ඈත දුර ආකාසේ -28

“පුතා.. පොලිසියෙන් ඇවිල්ලා..නැගිටින්න..”

ආදිත්‍ය උඩ ගොස් බිම වැටුණේ අම්මාගේ සෙලවීමේ වේගයට ය.ඔහු ඇස් පිසදමමින් එළියට ආවේ තෝන්තුවාවෙනි.තුරුලි ගැන ආරංචියක් රැගෙන පොලිස් නිලධාරීන් පැමිණ ඇතැයි ඔහු සිතුවේ ය.ඇය සියදිවි නසා ගන්නට ඇත. දැන් එහි සැකයක් නැත.

“ආදිත්‍ය අපි එක්ක යං..”

ඒ විධානය එද්දී ආදිත්‍යගේ අම්මා පෙරට ආවා ය.

“තුරුලි නැති වෙලාද? බොඩි එක අඳුනා ගන්නද යන්නේ?”

බරක් ඇති ඒ කතාවේ බර ඇයට වැටහුණේ ආදිත්‍ය අතට මාංචු වැටෙද්දී ය.ඇය කැළඹී ගිය ද ක්‍රියාත්මක වීමටවත් කාලයක් වූයේ නැත.හඬමින් ඔබමොබ දුවන්නට ගත් ඇය වෙතට රොෂේන් ආවේ හෝරාවක් ද ගෙවී ගිය පසු ය.

“තුරුලිට මොකද වෙලා තියෙන්නෙ? ඇයි පුතාව අරන් ගියේ?”

රොෂේන් හිඳගත්තේ හිස අත ගසාගෙන ය.

“කතා කරනවකො ළමයෝ.ඒකි මැරිලද?”

“මරල නෙවෙයි.ඇන්ටියි ආදියි ඉවර කරන ගේමට බැහැලා..”

තුරුලි කොහේහෝ ඉතා හොඳින් ජීවත් වන බවත් ඇය ආදිත්‍යට ඈ පැහැර ගැනීමට එරෙහිව නඩු පවරා ඇති බවත් රොෂේන් හෙළි කරද්දී ආදිත්‍යගේ අම්මා තිගැස්සුණා ය.

“නඩු ඇයි? දික්කසාද ද?”

රොෂේන් හිස අවකාශයට හිනැහුණේ ය.මේ අම්මාටත් පුතාටත් ඕනෑ එකක් කරන්නට හැර ඔවුන් අත් හැර දැමිය යුතු බවට ඔහු රශ්මිට පැවසුවේ එන අතර ය.

“දික්කසාද කරන්න බැඳලයැ.කිඩ්නැප් කරාට කරපු පැමිණිල්ල හින්දා තමයි ඔය එක්කන් ගිහින් තියෙන්නෙ..”

විවාහය හොර එකක් බව ඔප්පු කරන්නට අසීරු වෙතැයි මේ ගැහැනිය තව දුරටත් සිතුවා ය.එසේ සිතන අතරතුර ඇය රොෂේන්ට නව අදහස් ගෙනාවා ය.

“ඉතිං අපිට බැරිද කියන්න තුරුලි ආවේ කැමැත්තෙන් කියල..”

“සීසීටීවි තියනවලු ඇන්ටි.එයාලා ඉදිරිපත් කරන්නෙ ඒක.තුරුලිව අරන් යනවා ළඟ ගෙදරක සීසීටීවි වල තියනව.”

තත්වයේ භයානකකම සියල්ලටම පුතු මෙහෙය වූ අම්මාට දැනුණේ ඒ මොහොතේ ය.ඇය වේගයෙන් ගැහෙන පපුව අල්ලා ගත්තා ය.

“මට මේ හැම දේම එපා වෙලා මියුරු.කාලයක් ආදරේ කරපු මිනිහෙක් කොහොමද එච්චර ලොකු රැවටිල්ලක් කරන්නේ.වෙන ඕන එකක් කමක් නෑ.හොර මැරේජ් එකක්..වින්ඩි ඒක කීවම මාව ගැහෙන්න ගත්තා”

රනුකගේ නිවස ඉදිරිපිට වෙල් යායට දෑස් යොමාගෙන තුරුලි මියුරුට පැවසී ය.මුහුදෙන් එහා සිට ඔහු සුසුමකින් හද පිරිමදින හඬ ඇයට ඒ සමඟම ඇසිණ.

“ඇත්ත මැරේජ් එකක් උනානං කෙල්ල උයා පිහාගෙන දාස බාරි වෙලා ඉන්නවද ඒ කියන්නෙ?”

ඔහු විහිලුවක් කර හිනැහුණේ ඈ සැහැල්ලු කරන්නට ය.

“ඩිවෝස් නඩුවක් මට උහුලන්න පුලුවං මියුරු..ඒත් මෙහෙම කිඩ් නැප් කරලා කසාද සහතික හොරට හදන්න.මම මොනතරම් මායාවකද ඉඳලා තියෙන්නෙ.මිනිස්සුන්ට තමන්ගෙ ළඟම අය කොච්චර කැත විදියට රවට්ටන්න පුලුවන්ද?”

ඇය පවසන්නේ වේදනාවෙනි.ඈ සනසන අන්දම සිතමින් මියුරු කල්පනාවට වැටුණේ ය.සැබෑවටම ඔහුට තිබූ වේදනාව තුරුලිට අනවශ්‍ය දික්කසාද නඩුවක් පැටලවී දැයි යන්න ය.නමුත් ඈ සිටින්නේ රැවටීම සම්බන්ධ වේදනාවකිනි.

“ජීවිතෙ මොනතරම් රැවටිල්ලක්ද හිතෙනව මියුරු.මට ඇත්තටම මහ අප්පිරියයි..”

තුරුලි ඉකිබිඳ හඬන්නට පටන් ගත්තා ය.වහා ලංකාවට දිව විත් ඈ වැළඳ ගන්නට මියුරුට ඕනෑ විය.මේ ඈ ළඟ රැඳිය යුතුම මොහොත නොවේදැයි ඔහු සිතුවේ වේදනාවෙනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles