අරන්දර ගෲප්ස් හී වැඩිමල් දියණිය පැහැරගැනීමකට ලක්ව ඇති පුවත අයියා මට පෙන්වනවිට මා කොහොමටත් උන්නේ කම්පනයෙනි. ඒ මහේලට පණිවිඩයක් දෙන්නට මා දැරූ උත්සාහය සිතා ගන්නට හෝ නොහැකි ලෙසින් ව්‍යර්ථව ගිය නිසාය.
" ඒ මිනිහා නරක එකෙක් නෙවෙයි අසේකා.. තමුසේට ආදරේ නිසයි මේ සෙල්ලම කරන්නේ ... ඔක්කොම තීරණ තමුසෙගේ අතේ තියෙන්නෙ...
මට කිසිවෙකු ගේ වාරුවක් වූයේ නැත. මම එලෙසම බිම හිඳගත්තෙමි. නැන්දා මට අන්දවා තිබු සැහැල්ලු ටී ශර්ටය ගතෙන් ගලවා දමන්නට උත්සාහ කලෙමි
" නිර්මලි දෙයියනේ මේ දරුවා…"
තාත්තා නැත පණ්ඩිතරත්න මහතා එලෙස පවසනු මට ඇසුණි. මම වේගවත් හුස්ම ගත්තෙමි. කිසිවෙකු හුස්ම තද කරමින් මා තුළට පිවිසෙන වගක් මට දැනුණි
" අසේකා…....
ඉන් පසු යලි ඇඳ වියල අල්ලගත්තෙමි. ඉස අතිශය පලමු වතාවට බීමත් වූවෙකු සෙයින් බමන්නේය. එහෙත් එවැන්නක් නොපෙන්වා ඉන්නට උත්සාහ කලෙමි. මට මාව පාලනය නැත. එහෙත් එය ද නොපෙන්වූයෙමි. විනාඩි කිහිපයකට පසු කෙලින් වූයෙමි. ඒ මහේල අරන්දර ගේ සහයෙනි. ඔහු රිදෙන්නට මගේ බාහුවක් අල්ලා උන්නේය.
" අසේකා…!!!"
මහේල අරන්දර ගිගිරුවේය
"සර්… මහේල සර්?"
මම...
මහේල අරන්දරගෙන් මට එක් ඇමතුමක් එද්දිම මම ජංගම දුරකතනය විසන්ධි කලෙමි. එවිට මට හැඬිනි. ඒ විසන්ධි කලේ ජංගම දුරකතනය පමණක් නොවන වග මම දනිමි. මහේල අරන්දර හා එක්ව ගෙවන්නට හීන බැලූ ජීවිතය ද විසන්ධි ද ගියේය.
ත්‍රීරෝද රථ රියැදුරා අතර මඟ ත්‍රීරෝද රිය නැවතුවේය. ඔහු කඩයක් තුලට ගියේ මට කිසිත්...
~ ~~ වර්තමානය ~ ~ ~
අපේ මුණ ගැසීමෙන් සතිය ඉක්මව යන විට මම අතිශය සැහැල්ලුවෙන්ද, මහේල ඉතා බරසාර ආතතියකින්ද පෙලෙමින් උන්හ. මහේලට මා වෙනුවෙන් වෙනම ඉඩ අවැසි විය.. අපේ ChOcO ManiA වෙනුවෙන් ඔහු තවත් වෙහෙසෙමින් උන්නේය.
ඉතින්, දැන් ඔබ මගෙන් විමසන්නට යන්නේ කුමක්දැයි මම දනිමි. මෙතෙක් කල් අසේකා පණ්ඩිතරත්න ට...
අයියාගේ තර්ජන කෙටි පණිවිඩ නිසා මහේල මා සමඟ රැඳෙන කාලය වැඩි විය. වැඩි වෙනවායැයි කීමටත් වඩා ගැලපෙන්නේ මහේල මුලු දවසම මා පේන මානයේ තබා ගැනීමට උත්සාහ කලාය යන්නය.
මහේල නිවසේ නොසිට මා සමඟ රැඳීම පිළිබඳව මහේලගේ අම්මා කිහිප වරක්ම මහේලට පවසා ඇති බව මම මහේලගෙන් දැනගත්තෙමි.
" අම්මා කියන්නේ වෙන මොකක්වත්...
~ ~ ~ අතීතයට ~ ~ ~
අයියාට ඇප ලැබුණාට පසු පලමු තර්ජනය මට ලැබුණි. මම වහාම ඒ පණිවිඩය මහේලගේ වට්සැප් ගිණුමට යැව්වෙමි. සැනින් ඇමතුමක් ලැබුණි.
" කොයි වෙලේද ඔය ?"
" හවස එවලා තියෙන්නේ ... මම දැන් දැක්කේ...."
" ඒකනේ අසේකා කියන්නේ... ඩේටා ඔන් එකේ තියාගෙන ඉන්නෙපැයි.. මම එන්නම් දැන්..."
මහේල කලබලව උන්නේය....
මහේල ප්‍රශ්න නොකර, ඔහු හා එක්ව ගමන් කිරීම වෙනුවෙන් මම සූදානම් වූයෙමි. රැයේ තාත්තා ට ඇමතුමක් ගත්තෙමි. නිර්මලී නැන්දා ද මා හා කතා කලාය.
ඔවුන් දෙදෙනාම වෙනදා නොවූ උද්‍යෝගයක් දරමින් උන් හ.
" මොකද ඔය දෙන්නා ඔච්චර සතුටින් ?"
මම ඇසුවේ වීඩියෝ ඇමතුම අවසන් කරන්නට පෙරය.
" කෝටිපතිය බෑනෙක් ලැබුනම සතුටූ නොවී කොහොමද...
අප ව්‍යාපෘතිය පිළිබඳව යම් දෑ සාකච්ඡා කලෙමු. මහේල සවස පිටතට ගියේය. ඉන් පසුව යලි සාකච්ඡා වටයක් විය. එනිසාම රැය කෙටි විය.
පසුදින මහේල මා කැටුව අප මුලින් හමුවූ හෝටලයට ගියේය. පිළිගැනීමේ කවුන්ටරයේ උන් තරුණිය මුල් හමුවට වඩා වැඩි ලෙංගතු සිනහවක් මා වෙත පෑවාය. මම පෙරළා ඇයට සිනාසුනෙමි. ඒ සිනහවන් තුල...
~ ~ ~ වර්තමානය ~ ~ ~
පසුදින මා ඇහැරුණේ මහේල අරන්දර කිසිවෙකු හා කෝපයෙන් කියවාගන්නා හඬකිනි. මම යහනේම හිඳගෙන අසා උන්නෙමි. එහෙත් මට පැහැදිලිව වටහා ගන්නට ඉඩ ලැබුනේ නැත. එනිසා මම එය අසා සිටීම නවතා දාමුවෙමි. අනුන්ගේ කතාවකට සවන් දීමෙන් කොහොමටත් ලැබෙන්නේ අතිරේක මානසික වදයක්ම පමණි.
ඇමතුම අවසන් කර මහේල...