍රේමය විසල් තුරක් වී මල් ඉති ලමින් තිබිණ.සරනි කුණාටුවක් වී පතිත වූයේ ඒ මල් හලමින්...
උදෑසනින් දිය නා ගැනීම නිකිනි පුරුද්දක් වශයෙන් කරන්නට ගත්තේ මංජුල ට වෙනත් පෙම් පලහිලව්වක් ඇතැයි දැන ගත්තා ට පස්සේ ය. ඔහු ගේ අනිත් අන්තයේ හිඳින ස්ත්‍රිය කවර තරාතිරමක කවරෙකු වුව ද ඇයත් එක්ක තරඟයකට වැටී දිනන්නට නිකිනි ට උවමනා වූයේ නැත. දැනටමත් ඇය මුළුමනින් පැරදී ඇති බව නිකිනි දැන...
ඒ රාත්‍රිය මට නින්ද අහිමි රාත්‍රියකි.යාන්තමට ඇහැ පියවෙන ඕනෑම මොහොතක පසන් ඇස් අද්දරට වී හිනැහෙන්නට පටන් ගත්තේ ය.දැඩි හිස කැක්කුමක් සෑදෙන විට ඔහුට ඇමතුමක් ගෙන ගී ගයන්නට යැයි ඉල්ලූ හිරිමල් යුවතිය මට සිහි විණ.ඔහු ගයයි.හැමදාමත් ගැයෙන්නේ එකම ගීයකි.මම ජංගම දුරකථනයට ඒ ගීතය ගයන්නට හැර දෑස පියා ගතිමි.
"නෙතින් ගලනා කඳුළු...
සමහරක් වෙලාවට අපි වැරදි බව දැන දැන ම ඒ වැරදි කිරීමේ විකෘති ආශාවකින් පෙළෙමු. එක වතාවකට පමණක් ය කියා ඒ දේ කරමින් හදවත තෘප්ත කර ගැනීමේ ළමා මානසිකත්වයකට පිවිසෙමු. මේ වෙලාවේ විදත් හැසිරුණේ ත් එසේ ය. සැබවින් ඔහු වැරදීමකින් නිකිනි ඇමතුවා නොවේ. ඒ ටික දවසක් තිස්සේ අමාරුවෙන් හිත යට...