වදෙන් පොරෙන් කාමරයට් ගෙන ආ මන්දාරම් සයනයට ඇද දැමූ චානක ඔහුගේ පාවහන් ගලවා දැමුවේය. කමිසය සහ බැනියමද බලෙන්ම ගලවා දුවේය. කලිසමද ගලවා දැමුවේය.
" එපා .. හු &* .. එපා .. නිම්නාවී ඒවි ... චික් .. ඒකි ලැජ්ජයි යකෝ ..."
මන්දාරම් එහෙම කියමින්ද කෑ ගැසුවේය. ඒ අතරවාරයේ එහෙම බළලෙකුද මල්ලෙන් එළියට ...
“එහෙනම් ආයෙම කාටවත් එහෙම කියන්න ඉඩ දෙන්න එපා. මං කැමති නෑ කවුරුවත් ඔයාට මෙච්චර ලං වෙනවට”
ඒ වචන අස්සේ හැංගී තිබුණේ අයිතිකරගන්නා හැඟීමක සේයාවක්ද කියා නොහිත ඉන්නට ශාර්වරීට පුලුවන් උනේ නැත. කෙනෙක් තව කෙනෙක්ට “මං කැමති නෑ කවුරුවත් ඔයාට මෙච්චර ලං වෙනවට” කියා කියන්නේ තමන්ගෙන් ඒ අඩුව පිරිමසන්න තමන් බලාපොරොත්තු...
මන්දාරම් යන විටත් ජිනේන්ද්‍ර පැමිණ උන්නේය. එහි තිබූ කාර්යබහුලකම නිසා දෙදෙනාම යළි නිදහස් ඉඩක් සොයාගන්නට තවත් වෙලාව ගත්තෝය. දෙදෙනාම උන්නේ එකිනෙකා කෙරෙහි කුතුහලයෙනි. දෙදෙනා එකිනෙකාව එතරම්ම අවබෝධයකින් නොදන්නවා වුවද, යම් හුරුවකින් දෙදෙන එකිනෙකා කෙරෙහි විශ්වාසය තබමින් උන්හ.
මන්දාරම් විමසීමකින් තොරවම දෙදෙනාට කෙටි ආහාර සහ පානයන් ඇණවුම් කලේය. දෙදෙනාම එකිනෙකා කෙරෙන්...
අමාගී සිය උරයෙහි ආයු නිදිගන්වමින් සිටියා ය. උර මඬල මත කම්මුලක් සතපාන, දෑතින් ඇගේ ගෙල බදාගෙන නිදන්නට ඔහු ආස ය. ඒ සඳහා ඇය මෘදු සක්මනෙහි යෙදිය යුතු වේ. ගීයක් හෙමිහිට උගුරෙන් මිමිණිය යුතු ද වෙයි. එතකොට ආයු හෙමි හෙමිහිට සුරංගනා ලොවකට යයි. එහෙම මොහොතකට අමාගී ද ආස ය. ආයු...
මන්දාරම් එන තුරු සෑහෙන වෙලා බලා උන් නිම්නාවී ස්වර්ණාට සමුදී නිවසට යන්නට පිටත් වූවාය.මන්දාරම් නිවෙසට එනවා වෙනුවට මත්පැන් පානය කිරීම සඳහා වෙන් කර ඇති අවන්හලක මේසයක් වෙන් කරවා ගත්තේය. ජංගම දුරකතනයද විසන්ධි කර දැමූ ඔහු කලකට පසු හිත තම පාලනයෙන් මිදී යන්නට දුන්නේය. අම්මා හැරෙන්නට ජීවිතයේ අන් බැඳීමකට ඉඩ...
එදා රෑ නින්ද අහිමිවුනේ ශාර්වරීට විතරක් නොවේ. වීදුරුවට හලාගත්ත වොඩ්කා, ස්ප්‍රයිට් එක්ක තනුක කර බොන ගමන් නින්ද අහිමි කරගත්ත නෙවින් කරෙත් අපාට්මන්ට් එකේ බැල්කනියට පිවිසෙන්නට තියෙන වීදුරුව හැර එතන ලී පුටුවේ වාඩි වී අන්ධකාර අහසත්, විදුලි එළියෙන් දිදුලන කොළඹ නගරයත් දිහා බලාගෙන කල්පනා කරමින් උන්නු එකය.
ඒ කල්පනා මාලාවන් එල්ල...
මන්දාරම් සෑහෙන තරමේ තොරතුරු පවසා ජිනේන්ද්‍රගේ විශ්වාසය දිනා ගනිමින් උන්නේය. ඔහුට අන් විකල්පයක් වූයේ නැත. මෙවෙලෙහි කල යුත්තේ මෙයමද හරි හැටි නොදැනීම වුව මන්දාරම් ඒ තීරණය ගෙන උන්නේය.
" අම්මාගේ ෆොටෝ එකක් තියෙනවා නම් අපේ තාත්තාගෙන් අහමු බං පෙන්නලා .. එයාලාගේ වට්සැප් ගෲප් එකක් තියෙනවා ලේන් එකේ ඉන්න සෙට් එකගේ.....
ආර්ය ගේ මෝටර් රථය නැවතුණේ මල්වත්තගේ නිවසත් මහානාම නිවසත් වෙන් කරනා පොදු තාප්යෙන් වෙන් වෙන ගේට්ටු දෙක ඉදිරියෙහි ය. ඒ වෙලාවේ ශාක්‍ය මිදුලෙහි සක්මන් කරමින් සිටියේ ය. නිධී ආයු බලන්නට ඕනේ කියමින් ගේ ඉදිරියට විත් කලබලයක් කරන බව දැනුම් දී අම්මා මණී ගෙන් දුරකතන ඇමතුමක් ලැබුණු ගමන්, ශාක්‍ය ගෙදර...
ශාර්වරී එදා වැඩ ඇරී ගෙදර ගියේත් එක්තරා විදියක මානසික වියවුලක පැටලීය. එදා දහවලේ ඒ අපාට්මන්ට් එකට ආ ඕඩර් එක ගෙනිහින් දෙද්දි මෙහෙම දෙයක් හීනෙකින්වත් වෙයි කියා නොහිතුව එකේ මේ වෙච්ච දේ ශාර්වරීට ටිකක් විතර දරාගන්න අපහසු වෙච්ච හැඟීමකි.
“ඒ මනුස්සයා මට බැන්න නං ඉවරයි. මං වැටෙන්න ගිය වෙලාවෙ කන්න වගේ...
සති දෙකක් ගෙවී ගියේය. නිම්නාවී මන්දාරම්ගේ පොත් කාමරයට රිංගාගෙන පොත් කියවන්නට පුරුදුව උන්නාය. මන්දාරම්ටද ඒ බව දැනෙන්නට සාක්ෂි ඇය නොදැනුවත්වම ඉතිරි වූවත් මන්දාරම් ඒ වගක් ඇයට දැනෙන්නට හැරියේ නැත. ඒ තියා ඇය නිසා පිබිඳුණු නහර වැල් යළි අකුලා අඩපණ කර දමන්නටද ඔහු වහා උත්සුක විය. නිම්නාවී සමඟ වන කතා...