"පුතා.. පොලිසියෙන් ඇවිල්ලා..නැගිටින්න.."
ආදිත්‍ය උඩ ගොස් බිම වැටුණේ අම්මාගේ සෙලවීමේ වේගයට ය.ඔහු ඇස් පිසදමමින් එළියට ආවේ තෝන්තුවාවෙනි.තුරුලි ගැන ආරංචියක් රැගෙන පොලිස් නිලධාරීන් පැමිණ ඇතැයි ඔහු සිතුවේ ය.ඇය සියදිවි නසා ගන්නට ඇත. දැන් එහි සැකයක් නැත.
"ආදිත්‍ය අපි එක්ක යං.."
ඒ විධානය එද්දී ආදිත්‍යගේ අම්මා පෙරට ආවා ය.
"තුරුලි නැති වෙලාද? බොඩි එක අඳුනා...
බෝඩිමේ ඉස්තෝප්පුවේ කොන් හතරට වන්නට තබා තිබූ පරණ ලී පුටුවක සිතිජ ගේ පියා අසුන් ගත්තේ ය. ඔහු හිඳ ගන්නා විට, කාලයකින් අලුතෙන් නො වියන ලද ඒ පුටුවේ දිරා පත් වූ පරණ වේවැල් කිරි කිරි ගානවා මට ඇසුණේ ය.
"මැඩම් මට කිව්ව සර්...ඒ ගැන ගෙදර කවුරුවත් දැන ගන්න ඕන නෑ කියල..."
"එහෙම...
රනුක දුරකථනයට සම්බන්ධ වෙනතුරු සඳලිට වූයේ නොඉවසිල්ලකි.ඔහුට දැන් සිදු වූ සිද්ධිය ඉක්මනින් පැවසීමේ උවමනාව ඇයට තදින්ම දැනෙන්නට විණි.
"අපි එන ගමන් සඳූ."
රනුක එසේ කියමින් ඇමතුමට ආවේ ය.සඳලි හුස්මක්වත් නොගෙන සිදුවීම හෙළි කරන්නට පටන් ගත්තා ය.
"ආදිත්‍ය දැන් ඇත්තටම ඉන්නෙ අවුල් වෙලා.මිනිහා හිතන්න ඇත්තෙම අක්කා හොස්පිටල් එකෙන් ඩිස්චාජ් වෙලා අපි එක්ක ආව...
මා සිතූ ලෙස ට දුරකතනයේ එහා ඉම වූයේ විදුහල්පති තුමා හෝ ඔහු ගේ බිරිඳ නොව සිතිජ ගේ බාල සොයුරිය ශෙනාලි ය.
"තමුසෙට මේ හොඳින් කියන්නෙ හරිද...අපේ අයියත් එක්ක තියන සම්බන්දෙ අදම නවත්තන්න ඕනෙ. මේ දැන්ම. තමුසෙ කවුද ඕයි අපේ අයිය වගේ කොල්ලෙක් එක්ක යාළු වෙන්න...ඔළුව කොහෙ හරි හැප්පිලාද එහෙම දෙයක්...
ආදිත්‍ය රැගත් මෝටර් රථය තුරුලිගේ මිදුලේ නැවතුණේ වේගයෙනි.රොෂේන් ට එහි හිඳින්නට ඉඩ හැර ආදිත්‍ය පිටතට ආවේ මවා ගත් අහංකාරකමක් සහ කෝපයක් සහිතව ය.සඳලි සහ රනුක සිටී නම් ගැටළුව විසඳීම කොහෙත්ම පහසු නැත.ඔහු නිවසට ගොඩ වැදුණේ අනවසරයෙනි.සඳලි ලැප්ටොප් තිරයෙන් දෑස මෑත් කර ඔහු දෙස නොවටිනා බැල්මක් හෙළුවා ය.
"අම්මා..මේ ආදිත්‍ය ඇවිත්.."
එපමණකි....
හිරු කිරණ දැඩි වී තිබිණි. නමුත් සිතිජ ගේ සෙවන යට මට දාහයක් නො දැනුණ තරමි. අප නුගේගොඩ සිට කොහුවල තෙක් ඇවිද ආවේ ද සූර්ය තාපයෙහි පීඩනයක් ගැන අල්ප මාත්‍රයකුදු නො දැනෙනා තරම් හෙමිහිට ය.
"මිනිස්සු හිතනව ඇති අපිට පිස්සු කියල"
මඳ දුරක් ඇවිද ගිය පසු ඔහු මන්දස්මිතයකින් තෙපළේ ය. මා ඇයි...
"මියුරුගෙ ගෙදරින්ද?"
තුරුලි ඇසූයේ ඇඳෙන් බසින්නටවත් උවමනාවක් නැතිව ය.ඔවුන් පැමිණෙන්නට ඇත්තේ සම්බන්ධතා අත් හිටුවා දමන්නට ය.එහි වරදක් තුරුලිට නොදැනිණ.මියුරු මේවායේ පැටලීම ගැන ඇයට පවා වූයේ දුකකි.
"මං එන්නද?" මියුරුගේ අක්කා අරුණි කාමරයේ දොර අසල සිට ඇසුවේ ද ඒ මොහොතේ ය.සඳලි ඇයට එන්නැයි පවසද්දී රනුක කාමරයෙන් පිට වූයේ අරුණි අත සිටි කුඩා...
කොළඹ එන්න ඕනේ කියත්දී ගමේ පාසලේ විදුහල්පති තුමා කී කතා මගේ මනසේ යළි යළිත් පිළිරැව් නැගෙමින් තිබිණි. මේ ගෙන්දගම් පොළොවට පය තැබූ අප වන් ලෝකය නො දන්නා මිනිසුන් හට අත් විඳින්නට සිදු වන්නා වූ ගැහැට ගැන ඔවුන් අවබෝධයක් ලබා තිබෙන්නට ඇත. අසා දැක පමණක් නොව, අතීතයේ යම් කිසි දවසක...
ඒ රාත්‍රිය නිවසේ කිසිවෙකුට ද නින්ද ළඟා වූ රාත්‍රියක වූයේ නැත.දවසේ කම්පනය තමන්ගේ දිව්‍ය ලෝකය දුටු මතින් පුපුරා ගිය හෙයින් තුරුලිට තදින් උණ ගැනිණ.සිදු වූ දෙය අදහා ගන්නට නොහැකිව හූල්ලන අම්මා පුටුවක වැතිර ඔහේ සිටියා ය.ආදිත්‍ය මොනයම් මොහොතක හෝ කඩා වදින්නට ඉඩ ඇති බව දන්නා රනුක ඔහුගේ මිතුරන් කිහිප...
රෝස්මරී හිතට වදයක් වූයෙන් ඇය ව හිතෙන් ඈතකට ම කර දමන්නට මට ඕනෑ වූයේ ය. මොන වරද කළත් ඒ සිතිජ ගේ අම්මා ය කියන සිතිවිල්ලෙන් මිදිය නො හැකි ය. ඇය කරන කියන දේවල් මත කොපමණ කෝප ගත්තත්, ඔහු ට ඇගේ මව් පදවිය අහිමි කළ නො හැකි බව ද මම...