ආණමඩුව පරමාකන්ද ගමේ පාසල් යන වයසේ පුංචි දරුවෙක්ගේ අපචාරයක් සම්බන්ධ ප්‍රශ්නයක් ගැන කතාකරන්නට සමුධ්‍යා පරණවිතාන කියා ගුරුවරියක් කතා කරන බව ශාරධා කෝල් කර දැනුම් දුන්නු වෙලාවේ හිත කොච්චර තිගැස්සුණත් අරුණ ඒ ගැන වගක්වත් නැති අයුරින්ම ශාරධාගේ පණිවිඩය භාරගත්තේය.
අරුණට පරමාකන්ද ගම එක්ක තිබෙන්නේ උපන්දා සිට ඇතිඋන බැඳීමකි. ඒ බැඳීම ශාරීරිකව...
රෝහල් කාමරය ඇතුලේ සත්සරාට ඇහුනේ වහලයේ එල්ලා තිබූ පංකාවෙන් ඇගෙඅ හුලං කපාගෙන යන හඬ පමණකි. ඈතින් මිනිසුන් කියන විවිධාකාර දේ එකට එක්වී එක ඝෝසාවක් සේ ඇහුනද ඒ හඬ පරයා කාමරයේ ඇතුලේ පිරී තිබුණේ පංකාවෙන් ආ නාදයයි. සත්සරා වාඩි වී උන්නේ කාමරයේ පනවා තිබූ ඇඳ උඩය. ආච්චි අම්මාත්, සමුධ්‍යා ටීචත්...
“දූ හිතනවද දූ ඔය හැප්පෙන්න හදන කලු ගලේ ඔලුව වැදිලා තුවාල වෙන එකක් නෑ කියලා. අමතක කරන්න එපා පුතේ ඔයා කරන්න යන දේ මොන තරම් හොඳ දෙයක් උනත් පුතේ සමහර වෙලාවට සමහර දේවල් අපිට කරන්න බෑ. ඔය සත්සරා කියන්නෙ තාත්තා කවුද කියල නොදන්න, අම්මගෙ ආදරයක් රැකවරණයක් නොලැබිච්ච දරුවෙල්. ඒකෙන්ම...
සත්සරා හඬාගෙන තමා වෙතට දුවගෙන එද්දී සමුධ්‍යා උන්නේ බුදුන් වඳින්නට මල් නෙලන ගමන් ගුරු නිවාසයේ මිදුලේය. ඒ වෙද්දිත් වට්ටිය පිරෙන්නට ඉද්ද පිච්ච මල් තිබුණ නිසාවෙන් සමුධ්‍යා උන්නේ ආපසු හැරි ගේ දෙසට යන ගමනකය. ඒ ගමන නතර උනේ කොහේ දෝ සිට හඬාගෙනම දුවගෙන ආ සත්සරා ඇඟේ හැප්පිච්ච එකෙන් ය. ඒ...
ආයේ කිසිම හේතුවක් උඩ මන්ත්‍රී බංගලාවට නොයමියි හිතා උන්නද ආච්චි අම්මාගේ දුබල ආයාචනයත්, දුප්පත්කමත් සත්සරාට එවන් දෙයකට ඉඩක් සලසා තිබුනේ නැත.
“ළමයො ඔය බත් ටික කාලා ඉක්මනට මාත් එක්ක මන්ත්‍රී බංගලාවට ගිහින් එන්න යන්” කියා ආච්චි කියද්දිත් සත්සරා උන්නේ ඒ ගමන තවත් දිග්ගස්සාගනු පිණිස බත් ඇටෙන් ඇටේ මුවට දාගන්න ගමන්...
“මං මේ ඔයා යනවා දැකලා ආවෙ” කියාගෙන ලක්ශිත ෆුල් ෆේස් හෙල්මට් එක ගලවමින් නුපුරුදු හිතමිතුරු ලීලාවකින් කියද්දි උනත් සමුධ්‍යා උන්නේ හිත අස්සෙන් ගැහෙමිනි. ලක්ශිතගේ කටහඬේ තැවරී තිබුණ නුපුරුදු සුපුරුදු බව සමුධ්‍යාව වඩා බියටපත් කරන්නට හේතු වුණාය.
සමුධ්‍යා උන්නේ ඇත්තටම දෙන්නට ඕන උත්තරේ කුමක්ද කියා සිතාගන්න බැරුවය. ඒ නිසාම ඇගේ මුවෙන්...
සමුධ්‍යා මද සිනාවක් සමගම අවසරයක් අරගෙන ගෙට ගියේ දහදියෙන් පෙඟුණු ඇඳුම් පැළඳුම් මාරු කරගැනීමේ අවශ්‍යතාවයක් පවසා වුවද එහි ඇත්තටම තිබුණේ ඒ රශ්මියක් විහිදුණ දෙනෙත් බැල්මෙන් මිදීම බව දැන උන්නේ සමුධ්‍යාම පමණකි.ඒ වනාහි සද්ධානන්ද මහත්තයා විසින් හොඳින් දන්න පවුලක් වුණත් තමන් ඔවුන්ව නොදන්නා එක එයට හේතු වන්නට හැකි බව හිතා...
“දැන් ඔය කියන විදියට ඔය ලක්ෂිත කියන මනුස්සය මෙදා පාර ගෙදර ඇවිල්ලා ඉන්නෙ ආයෙ කාලෙකට කොහෙවත් යන්න බලාගෙන නෙවෙයිනම් ඔය කියන ගෑණූ ළමයට ඔයිටත් වඩා අනතුරක් වෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා නේද?” කියා දම්මි අහද්දිත් සමුධ්‍යා හිස වැනුවේ ඔව් කියන්නට මෙනි.
“මං මේ හදිසියෙම ගෙදර ආවෙත් දම්මි ඇත්තටම ඔයාව හම්බුවෙලා...
එදා රෑ සමුධ්‍යාට නින්ද ගියේ නැත. කරන්න ඕන මොනවගේ දෙයක්ද කියා හිතාගන්න බැරිම තැන අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳව ඉගෙන ගනිද්දී මිතුරු වන්නට ඉඩ ලැබුණ දැනටත් පුහුණු මනෝ උපදේශිකාවක ලෙස කටයුතු කරන දම්සාරා ට සමුධ්‍යා කතා කරේ ඇත්තටම මේ කතාවට තමන් දිය යුත්තේ කුමනාකාරයේ උත්තරයක්ද කියා හිතාගන්න බැරුවය.
“මගෙ ඔලුව පිස්සු වැටුණා...
“අනේ එපා, අනේ එපා. ම්ම්ම්ම්, අනේ…..හ්ම්ම්ම්ම්. අම්ම්ම්ම්ම්. අනේ අම්මේ. අනේ එපාආආආ” කියාගෙන සත්සරා නින්දෙන්ම මේ අඬන්නේ සෑහෙන කාලකයට පස්සෙ බව ගුණවතීට මතක් උනේ රෑ නින්ද මැද්දේ එකපාර සත්සරා අඬන හඬට ඇහැරුණාමය. මීට මාස බොහෝ ගණනකට පෙර සත්සරා මේ විදියට දවස් කීපයක්ම හීනෙන් බයවෙච්ච බවත්, කවුරුන් හෝ වළක්වමින් හඬා වැලපුන...